ගරු සුනිල් වටගල | |
|---|---|
| Sunil Watagala | |
| මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | ආනන්ද විජේපාල |
| පූර්වප්‍රාප්තිකයා | නලින් බණ්ඩාර ජයමහ |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 125,700 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 දෙසැම්බර් 1967 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | නීතිඥ |
| |
සුනිල් වටගල (ඉංග්‍රීසි: Sunil Watagala; උපත 16 දෙසැම්බර් 1967), යනු ශ්‍රී ලාංකික දෙමළ ගත්තර කුලයේ වන අතර වන අතර වත්මන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
සුනිල් වටගල 1967 දෙසැම්බර් 16 දින උපත ලැබීය. ඔහු ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ලබා ගත්තේය.
පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව නීතිවේදී උපාධිය (LL.B.) 1994 දී ලබා ගත්තේය.
එමෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු 1996 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබීය.
නීති වෘත්තිය
වටගල ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සිටියේය.
ඔහු මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු ඇතුළු නීතිමය කරුණු කිහිපයකදී නීතිමය නියෝජනය ලබා දී මූලික අයිතිවාසිකම් සඳහා ප්‍රසිද්ධියට පත් වූ නීතිඥයෙකු ලෙස සැලකේ.
දේශපාලන ජීවිතය
වටගලගේ දේශපාලන කටයුතු 1983 දී ජනතා විමුක්ති පෙරමුණ (JVP) සමඟ සම්බන්ධ වීමෙන් ආරම්භ විය. ඔහු 1994 මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස තරඟ කළේය.
ඉන්පසු ඔහු කොළඹ මහ නගර සභාව සහ බස්නාහිර පළාත් සභාව තුළ දේශපාලන නියෝජනයක් ලබා ගත් අතර වැඩි වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත විය.
2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
එමෙන්ම ඔහුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.
2025 දී ඔහු සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අපහාස නඩුවක් ගොනු කර රුපියල් බිලියන 10 ක වන්දියක් ඉල්ලා තිබුණි.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 125,700 | තේරීපත් වෙයි | ||
- "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- "ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
- "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- "Hon. Sunil Watagala, Attorney at Law, M.P." Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- "Minister Watagala files Rs. 10 billion defamation case against SLPP activist". Newswire. 24 දෙසැම්බර් 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2024.
- 2024 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු