සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එරංග ගුණසේකර (Eranga Gunasekara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය ක

එරංග ගුණසේකර

  • මුල් පිටුව
  • එරංග ගුණසේකර

එරංග ගුණසේකර (Eranga Gunasekara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

ගරු
එරංග ගුණසේකර
පා.ම.
Eranga Gunasekara
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාසුනිල් කුමාර ගමගේ
පූර්වප්‍රාප්තිකයාසාගල රත්නායක
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය85,180
පුද්ගලික තොරතුරු
උපත9 සැප්තැම්බර් 1978 (1978-09-09) (වයස 47)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

පටුන

ආරම්භක ජීවිතය සහ අධ්‍යාපනය

එරංග ගුණසේකර 1978 සැප්තැම්බර් 7 දින උපත ලබා ඇත.

ඔහු 1996 දී සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගය සමත් වී ඇති අතර 1999 දී විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාල Engineering Craft Practice පාඨමාලාව සඳහා ජාතික සහතිකයක් ලබාගෙන ඇත.

දේශපාලන ජීවිතය

එරංග ගුණසේකර 2024 දී පැවති මහ මැතිවරණයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2024 නොවැම්බර් 21 දින නව රජය යටතේ ඔහු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

2025 ජූනි 3 දින දසවන පාර්ලිමේන්තුවේ “යෞවන කටයුතු සඳහා පාර්ලිමේන්තු සභා කණ්ඩායම” (Parliamentary Caucus for Youth) පිහිටුවීමේදී එහි සභාපතිවරයා ලෙසද ඔහු තේරී පත් විය.

2025 ඔක්තෝබර් මාසයේදී සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ ඔහු නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ප්‍රසිද්ධ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්

එරංග ගුණසේකර විසින් ආර්ථික සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ රැසක් සිදු කර ඇත. කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය ඉන්දියානු සමාගමකට බදු දීම සම්බන්ධයෙන් ජනතාවට අසාධාරණයක් සිදු නොවන බවත් එම ගනුදෙනුව පාරදර්ශී ලෙස සිදු කරන බවත් ඔහු සඳහන් කර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ඇසෙම්බ්ලි භාෂාව

  • අප්‍රේල් 05, 2026

    පිරනීස් කඳුවැටිය

  • අප්‍රේල් 01, 2026

    සත්තු

  • අප්‍රේල් 14, 2026

    ආදම්ගේ පාලම

  • අප්‍රේල් 15, 2026

    අප්‍රිකාආසියාතික භාෂා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට