සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රංවල ආරච්චිගේ අශෝක සපුමල් රංවල (ඉංග්‍රීසි: Ashoka Ranwala), හෙවත් අශෝක රංවල, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2024 නොවැම්බර් 21 සිට 2024 දෙසැම්බර් 13 දක්වා 22

අශෝක රන්වල

  • මුල් පිටුව
  • අශෝක රන්වල

රංවල ආරච්චිගේ අශෝක සපුමල් රංවල (ඉංග්‍රීසි: Ashoka Ranwala), හෙවත් අශෝක රංවල, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2024 නොවැම්බර් 21 සිට 2024 දෙසැම්බර් 13 දක්වා 22 වැනි කථානායකවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් කථානායක ධුරයට පත්වීමට දින 22කට පසු ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ දැරූ පුද්ගලයා ඔහු වෙයි. ඔහු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
අශෝක රන්වල
පා.ම.
Ashoka Ranwala
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 22 වන කථානායකවරයා
තනතුර දරමින්
21 නොවැම්බර් 2024 – 13 දෙසැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍යරිස්වි සාලි
පූර්වප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
අනුප්‍රාප්තිකයාජගත් වික්‍රමරත්න
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය109,332
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියරසායන ඉංජිනේරු

පටුන

දේශපාලන ජීවිතය

අශෝක රන්වල ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලනඥයෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස ද පත් වූ අතර එම ධුරය රටේ තුන්වන උසස් රාජ්‍ය තනතුරක් ලෙස සැලකේ.

2024 දෙසැම්බර් මාසයේදී ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ විවාදයක් හේතුවෙන් ඔහු කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහුට ජපානයේ වාසෙදා විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ පර්යේෂණ ආයතනයකින් ලබාගත් බව කියන ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ද මෙම විවාදය උද්ගත විය.

විවාද සහ සිදුවීම්

2025 දෙසැම්බර් 11 දින සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුවූ රථ අනතුරක් සම්බන්ධයෙන් අශෝක රන්වලගේ නම පුවත්මාධ්‍යවල වාර්තා විය.

ශ්‍රී ලංකා පොලිසියට අනුව ඔහු පදවාගෙන ගිය ජීප් රථයක් මෝටර්සයිකලයක් හා අනතුරුව වෙනත් රථයක් සමඟ ගැටීමෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදු වූ අතර එම සිද්ධිය පිළිබඳව පසුව විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිය බවද වාර්තා විය.

එම අනතුරෙන් පසු මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝග කර ඇති බව ද පසුව වාර්තා විය.

පෞද්ගලික ජීවිතය

අශෝක රන්වලගේ භාර්යාව වනුයේ වෛද්‍යවරියක් වන ඉන්ද්‍රානි රන්වල ය.

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","109,332 තේරීපත් වෙයි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    Computer engineering

  • අප්‍රේල් 05, 2026

    ශිව ආගම

  • අප්‍රේල් 07, 2026

    නව ගිවිසුම

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීසියේ ඉතිහාසය

  • අප්‍රේල් 06, 2026

    මොණරාගල දිස්ත්‍රික්කය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට