සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පිලිගත් දේශපාලන පක්ෂයකි. එය 2024 වර්ෂයේ කරන ලදි. එම අවස්ථාවේ පක්ෂ කිහිපයක් එයට සහය දුන් අතර එම පක්ෂ අතර ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය, මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රි සංසදය වේ.
සර්වජන බලය | |
|---|---|
![]() | |
| නායකයා | දිලිත් ජයවීර |
| ජ්‍යෙෂ්ඨ නායක | හේමකුමාර නානායක්කාර |
| නියෝජ්‍ය නායක | එස්.එම්. චන්ද්‍රසේන |
| සභාපති | රොෂාන් රණසිංහ |
| ආරම්භය | 11 ඔක්තෝබර් 2023 |
| මූලස්ථානය | අංක 11, උද්‍යාන පාර, කොළඹ 08. |
| මතවාදය | ව්‍යවසායකත්වය සිංහල බෞද්ධ ජාතිකවාදය සමාජවාදය[තහවුරු කර නොමැත] |
| ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 1 / 225 |
| පළාත් පාලන සභිකයන් | 226 / 8,793 |
| මැතිවරණ ලාංඡනය | |
![]() | |
| වෙබ් අඩවිය | |
| sarvajanabalaya.com | |
| |
මැතිවරණ ඉතිහාසය
දිලිත් ජයවීර කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කිරීම
2024 අගෝස්තු 4 වන දින, දිලිත් ජයවීර 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජයවීර "තරුව" සංකේතය යටතේ තරඟ කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළේය. පළමු වටයේදී ඡන්ද 122,396ක් ලබා ගනිමින් ජයවීර හයවන ස්ථානයට පත්විය.
| වසර | අපේක්ෂකයා | ඡන්ද | % | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2024 | දිලිත් ජයවීර | 122,396 | 0.92% | පරාජය |
සර්වජන බලය ලෙස පළමු මැතිවරණය
සර්වජන බලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ නමුත්, එක ආසනයක්වත් ලබා ගැනීමට අපොහොසත් වූ අතර ජාතික ලැයිස්තු ආසනයක් පමණක් දිනා ගත්තේය. සර්වජන බලය දිලිත් ජයවීර එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කළේය.
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– | ආණ්ඩු බලය |
|---|---|---|---|---|---|
| 2024 | 178,006 | 1.60% | 1 / 225 | නව | විපක්ෂය |
2025 පළාත් පාලන ඡන්ද විමසීම
2025 පළාත් පාලන ඡන්ද විමසීම
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– |
|---|---|---|---|---|
| 2025 | 294,681 | 2.83% | 226 / 8,793 |
