සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ

නලින්ද ජයතිස්ස

  • මුල් පිටුව
  • නලින්ද ජයතිස්ස

නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
නලින්ද ජයතිස්ස
පා.ම
Nalinda Jayatissa
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාප්‍රසන්න රණතුංග
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020
පුද්ගලික තොරතුරු
උපත21 අප්‍රේල් 1977 (1977-04-21) (වයස 49)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියවෛද්‍ය වෘත්තික

මුල් ජීවිතය හා අධ්‍යාපනය

නලින්ද වජිරමාල් ජයතිස්ස 1977 අප්‍රේල් 21 දින උපත ලැබීය. ඔහු මාතුගම පිහිටි සී. ඩබ්. ඩබ්. කන්නංගර මහ විද්‍යාලයේ (C. W. W. Kannangara MMV) අධ්‍යාපනය ලබාගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලබාගත්තේය.

ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

දේශපාලන ජීවිතය

ජයතිස්ස ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ දේශපාලනඥයෙකුවේ.

2024 දී පිහිටුවන ලද නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කරන ලදී.

විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ඖෂධ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ඖෂධ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව  පද්ධති සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පියවර ගන්නා බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

2025 මැයි 8 දින ඔහු ශ්‍රී ලංකා–ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

එමෙන්ම 2025 ජූනි මාසයේදී ඔහු ශ්‍රී ලංකා–නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසද තේරී පත් විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    ජුදා ආගම

  • අප්‍රේල් 23, 2026

    සමනල සංධ්වනිය

  • මැයි 26, 2026

    වෙලිංටන්, නවසීලන්තය

  • අප්‍රේල් 24, 2026

    ජයලත් මනෝරත්න

  • අප්‍රේල් 09, 2026

    Gotabaya Rajapaksa

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට