නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ගරු නලින්ද ජයතිස්ස | |
|---|---|
| Nalinda Jayatissa | |
| සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | ප්‍රසන්න රණතුංග |
| කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 21 අප්‍රේල් 1977 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| උගත් ශාස්ත්‍රාලය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වෛද්‍ය වෘත්තික |
මුල් ජීවිතය හා අධ්‍යාපනය
නලින්ද වජිරමාල් ජයතිස්ස 1977 අප්‍රේල් 21 දින උපත ලැබීය. ඔහු මාතුගම පිහිටි සී. ඩබ්. ඩබ්. කන්නංගර මහ විද්‍යාලයේ (C. W. W. Kannangara MMV) අධ්‍යාපනය ලබාගත්තේය.
ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලබාගත්තේය.
ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
දේශපාලන ජීවිතය
ජයතිස්ස ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ දේශපාලනඥයෙකුවේ.
2024 දී පිහිටුවන ලද නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කරන ලදී.
විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ඖෂධ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ඖෂධ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව පද්ධති සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පියවර ගන්නා බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
2025 මැයි 8 දින ඔහු ශ්‍රී ලංකා–ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
එමෙන්ම 2025 ජූනි මාසයේදී ඔහු ශ්‍රී ලංකා–නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසද තේරී පත් විය.