ගරු චතුරංග අබේසිංහ | |
|---|---|
| Chathuranga Abeysinghe | |
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | සුනිල් හඳුන්නෙත්ති |
| පූර්වප්‍රාප්තිකයා | බුද්ධික පතිරණ |
| කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 127,166 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 22 නොවැම්බර් 1983 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ව්‍යාපාර කළමණාකරණ උපදේශක |
| |
චතුරංග අබේසිංහ (ඉංග්‍රීසි: Chathuranga Abeysinghe; උපත 22 නොවැම්බර් 1983), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයාය. මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 127,166 | තේරීපත් වෙයි | ||
- "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
- "ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.
- "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
ප්‍රවර්ග:
- 2024 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- ශ්‍රී ලාංකිකයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ආදි නාලන්දියයෝ
- ජාතික ජන බලවේගයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
- ජීවමාන ජනයා
- ශ්‍රී ලංකාවේ 17වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු