එඩ්වඩ් ජයකොඩි | |
|---|---|
![]() | |
| උපත | 6 අප්‍රේල් 1952 කෑගල්ල |
| සංගණ්‍ය වන්නේ | සංගීතඥ / සංගීත අධ්‍යක්ශක |
කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී 6 අප්‍රේල් 1952 උපන් එඩ්වඩ් ජයකොඩි, ශ්‍රී ලාංකික සංගීතඥයෙකි. එමෙන්ම සංගීත අධ්‍යක්ශකවරයෙකුද වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට ඇත.
ජීවිතය හා වෘත්තිය
මුල් අවධිය
දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ජයකොඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමොති ජයකොඩි ලෙස කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබා ඇති එඩ්වඩ් ජයකොඩිගේ මාපියන් වන්නේ දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ය.මොවුන් කතෝලික භක්තිකයින්ය. ප්‍රාථමික අධ්‍යාපනය බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන්ද, පසුව කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයෙන්ද ලබා ඇති එඩ්වඩ් ජයකොඩි බණ්ඩාරනායක විද්‍යාලයේදී සංගීතය ඉගෙන ගනිමින් පල්ලියේ ගීතිකා කණ්ඩායමද නියෝජනය කර තිබෙනවා. ශාන්ත මරියා මහා විද්‍යාලයෙදී ඔහුගේ සංගීත ගුරුවරයා වී ඇත්තේ එච්.සමරපාල ගුරු මහතාය.
1980 වකවානුවේ එඩ්වඩ් ජයකොඩි කොළඹ නාලන්දා විද්‍යාලයයේ සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.
- සිංහලයෝ
- 1952 උපත්
- කොළඹ නාලන්දා විද්‍යාලයයීය, පීඨය
- ශ්‍රී ලාංකික සංගීතඥයෝ
- ජීවමාන ජනයා
