සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1944 අප්‍රේල් මස 13 වන දින බ්‍රිතාන්‍ය ලංකාවේ දොඩන්ගොඩ දී උපන් ටී. එම්. ජයරත්න ජනප්‍රිය ගායකයෙකි. 1978, 1979, 1980 සහ 1987 වසරවල දී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මා

ටී.එම්. ජයරත්න

  • මුල් පිටුව
  • ටී.එම්. ජයරත්න

1944 අප්‍රේල් මස 13 වන දින බ්‍රිතාන්‍ය ලංකාවේ දොඩන්ගොඩ දී උපන් ටී. එම්. ජයරත්න ජනප්‍රිය ගායකයෙකි. 1978, 1979, 1980 සහ 1987 වසරවල දී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේ දී රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගත්තේය.

ටී.එම්. ජයරත්න
පසුබිම් තොරතුරු
උපත් නාමයටී.එම්. ජයරත්න
සම්භවයදොඩංගොඩ, බ්‍රිතාන්‍ය ලංකාව
ප්‍රභේදශ්‍රී ලාංකික සංගීතය
වෘත්තියගායක, වයලීන වාදක, සංගීතාචාර්ය
සක්‍රීය වර්ෂ1970 – වර්තමානය

ජීවිතය සහ වෘත්තිය

හැඳින්වීම

දොඩන්ගොඩ දී උපන් ටී. එම්. ජයරත්න තම උසස් අධය්‍යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා මලියදේව විද්‍යාලයෙන් ලැබීය. තම යොවුන් අවධියේ දී ඔහු වයලීන වාදකයෙක් ලෙස පුරුදු පුහුණු විය.

1966 දී ජයරත්න මහතා රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස සේවය කිරීම ඇරැඹී ය. ගුවන් විදුලි සංස්ථාවේ ජන හා පර්යෙෂණ අංශයේ ප්‍රධානියා වන සී.ජේ.එස්. කුලතිලකයෝ ඔහු ගායනයට ඇද දමමින්, සිංහල ජන සංගීතය ඇසුරින් නිමැවුණු ගාන තෙල් සඳුන් ඇතුළු ගේය පද කිහිපයක් තම ආයතනයෙන් විකාශනය වන වැඩසටහනක් සඳහා ගයන්නැ යි ටී.එම්. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටිය හ. ඒ අනුව ඔහු තම ප්‍රථම ගීතය 1970 දී පටිගත කරන ලදී.

ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ඇරැඹූයේ, සුනිල් ආරියරත්න විසින් රචිත, ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කැරුණු ලා හිරු දහසක් ගීය ගැයීමෙනි. හේ 1978 වසරේ දී සිය මුල්ම කැසට් පටය "තරංගා වෙළුම 1" නමින් එළි දැක්වී.

ටී.එම්. ජයරත්න වසර 1980 දී සුනිලා අබේසේකර සමඟ ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිමැවුණු "හංස විලක්" චිත්‍රපටිය සඳහා "හෙමින් සැරේ පියා විදා" ගීය ගැයී. ඩබ්ලියු. ජයසිරි විසින් රචනා කැරුණු, කේමදාසයන් විසින් සංගීතය සැපැයුණු මෙම ගීය ශ්‍රි ලංකවේ ඉතාමත් ජනප්‍රිය ගීයක් විය.

පෞද්ගලික ජීවිතය

මාලිනී ජයරත්න සමඟ විවාහ වූ ටී.එම්.ජයරත්න මහතාට දරුවන් දෙදෙනෙක් සිටිති. ඔහු පුත් ඉසුරු ජයරත්න, තම පියා මෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට බලපොරොත්තුවෙන් සිටී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    අමෙරිකා එක්සත් ජනපදය

  • අප්‍රේල් 05, 2026

    නාම රූප

  • අප්‍රේල් 07, 2026

    උපරිගමන් මංගල්‍යය

  • මාර්තු 31, 2026

    මුදු කරවලා

  • මාර්තු 26, 2026

    ආයුර්වේදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට