සතිෂ් පෙරේරා | |
|---|---|
| උපත | තොටගමගේ සතිෂ් පෙරේරා 29 මැයි 1969 |
| මරණය | 23 අප්‍රේල් 2012 (aged 42) කොළඹ, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | ආනන්ද විද්‍යාලය |
| වෘත්තියs |
|
| වල්ලභ | දිනේෂා පෙරේරා |
| දරුවන් | 1 |
| Parents |
|
| ඥාතීන් | අනුරාධා පෙරේරා (සහෝදරිය) |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | Vocals |
| සක්‍රීය වර්ෂ | 1989–2011 |
| ලේබල |
|
තොටගමගේ සතිෂ් පෙරේරා ( 1969 මැයි 29 - 2012 අප්‍රේල් 23) ශ්‍රී ලාංකික ගායකයෙක්, සංගීඥයෙක් සහ ගීත රචකයෙකි. ඔහු ජනප්‍රිය ගායකයෙකු වූ අභාවප්‍රාප්ත ෂෙල්ටන් පෙරේරාගේ පුත්‍රයා විය.
වෘත්තීය ජීවිතය
ඔහු සංගීත පවුලකින් පැවත ආවත්, 1989 දී ඔහුගේ පියා වයස අවුරුදු 49 දී හදිසියේ මිය යන තෙක් පෙරේරා සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ නැත. ඔහු තම පියාගේ උරුමය මත ගායන වෘත්තිය ආරම්භ කළේය. ඔහු 1991 දී තම පියාගේ වඩාත් ජනප්‍රිය ගීත වන එගොඩහ යන්නෝ සහ අවසන් ලියුමයි හි නැවත මිශ්‍ර අනුවාදයක් නිකුත් කළේය. ගීත දෙකක් සමඟින්, ඔහු ජනප්‍රියත්වයට පත් වූ අතර එළිමහන් සංගීත සංදර්ශනවල පෙනී සිටියේය.
පෙරේරා විසින් පෙම් හසුන් සහ එගොඩහ යන්නෝ යන සංගීත ඇල්බම දෙකක් නිකුත් කරන ලදී. "අවසන් ලියුමයි", "සුන්දරයි ඔබ", "කඩුළු වලින් පෙම් හසුන", "මිහිරතී වසන්ත කාලේ", "කණ්ඩලමේ වැව බලන්න", "ආදරේට හදුවක් තරම්" සහ "මහ මුහුදු විමනේ" වැනි ඔහුගේ පියාගේ සහ ඔහුගේම නිර්මාණ දෙකම ඔහුගේ ජනප්‍රිය ගීතවලට ඇතුළත් වේ.
ඔහුගේ පියා බොහෝ ජනප්‍රිය චිත්‍රපට සඳහා සම්මානලාභී පසුබිම් ගායකයෙකු වුවද, පෙරේරා පසුබිම් ගායනයෙන් සාර්ථක නොවීය. සතිෂ් පෙරේරා, රනිල් මල්ලවආරච්චි සහ ප්‍රියංකර පෙරේරා සමඟ එක්ව ඔවුන්ගේ අභාවප්‍රාප්ත පියවරුන් වන මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි සහ ෂෙල්ටන් පෙරේරා යන අයට උපහාර දැක්වීම සඳහා මිල්ටන්, මිල්ටන් සහ ෂෙල්ටන් යන සංගීත සංදර්ශනයක් පැවැත්වීය.
ගීත ඇල්බම
සන්ෆ්ලවර් සමග සතිෂ් පෙරේරා
| සන්ෆ්ලවර් සමග සතිෂ් පෙරේරා ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | කාලය | |||||||
| 1. | "එගොඩහ යන්නෝ" | 4:31 | |||||||
| 2. | "මී පැණි දී රිදි ගන්න" | 3:36 | |||||||
| 3. | "මිහිරැති වසන්ත කාලේ" | 3:28 | |||||||
| 4. | "අයදින්නේ නෑ" | 3:02 | |||||||
| 5. | "කිකිණි වැල්" | 3:30 | |||||||
| 6. | "අන් හැමට හොරා" | 2:41 | |||||||
| 7. | "නානම් දොරේ" | 2:55 | |||||||
| 8. | "සිහිනයෙන් පවා" | 3:07 | |||||||
| 9. | "අවසන් ලියුමයි" | 4:12 | |||||||
| 10. | "අඹ දඹ නාරන්" | 4:02 | |||||||
| 11. | "ණය වීලා" | 3:10 | |||||||
| 12. | "මා හඩවන්නට" | 3:31 | |||||||
| 13. | "ඔබේ නීල දෑස" | 3:55 | |||||||
| 14. | "සිනා දෑසේ" | 4:04 | |||||||
| 15. | "නිල් දෑස" | 3:10 | |||||||
| 16. | "මහ මුදුනු විමානේ" | 3:16 | |||||||
Total length: | 56:12 | ||||||||
පෙම් හසුන්
| පෙම් හසුන් ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "කණ්ඩලමේ වැව" | කවි කීර්ති හිමි | රොෂාන් ප්‍රනාන්දු | 3:38 | |||||
| 2. | "පෙම් හසුන්" | රොෂාන් ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4:32 | |||||
| 3. | "ගංගාවේ" | රොෂාන් ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4:14 | |||||
| 4. | "සුන්දරයි ඔබ" | අයෝධ්‍ය ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 3:53 | |||||
| 5. | "සුවඳ හාදුවක්" | චාමින්ද රත්නසූරිය | රෝහණ වීරසිංහ | 3:28 | |||||
| 6. | "ගෙවුනු වසන්තෙක" | සත්‍යජිත් ලක්මාල් | සුනෙත් කැළුම් | 3:42 | |||||
| 7. | "පිපාසයට" | අයෝධ්‍ය ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 3:02 | |||||
| 8. | "මලින් බරවී" | රවීන්ද්‍ර ප්රදීනාන්දු | රෝහණ වීරසිංහ | 3:38 | |||||
| 9. | "මොර සූරන" | කවි කීර්ති හිමි | රොෂාන් ප්‍රනාන්දු | 3:50 | |||||
| 10. | "සුවඳ රෝස" | රොෂාන් ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4:09 | |||||
| 11. | "පාට පිරුණු" | ඒ.එස්. අලගියවන්න | රොෂාන් ප්‍රනාන්දු | 3:52 | |||||
| 12. | "ඔය රූ සොබා" | අයෝධ්‍ය ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4:08 | |||||
| 13. | "කරදරයක් නම්" | කවි කීර්ති හිමි | රෝහණ වීරසිංහ | 4:11 | |||||
| 14. | "ආදරේට හාදුවක්" | කවි කීර්ති හිමි | රොෂාන් ප්‍රනාන්දු | 2:39 | |||||
Total length: | 53:03 | ||||||||
- "Sathish Perera passes away". Ada Derana. 23 April 2012. සම්ප්‍රවේශය 22 January 2019.
- "A tribute to Sathish Perera". Lanka Help. 23 April 2012. 22 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 January 2019.
- "Sathish Perera Passes Away". sinhalachord. 23 April 2012. 22 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 January 2019.
- "Singer Satish Perera passes away". onlanka. 23 April 2012. සම්ප්‍රවේශය 22 January 2019.
- සිංහල ගායකයෝ
- 20 වන සියවස තුළ ශ්‍රී ලාංකික ගායකයෝ
- 2012 මරණ
- 1969 උපත්
