සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අශෝකයන්ගේ අභිලේඛන නැතහොත් අශෝක ආඥා යනු ක්‍රි.පූ. 268 සිට ක්‍රි.පූ. 232 දක්වා ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක් පාලනය කළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරජු විසි

අශෝක ආඥා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

අශෝකයන්ගේ අභිලේඛන
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි අශෝකයන්ගේ දීර්ඝ ස්තම්භලේඛයක් සහිත ලෞරියා අරරාජ් ස්තම්භය
මාධ්‍යයවැලිගල්
නිර්මාණය වූයේක්‍රි.පූ. 3වන සියවස
වර්තමාන පිහිටුමනේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය
අශෝකයන්ගේ අභිලේඛන is located in දකුණු ආසියාව
බහපූර්
බහපූර්
ගුජරා
ගුජරා
සාරු මාරු
සාරු මාරු
උදේගෝලම්
උදේගෝලම්
නිට්ටූර්
නිට්ටූර්
මස්කි
මස්කි
සිද්දපූර්
සිද්දපූර්
බ්‍රහ්මගිරි
බ්‍රහ්මගිරි
ජතිංගා
ජතිංගා
පල්කිගුණ්ඩු
පල්කිගුණ්ඩු
රාජුල මණ්ඩගිරි
රාජුල මණ්ඩගිරි
යෙරාගුඩි
යෙරාගුඩි
සාසාරාම්
සාසාරාම්
රූප්නාත්'
රූප්නාත්'
බායිරාට්
බායිරාට්
භාබෲ
භාබෲ
අහ්රෞරා
අහ්රෞරා
බරාබර්
බරාබර්
තක්ෂිලා(අරමයික)
තක්ෂිලා
(අරමයික)
ලඝ්මාන්(අරමයික)
ලඝ්මාන්
(අරමයික)
මස්කිපල්කිගුණ්ඩුගවිමාත්ජතිංගා/රාමේශ්වර
මස්කි
පල්කිගුණ්ඩු
ගවිමාත්
ජතිංගා/රාමේශ්වර
රාජුලා/මණ්ඩගිරිබ්‍රහ්මගිරිඋදේගෝලම්සිද්දපූර්නිට්ටුර්
රාජුලා/මණ්ඩගිරි
බ්‍රහ්මගිරි
උදේගෝලම්
සිද්දපූර්
නිට්ටුර්
අහ්රෞරාසාසාරාම්
අහ්රෞරා
සාසාරාම්
කන්දහාර්(ග්‍රීක සහ අරමයික)
කන්දහාර්
(ග්‍රීක සහ අරමයික)
කන්දහාර්
කන්දහාර්
යෙරාගුඩි
යෙරාගුඩි
ගිර්නාර්
ගිර්නාර්
ධෞලි
ධෞලි
ඛල්සී
ඛල්සී
සොපාරා
සොපාරා
ජෞගඩ
ජෞගඩ
ෂාබාස්ගර්හි
ෂාබාස්ගර්හි
මාන්සෙහ්රා
මාන්සෙහ්රා
සන්නති
සන්නති
සාරනාත්
සාරනාත්
සාංචි
සාංචි
ලුම්බිනීනිගාලි සාගර්
ලුම්බිනී
නිගාලි සාගර්
නිගාලි සාගර්
නිගාලි සාගර්
කෝසම්බි
කෝසම්බි
ටොප්රා
ටොප්රා
මීරූට්
මීරූට්
අරාරාජ්
අරාරාජ්
අරාරාජ්,රාම්පූර්වා
අරාරාජ්,රාම්පූර්වා
රාම්පූර්වා
රාම්පූර්වා
අයි ඛානූම්(ග්‍රීක නගරය)
අයි ඛානූම්
(ග්‍රීක නගරය)
පාටලීපුත්‍ර
පාටලීපුත්‍ර
උජ්ජයින්
උජ්ජයින්
class=notpageimage|
සුළු ශිලා ආඥාවල (ආඥා 1, 2 සහ 3) පිහිටීම
සුළු ශිලා ආඥා ලෙස වර්ග කෙරෙන සෙසු අභිලේඛන.
මහා ශිලා ආඥාවල පිහිටීම.
සුළු ස්තම්භ ආඥාවල පිහිටීම.
මහා ස්තම්භ ආඥාවල මුල් පිහිටුම.
අගනගර

අශෝකයන්ගේ අභිලේඛන නැතහොත් අශෝක ආඥා යනු ක්‍රි.පූ. 268 සිට ක්‍රි.පූ. 232 දක්වා ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක් පාලනය කළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරජු විසින් ලියවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අශෝක ස්තම්භ, ලෙන් බිත්ති සහ ගල් මත කළ අභිලේඛන තිහකට අධික සංඛ්‍යාවක් හැඳින්වීමට යෙදෙන සාමූහික නාමයකි. මෙම අභිලේඛන වර්තමාන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය යන රටවල විසිර පවතියි. මේවා බුද්ධාගම පිලිබඳ ආදිම ස්පර්ශ සාධක ලබාදෙයි. මෙම අභිලේඛන ඉන්දියාවෙන් හමුවන පැරණිතම දින නිර්ණිත ලේඛන වේ. එසේම ගල් මත කැටයම් කොට ඇති හෙයින් ඒවා මුල් ස්වරූපයෙන්ම ආරක්ෂා වී ඇත. මේ හා සැසඳීමේ දී මුල්කාලීන වෛදික ග්‍රන්ථ වැනි ලේඛන මුඛ පරම්පරාගතව පැමිණ ලේඛනාරූඪ වන්නේ පසුකාලීනව ය.

අශෝකයන් විසින් ධම්ම ලිපි (ප්‍රාකෘත බසින් බ්‍රාහ්මී අක්ෂරවලින්: 𑀥𑀁𑀫𑀮𑀺𑀧𑀺, "ධර්ම ලිපි") යන වචනය සිය ආඥා හැඳින්වීමට භාවිතා කොට ඇත. මෙම අභිලේඛන මඟින් සංකීර්ණ සමාජ ගැටලු විසඳීමට අශෝකයන්ගේ ධර්මවිජය ප්‍රතිපත්තිය භාවිතා කරන අයුරු විස්තර කෙරෙයි. මෙම අභිලේඛන අනුව ඔහු විසින් මෙම යුගයේ සිය ධර්මය ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහය මධ්‍යධරණී ප්‍රදේශයේ ග්‍රීකයන් තරම් දුරක් දක්වා පුළුල් විය. අභිලේඛනයන්හි අශෝක විසින් බුද්ධාගම වැළඳගත් බව සඳහන් කල ද, මෙහි ප්‍රවර්ධනය වන ධර්මය විශ්වීය ස්වභාවයක් ගන්නා අතර නිකායකට සීමා නොවූවක් බැව් පෙනේ.

ඉහළට