| බෛරාට් විහාරය | |
|---|---|
![]() බෛරාට් විහාරයේ නටබුන් | |
![]() ඉන්දියාව තුල පිහිටීම ![]() බෛරාට් විහාරය (රාජස්ථාන්) | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඉන්දියාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 27°25′02″N 76°09′44″E / 27.417116°N 76.16229°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| කලාපය | රාජස්ථාන් |
| පුද කළ වර්ෂය | ක්‍රි.පූ. 3වන සියවස |
| විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වය | නටබුන් |
| තත්ත්වය | පුරාවස්තූන් ඉවත්කොට ඇත |
බෛරාට් විහාරය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් හි විරාට්නගර් සිට සැතපුමක් පමණ නිරිතදිගට වන්නට පිහිටි බෞද්ධ විහාරයක් සහ චෛත්‍යගෘහයකි. මෙය පිහිටියේ "බීජක්-කී-පහාරී" (සෘජු. 'සෙල්ලිපි පර්වතය') ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන පර්වතයේ ය. විහාරය වෘත්තාකාර හැඩයක් ගන්නා අතර, එහි මධ්‍යයේ ස්තූපයක් සහ එය වටා වූ කුළුණු සහ බිත්තිවලින් සමන්විත ය. මෙය් ඉදිවූයේ ක්‍රි.පූ. 3වන සියවසේ අශෝක අධිරජ සමයේ ය. මෙය අසලින් අශෝකයන්ගේ සුළු ශිලා ආඥා දෙකක් වන බෛරාට් සහ කල්කටා-බෛරාට් යන ආඥා ද්විත්වය හමුවිය. පැරණිතම වෘත්තාකාර බෞද්ධ වන්දනාස්ථානය ලෙඩ සැලකෙන් මෙම විහාරය භාරතීය වාස්තු විද්‍යාවේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

මෙය පුරාතන සොළොස් මහා ජනපද අතුරින් මත්ස්‍ය ජනපදයට අයත් වූ අතර, මුල්කාලීන සාහිත්‍යයේ එන වෛදික පූජාවන් සඳහා වැදගත් ස්ථානයක් ද විය. මේ නිසා මෙවන් වැදගත් බෞද්ධ විහාරයක් හමුවීම ඉතා සුවිශේෂී කාරණයකි.
- 2022 මැයි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා