| ලෞරියා නන්දන්ගාර් | |
|---|---|
| නගරය | |
| ලෞරියා අශෝක ස්තම්භය | |
![]() ලෞරියා නන්දන්ගාර් හි අශෝක ස්තම්භය. තවත් වත්මන් ඡායාරූපයක් මෙහි දැක්වේ. | |
![]() ලෞරියා නන්දන්ගාර් ![]() ලෞරියා නන්දන්ගාර් | |
| ඛණ්ඩාංක: 26°59′54.52″N 84°24′30.52″E / 26.9984778°N 84.4084778°E | |
| රට | |
| ප්රාන්තය | බිහාර් |
| දිස්ත්රික්කය | බටහිර චම්පාරන් |
| භාෂා | |
| • නිල | භෝජ්පූරි, හින්දි |
| වේලා කලාප | IST (UTC+5:30) |
| PIN | 845453 |
| ළඟම නගරය | බේටියා |
| ලෝක් සභා බලප්රදේශය | වාල්මිකීනගර් |
| විධාන් සභා බලප්රදේශය | ලෞරියා යෝගාපට්ටී |

ලෞරියා නන්දන්ගාර්, හෙවත් ලෞරියා නවාන්ද්ගාර් යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ බටහිර චම්පාරන් දිස්ත්රික්කයේ බේටියා සිට කි.මී. 28ක් සහ නර්කාටියාගන්ජ් සිට කි.මී. 28ක් දුරිම් පිහිටි නගරයකි. මෙය පිහිටියේ බුර්හි ගණ්ඩක් ගඟේ ඉවුර අසල ය. මෙම ගම්මානයට එම නාමය ලැබී ඇත්තේ එහි පිහිටි අශෝක "ස්තම්භය" (ලෞර්) සහ ස්තම්භයට කි.මී. 2ක් පමණ නිරිතදිගිම් පිහිටි නන්දන්ගාර් ස්තූප ගොඩැල්ල නිසා ය. ලෞරියා නන්දන්ගාර් යනු බිහාරයේ බටහිර චම්පාරන් දිස්ත්රික්කයේ වූ ඓතිහාසික අඩවියකි. මෞර්ය යුගයට අයත් නටබුන් මෙහි හමුවී ඇත.
ප්රවර්ගය:
- 2018 සැප්තැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා