| නාළාසෝපාරා | |
|---|---|
| නගරය | |
![]() නගරයේ ඉහළින් පෙනෙන පුළුල් දර්ශනයක් 2017 දී | |
![]() නාළාසෝපාරා ![]() නාළාසෝපාරා | |
| ඛණ්ඩාංක: 19°24′55″N 72°51′41″E / 19.4154°N 72.8613°E | |
| රට | |
| ප්‍රාන්තය | |
| දිස්ත්‍රික්කය | පාල්ඝර් |
| නගරය | වසයි-විරාර් |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නාගරික සංස්ථාව |
| • ඉහළම අධිකරණය | වසයි-විරාර් නාගරික සංස්ථාව |
| ජනගහණය(2001) | |
| • මුළු | 184,664 |
| භාෂා | |
| • නිල | මරාඨී |
| වේලා කලාප | IST (UTC+5:30) |
| PIN | East: 401 209 West: 401 203 |
| Telephone code | 0250 |
| වාහන ලියාපදිංචිය | MH48 |
| විධාන් සභා ආසනය | නාළාසෝපාරා |
නාළාසෝපාරා හෙවත් නාළා සෝපාරා (උච්චාරණය: [naːla sopaɾa]) ලෙසත්, මුලින් සෝපාරා සහ සුපාරා යනුවෙන් හඳුන්වනු ලැබූයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාල්ඝර් දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මෙය පාලනය වන්නේ වසයි-විරාර් නාගරික සංස්ථාව (VVMC) මඟිනි. මෙම නගරය මුම්බායි නාගරික කලාපය තුළ පිහිටියේ ය. මෙහි වූ නාළාසෝපාරා දුම්රිය ස්ථානය, බටහිර දුම්රිය මාර්ග කලාපයට අයත් අතර, මෙය මීරා-භයන්දර්, වසයි-විරාර් පොලිස් කොමසාරිස් බල ප්‍රදේශයට අයත් ය.
විද්වතුන් අනුව නාළාසෝපාරා යනු පුරාතන භාරතයේ වූ ශූර්පාරක (අර්ථය. ශූරයන්ගේ නගරය; Śūrpāraka)[තහවුරු කර නොමැත] හෙවත් සුප්පාරක නම් ස්ථානය ලෙස විශ්වාස කෙරේ. එකල ප්‍රකට් වෙළඳ මධ්‍යස්ථානයක් වූ මෙය බුද්ධාගමේ වැදගත් ස්ථානයක් ද වේ. මෙය සාතවාහනයන් යටතේ දූ පරිපාලන ඒකකයක් වූ අතර එහි නාමය කාර්ලේ, නාශික්, නානේඝට්, සහ කාන්හේරි යන ස්ථානයන්හි වූ ශිලා ලේඛනවල ද සඳහන් ය.[තහවුරු කර නොමැත]
- 2023 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
