සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අශෝක ස්තම්භ යනු ආ. ක්‍රි.පූ. 268 සිට ක්‍රි.පූ. 232 තෙක් රාජ්‍ය පාලනය කළ තෙවන මෞර්ය අධිරාජයා වූ මහා අශෝක විසින් ඉදිකරන ලද හෝ අවම වශයෙන් කැටයම් කොට ආඥා ලියවන්නට ඇ

අශෝක ස්තම්භ

විකිපීඩියා වෙතින්
අශෝක ස්තම්භ
වෛශාලී හි ඇති අශෝක ස්තම්භයක්
මාධ්‍යයඔපදැමූ වැලිගල්
යුගය/සංස්කෘතියක්‍රි.පූ. 3වන සියවස
අශෝක ස්තම්භ is located in ඉන්දියාව
සාරනාත්
සාරනාත්
සාංචි
සාංචි
රාම්පූර්වා
රාම්පූර්වා
වෛශාලී
වෛශාලී
සංකිස්ස
සංකිස්ස
මීරට්
මීරට්
ටෝප්රා කලාන්
ටෝප්රා කලාන්
අලහාබාද්
අලහාබාද්
රුම්මින්දේයි
රුම්මින්දේයි
නිගාලි
නිගාලි
class=notpageimage|
අශෝක ස්තම්භ හමුවූ ස්ථාන

අශෝක ස්තම්භ යනු ආ.ක්‍රි.පූ. 268 සිට ක්‍රි.පූ. 232 තෙක් රාජ්‍ය පාලනය කළ තෙවන මෞර්ය අධිරාජයා වූ මහා අශෝක විසින් ඉදිකරන ලද හෝ අවම වශයෙන් කැටයම් කොට ආඥා ලියවන්නට ඇතැයි විශ්වාස කෙරෙන ඉන්දියානු උප මහද්වීපය පුරා විසිරී ඇති ඒකශෛලීය කුළුණු මාලාවකි. අශෝක තමාගේම ස්තම්භ විස්තර කිරීමට ධම්ම තම්භා ( ධර්ම ස්තම්භ ) යන යෙදුම භාවිතා කළේය, එනම් "ධර්මයේ කුළුණු" යන්නයි. මෙම කුළුණු ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ස්මාරක වන අතර, ඒවායින් බොහොමයක් ලාක්ෂණික මෞර්ය ඔපය පෙන්නුම් කරයි. අශෝක විසින් ඉදිකරන ලද කුළුණු, ඔහුගේ ආඥාවල ශිලාලේඛන සහිත ඒවා ද ඇතුළුව විසිසක් අදටත් ශේෂව පවතී. ඒවායින් සත්ත්ව රූ සහිත ස්තම්භ ශීර්ෂ කිහිපයක් පමණක් ඉතිරිව ඇති අතර ඉන් සම්පූර්ණ නිදර්ශක හතක් පමණක් ඉතිරිව ඇත. ෆිරූස් ෂා ටුඝ්ලක් විසින් කුළුණු දෙකක් දිල්ලියට ගෙන යන ලදී. මූඝල් අධිරාජ්‍ය පාලකයින් විසින් පසුව කුළුණු කිහිපයක් වෙනත් ස්ථාන කරා ගෙනගිය අතර, ඒවායේ වූ සත්ත්ව රූ සහිත ස්තම්භ ශීර්ෂ ඉවත් කරන ලදී. සාමාන්‍යයෙන් මෙම ස්තම්භ මීටර 12 සහ 15 (අඩි 40 සහ 50) අතර උසින් යුක්ත වේ. එක් එක් ස්තම්භය ටොන් 50 ක් දක්වා බරින් යුක්ත වූ අතර, කුළුණු සමහර විට සැතපුම් සිය ගණනක් ඇදගෙන ගොස් ඒවා ඉදිකරන ලද ස්ථානයට ගෙන යන ලදී.

තවදුරටත් කියවීම්

ඉහළට