සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සාරු මාරු යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන විහාර සංකීර්ණයකින් සහ බෞද්ධ ලෙන් සමූහයකින් යුත් පුරාවිද්‍යා අඩවියකි. මෙය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සෙහොරේ දිස්ත

සාරු මාරු

විකිපීඩියා වෙතින්
සාරු මාරු
සාරු මාරු
සාරු මාරු හි මහා ස්තූපය
සාරු මාරු හි මහා ස්තූපය
සාරු මාරු is located in ඉන්දියාව
සාරු මාරු
ඉන්දියාව තුළ පිහිටීම
සාරු මාරු is located in මධ්‍ය ප්‍රදේශ්
සාරු මාරු
සාරු මාරු (මධ්‍ය ප්‍රදේශ්)
ඛණ්ඩාංක22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°E / 22.729949; 77.519910
මාදිලියබෞද්ධ ජනාවාසය, ස්තූප සහ ලෙන්
මෙහි යටත් පෙදෙසකිපන්ගෝරාරියා

සාරු මාරු යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන විහාර සංකීර්ණයකින් සහ බෞද්ධ ලෙන් සමූහයකින් යුත් පුරාවිද්‍යා අඩවියකි. මෙය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සෙහොරේ දිස්ත්‍රික්කයේ බුධානි ටෙහ්සිල් හි පංගෝරාරියා ගම්මානය අසල ය. මෙම ස්ථානය සාංචියට 120 km පමණ දකුණින් පිහිටියේ ය.

විස්තරය

මෙම ස්ථානයෙහි ස්තූප ගණනාවක් මෙන්ම භික්ෂූන්ගේ වාසයට භාවිතා කළ ස්වාභාවික ලෙන් ගණනාවක් ද දක්නට ලැබේ. ලෙන්වල ස්වස්තිකය, ත්‍රිරත්න, කලස යනාදී බෞද්ධ සංකේත දක්නට ලැබේ. ප්‍රධාන ලෙනෙහි අශෝක රජුගේ අභිලේඛන ද්විත්වයක් වේ: ඉන් එකක් අශෝකගේ ආඥාවක් වන සුළු ශිලා ආඥා අංක 1හිම ප්‍රභේදනයකි. අනෙක් අභිලේඛනයෙන් කියැවෙන්නේ පියදසි (අශෝක රජුගේ විරුද නාමයකි) මහාරාහකුමාර (කුමරුගේ) චාරිකාවක් පිළිබඳවයි.

අනුස්මරණ අභිලේඛනය

පියදසි නාම/ රාජකුමාල ව/ සංවාසමනෙ/ ඉමං දේසං පපුනිථ/ විහාර(ය)තාය්(ඒ)

"(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය."

අශෝකගේ පැමිණීම අනුස්මරණය කරන අභිලේඛනය, සාරු මාරු. පරිවර්තනය ෆෝක් විසිනි.

එම අභිලේඛනයට අනුව අශෝක නෙම බෞද්ධ විහාර සංකීර්ණය බැහැදැක ඇත්තේ කුමාර සමයේ මධ්‍ය ප්‍රදේශයේ පාලකයාව සිටි කාලයේ ය. එකල ඔහුගේ නිවහන වූයේ වීදිශාවයි. බෞද්ධ සම්ප්‍රදායයෙහි අශෝකගේ භාර්යාව වීදිශාදේවී ලෙස හඳුන්වනු ලබයි.

සම්පූර්ණ අනුස්මරණ අභිලේඛනය

සාරු මාරු හි අශෝකගේ අනුස්මරණ ගිරි ලිපිය, මධ්‍ය ප්‍රදේශ්.
පරිවර්තනය
(සිංහල)
ප්‍රතිලේඛනයප්‍රතිලේඛනය
(බ්‍රාහ්මී අක්ෂර)
අභිලේඛනය
(ප්‍රාකෘත බසින් බ්‍රාහ්මී අක්ෂරවලින්)

(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය.

අශෝකගේ පැමිණීම අනුස්මරණය කරන අභිලේඛනය, සාරු මාරු. පරිවර්තනය ෆෝක් විසිනි.

පියදසි නාම
රාජකුමාල ව
සංවසමනෙ
ඉමං දේසං පපුනිථ
විහාර(ය)තය්(ඒ)

𑀧𑀺𑀬𑀤𑀲𑀺 𑀦𑀸𑀫
𑀭𑀸𑀚𑀓𑀼𑀫𑀮 𑀯
𑀲𑀁𑀯𑀲𑀫𑀦𑁂
𑀇𑀫𑀁 𑀤𑁂𑀲𑀁 𑀧𑀧𑀼𑀦𑀺𑀣
𑀯𑀺𑀳𑀭𑀬𑀢𑀬𑁂

ඉහළට