| අශෝකයන්ගේ අභිලේඛන | |
|---|---|
![]() ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි අශෝකයන්ගේ දීර්ඝ ස්තම්භලේඛයක් සහිත ලෞරියා අරරාජ් ස්තම්භය | |
| මාධ්‍යය | වැලිගල් |
| නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 3වන සියවස |
| වර්තමාන පිහිටුම | නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය |
![]() බහපූර් ගුජරා සාරු මාරු උදේගෝලම් නිට්ටූර් මස්කි සිද්දපූර් බ්‍රහ්මගිරි ජතිංගා පල්කිගුණ්ඩු රාජුල මණ්ඩගිරි යෙරාගුඩි සාසාරාම් රූප්නාත්' බායිරාට් භාබෲ අහ්රෞරා බරාබර් තක්ෂිලා (අරමයික) ලඝ්මාන් (අරමයික) මස්කි පල්කිගුණ්ඩු ගවිමාත් ජතිංගා/රාමේශ්වර රාජුලා/මණ්ඩගිරි බ්‍රහ්මගිරි උදේගෝලම් සිද්දපූර් නිට්ටුර් අහ්රෞරා සාසාරාම් කන්දහාර් (ග්‍රීක සහ අරමයික) කන්දහාර් යෙරාගුඩි ගිර්නාර් ධෞලි ඛල්සී සොපාරා ජෞගඩ ෂාබාස්ගර්හි මාන්සෙහ්රා සන්නති සාරනාත් සාංචි ලුම්බිනී නිගාලි සාගර් නිගාලි සාගර් නන්දන්ගාර් කෝසම්බි ටොප්රා මීරූට් අරාරාජ් අරාරාජ්,රාම්පූර්වා රාම්පූර්වා අයි ඛානූම් (ග්‍රීක නගරය) පාටලීපුත්‍ර උජ්ජයින් class=notpageimage| | |
| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| අශෝකයන්ගේ අභිලේඛන |
|---|
|
අශෝකයන්ගේ අභිලේඛන නැතහොත් අශෝක ආඥා යනු ක්‍රි.පූ. 268 සිට ක්‍රි.පූ. 232 දක්වා ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක් පාලනය කළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරජු විසින් ලියවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අශෝක ස්තම්භ, ලෙන් බිත්ති සහ ගල් මත කළ අභිලේඛන තිහකට අධික සංඛ්‍යාවක් හැඳින්වීමට යෙදෙන සාමූහික නාමයකි. මෙම අභිලේඛන වර්තමාන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය යන රටවල විසිර පවතියි. මේවා බුද්ධාගම පිලිබඳ ආදිම ස්පර්ශ සාධක ලබාදෙයි. මෙම අභිලේඛන ඉන්දියාවෙන් හමුවන පැරණිතම දින නිර්ණිත ලේඛන වේ. එසේම ගල් මත කැටයම් කොට ඇති හෙයින් ඒවා මුල් ස්වරූපයෙන්ම ආරක්ෂා වී ඇත. මේ හා සැසඳීමේ දී මුල්කාලීන වෛදික ග්‍රන්ථ වැනි ලේඛන මුඛ පරම්පරාගතව පැමිණ ලේඛනාරූඪ වන්නේ පසුකාලීනව ය.
අශෝකයන් විසින් ධම්ම ලිපි (ප්‍රාකෘත බසින් බ්‍රාහ්මී අක්ෂරවලින්: 𑀥𑀁𑀫𑀮𑀺𑀧𑀺, "ධර්ම ලිපි") යන වචනය සිය ආඥා හැඳින්වීමට භාවිතා කොට ඇත. මෙම අභිලේඛන මඟින් සංකීර්ණ සමාජ ගැටලු විසඳීමට අශෝකයන්ගේ ධර්මවිජය ප්‍රතිපත්තිය භාවිතා කරන අයුරු විස්තර කෙරෙයි. මෙම අභිලේඛන අනුව ඔහු විසින් මෙම යුගයේ සිය ධර්මය ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සාහය මධ්‍යධරණී ප්‍රදේශයේ ග්‍රීකයන් තරම් දුරක් දක්වා පුළුල් විය. අභිලේඛනයන්හි අශෝක විසින් බුද්ධාගම වැළඳගත් බව සඳහන් කල ද, මෙහි ප්‍රවර්ධනය වන ධර්මය විශ්වීය ස්වභාවයක් ගන්නා අතර නිකායකට සීමා නොවූවක් බැව් පෙනේ.
- Le 2010, පිටු අංකය: 30.
- Olivelle, Patrick (2024). "Imperial ideology and religious pluralism in the Asokan inscriptional corpus." Empires and Gods. The Role of Religions in Imperial History. (Eds. Rüpke, Jörg & Biran, Michal & Pines, Yuri, Berlim: Walter De Gruyter), p 27, https://archive.org/details/relig-org-polit-empre-empires-gods-ru-pke-biran-pires-livro/page/26/mode/2up
- Singh, Upinder (2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century (ඉංග්‍රීසි බසින්). Pearson Education India. p. 351. ISBN 9788131711200. 2 ජූලි 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2018.
- "The Ashokan rock edicts are a marvel of history". 6 සැප්තැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2017.
- Thapar, Romila (2012-06-01), "The Decline of the Mauryas", Aśoka and the Decline of the Mauryas (Oxford University Press): pp. 247–266, , , https://doi.org/10.1093/acprof:oso/9780198077244.003.0031, ප්‍රතිෂ්ඨාපනය 2025-01-22
