| ප්‍රෙස් ටීවී Press TV | |
|---|---|
| දියත්කල දිනය | 2 ජූලි 2007 |
| අයිතිකරුවෝ | Islamic Republic of Iran Broadcasting |
| රූප ආකෘතිය | 720p HDTV |
| ප්‍රචාරණ උද්යෝග පාඨය | News anew |
| රට | |
| භෘෂාව | ඉංග්‍රීසි |
| විකාශන සරිය | ලොව පුරා |
| මූලස්ථානය | ටෙහෙරාන්, ඉරානය |
| සහෝදර නාලිකා(ව) | Islamic Republic of Iran News Network, Al-Alam News Network, HispanTV |
| වෙබ් අඩවිය | Presstv.ir |
| උපයෝජ්‍යතාව | |
| චන්ද්‍රිකා | |
| Optus D2 Pacific Rim | 12706 / 22500 / 3/4 V |
| Paksat-1R Asia & Africa | 4060 / 23000 / 5/6 H |
| ArabSat 5A Middle East | 12719/ 2960 / 3/4 H |
| Badr 4 Middle East | 12054 / 27500 3/4 V |
| Badr 5 Central Asia | 12303 / 27500 / 3/4 H 11881 / 27500 /5/6 H |
| Eutelsat 7A Europe | 11186 / 2892 / 5/6 V |
| Nilesat 201 Middle East | 11823 / 27500 / 5/6 V |
| අන්තර්ජාල රූපවාහිනිය | |
| Live Webcast | Free (Flash) |
| Video On Demand | VOD (free Windows Media stream) |
| Livestation | Free, 502 Kbit/s |
| YouTube channel | PressTVGlobalNews &PressTVbroadcast |
ප්‍රෙස් ටීවී (PRESSTV) යනු ඉරානයට අයත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදුකරන, ඉංග්‍රීසි රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටුවා තිබේ.
වෙබ් අඩවිය සහ සැටලයිට් රූපවාහිනියේ ආරම්භය
නාලිකාවේ නිල වෙබ් අඩවිය 2007 ජනවාරි මස අගදී දියත් කල අතර, පලමු පරීක්ෂණ සැටලයිට් විකාශනය 2007 අප්‍රියෙල් මස සිදු කරන ලදී. නාලිකාව නිල වශයෙන් අරඹන ලද්දේ 2007 ජුලි මස දෙවැනිදායී. රූපවාහිනී නාලිකාව දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එරට ජනපති මහමුද් අහමදිනෙජාද් මහතාද සහභාගී වූ බව සඳහන්ය. 2009 මාර්තු 18 වන දිනදී ප්‍රෙස් ටීවී නාලිකාව, නවතම රූප ආකෘතියක් සහ නව මුහුණුවරක් සහිතව අළුත් වෙබ් අඩවියක් පටන් ගන්නා ලදී. 2011 නොවැම්බර් 17 වන දිනදී නාලිකාව, පුළුල් තිර ආකෘතියේ විකාශනය අරඹන ලදී. පුළුල් තිර ආකෘතියෙන් විකාශනය පටන් ගත් ඉරානයේ පළමු සහ මැදපෙරදිග පදනම් කර ගත් දෙවන සැටලයිට් ප්රවෘත්ති නාලිකාව (කටාර් රාජ්‍යයේ අල් ජසීරාට පසු) වන්නේද ප්‍රෙස් ටීවී නාලිකාවයි.
නඩත්තුව සහ කළමණාකාරීත්වය
නාලිකාව ඉරාන රජයෙන් නඩත්තු වන අතර, හිමිකාරීත්වය ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් බ්‍රෝඩ්කාස්ටිං (IRIB) සතු වෙයි.
නාලිකාවේ වාර්ෂික අය-වැය ඉරාන රියාල් බිලියන 250 ක් පමණ වෙයි. (අමෙරිකා ඩොලර් මිලියන 8.3 ක් පමණ).
ප්‍රෙස් ටීවී හී විකාශනය කරන පුවත් වැඩසටහන් සහ විශ්ලේශන වැඩසටහන්, ඉරාන රජයේ රාජ්‍ය ආකල්පයන්ට සමීප වන අයුරින් විකාශනය කරන අතර, එම වැඩසටහන් ඉස්ලාමීය ජනරජය (Islamic Republic) මගින් නිරික්ෂණයට සහ නියාමනයට ලක්වන බවද සඳහන් වේ. කෙසේ නමුත් ඉරානය තුල, පුද්ගලික සහ ස්වාධීන මාධ්‍ය ව්‍යාපාර බිහි කිරීමේ උත්සහයන්ද සිදුව තිබෙන අතර, ඒ සම්බන්ධව විශේෂයෙන් ක්‍රියා කල අයෙක් ලෙස හිටපු ජනපති අපේක්ෂකයෙකු වූ Mehdi Karroubi හැඳින්වේ. ඉස්ලාමීය ජනරජයේ 1979 ව්‍යවස්ථාවේ විධිවිධාන අනූව "එරට සියළුම විකාශන මාධ්‍යයන්, රජයේ විශේෂ පාලනයක් සහිතව පැවතිය යුතුයි."
ආවරණය
ප්‍රෙස් ටීවී හී සෑම පැය භාගයකට වරක් පුවත් සංග්‍රහයක් විකාශනය වේ. මීට අමතරව ආවර්ථීයව විවිධ අටුවා වැඩසටහන්, විද්වත් වට මේස සංවාද වැඩසටහන් සහ වාර්ථා චිත්‍රපට ආකාරයේ දේශපාලනික වැඩසටහන්, නාලිකාවේ විකාශය කෙරේ.
නාලිකාව ආරම්භ කිරීමේ එක් අරමුණක් වී තිබෙන්නේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධ සිදුවීම් වලදී බීබීසී වර්ල්ඩ් නිව්ස්, සීඑන්එන් ඉන්ටර්නැෂනල් සහ අල් ජසීරා ඉංග්ලිෂ් වැනි බටහිර හිතවත් නාලිකා ඉදිරිපත් කරන පුවත් විස්තර වලට, අවශ්‍ය අවස්ථාවලදී ප්රතිකූලතාවයන් ගොඩ නංවා ගැනීමයී.
මතභේදයට ලක්වීම්
ඇමරිකානු විරෝධී ආකල්ප සහ අවිචාරවත් රූපවාහිනී ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන බවට ප්‍රෙස් නාලිකාවට චෝදනා එල්ල වෙයි. මාධ්‍ය විචාරකයෙකු වන Douglas Murray ට අනූව මෙම නාලිකාව "ඉරාන රජයේ ප්‍රචාරණ කටයුතු සිදු කරන නාලිකාවකි".
2012 වසරේදී බීබීසී මාධ්‍යවේදිනී Linda Pressly විසින් ප්‍රෙස් නාලිකාව, පළස්තීන හිතවාදී, බටහිර විදෙස් ප්‍රතිපත්ති විවේචනය කරන නාලිකාවක් ලෙස හදුන්වන ලදී. එලෙසම ප්‍රෙස් ටීවී තුලින් ඉවත් ගිය, හිටපු වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ Nick Ferrari ද ටයිම්ස් වෙත කියා තුබුණේ, 2009 මැතිවරණය තෙක් නාලිකාව “සෑහෙන තරමකින් අපක්ෂපාතීව” කටයුතු කලත්, ඉන් පසුව එය එසේ සිදුවූ නොවූ බවයි.
බටහිර සහ ආසියානු සැටලයිට් තුලින් ඉවත් කිරීම
ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන්, 2013 ජුලි මසදී සමහර යුරෝපියානු සහ අමෙරිකානු සැටලයිට් තුලින් ප්‍රෙස් නාලිකාව ඇතුළු අනෙකුත් ඉරාන නාලිකා ඉවත් කරන ලදී. 2012 නොවැම්බරයේදී, හොංකාං පදනම් කොට ගත් AsiaSat චන්ද්රිකාවෙන්ද, ප්‍රෙස් නාලිකාව ඉවත් කර දමන ලදී.
මේවාද බලන්න
- ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකා
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
- PressTV free streaming 2014-03-18 at the Wayback Machine
- Press TV profile on USC Center on Public Diplomacy wikipedia 2013-10-30 at the Wayback Machine
- How to watch Press TV for Free via Satellite in North America
- Videos
- Media war against Iran 2012-08-11 at the Wayback Machine - PressTV (2012)
- Press TV Live English Streaming 2013-02-21 at the Wayback Machine - PressTV Online Stream
- ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා