සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ටයිම්ස් නව් යනු ඉන්දියාවේ මුම්බායි නුවර පදනම් කර ගත්, ඉංග්‍රීසි භාෂාවෙන් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ විකාශනයන්

ටයිම්ස් නව්

විකිපීඩියා වෙතින්
ටයිම්ස් නව්
Times Now
ගොනුව:Times Now 2010.png
දියත්කල දිනය 2006 ජනවාරි 23
අයිතිකරුවෝ The Times Group (Bennett, Coleman & Co. Ltd.)
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Always with the news".
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රිසි
විකාශන සරිය ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය
මූලස්ථානය මුම්බායි, ඉන්දියාව
සහෝදර නාලිකා(ව) Zoom
ඊටී නව්
මූවීස් නව්
වෙබ් අඩවිය timesnow.tv/
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Airtel digital TV (India) Channel 300
Big TV (India) Channel 453
Dish Network (USA) Channel 652
Dish TV (India) Channel 606
Tata Sky (India) Channel 507
Videocon d2h (India) Channel 353
අයිපීටීවී
mio TV (Singapore) Channel 676(1st Nov) (HD) (coming soon on this channel to upgrade in HD on 20 Feb 2014 at 0000hrs)

ටයිම්ස් නව් යනු ඉන්දියාවේ මුම්බායි නුවර පදනම් කර ගත්, ඉංග්‍රීසි භාෂාවෙන් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ විකාශනයන් ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය තුල සිදු කරයි. ඉන්දියාවේ පළමු මිලිටරි රියැලිටි වැඩසටහන වූ ‘Line of Duty’ වැඩසටහන විකාශය කරන ලද්දේද මෙම නාලිකාව විසිනි.

අතීතය

ද ටයිම්ස් සමුහය (The Times Group) සහ රොයිටර්ස්ගේ ඒකාබද්ධ දායකත්වයෙන්, සීමාසහිත ටයිම්ස් ග්ලෝබල් සමාගම (Times Global Broadcasing Company Limited) විසින් 2006 ජනවාරි 23 වන දින මෙම නාලිකාව අරඹන ලදී. 2008 වසරේදී රොයිටර්ස්, ටයිම්ස් ග්ලෝබල් හී තමන් සතුවූ සියයට 25.82 වූ කොටස් ප්‍රමාණය BCCL වෙත අළෙවි කොට හවුල් ව්‍යාපාරයෙන් ඉවත්ව යන ලදී.

සම්මාන

exchange4media News Broadcasting (ENBA) සම්මාන

ENBA 2012
  • වසරේ ප්‍රවෘත්ති නාලිකාව- ටයිම්ස් නව්
  • වසරේ ප්‍රවෘත්ති සංස්කාරක- Arnab Goswami.

මතභේදාත්මක

2011 ඔක්තෝම්බර් 19 දින නිව්ස් බ්‍රෝඩ්කාස්ට් ඇසෝසියේෂන් (News Broadcasters Association) විසින්, මෙම නාලිකාව වාරණයකට යටත් කිරීමට තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ, නාලිකාව විසින් 2011 මැයි 20 වන දින "Will Kanimozhi turn approver?" යන ශීර්ෂපාඨය යටතේ ඉදිරිපත් කල විවාදාත්මක වැඩසටහනේ, යම් යම් සදාචාරාත්මක කරුණු කීපයක් උල්ලංඝනය වී තිබුණු බවයි.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා
ඉහළට