සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආජ් තක් යනු පැය 24 පුරාම විකාශය වන හින්දි, ප්‍රවෘත්ති නාලිකාවකි. ඉන්දියාව පදනම් කර ගනිමින් විකාශය කරන මෙම නාලිකාව TV Today Network සමාගමට අයත් වෙයි. ආජ් තක් හී

ආජ් තක්

විකිපීඩියා වෙතින්
ආජ් තක්
Aaj Tak
Logo of Aaj Tak
දියත්කල දිනය 1999 දෙසැම්බර් 31
ජාලය Terrestrial television and online
අයිතිකරුවෝ India Today Group
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Sabse Tez" (English: 'The Fastest')
රට  ඉන්දියාව
භෘෂාව හින්දි
විකාශන සරිය ඉන්දියාව සහ ලොවපුරා
මූලස්ථානය නව දිල්ලිය, ඉන්දියාව
සහෝදර නාලිකා(ව) හෙඩ්ලයින්ස් ටුඩේ
වෙබ් අඩවිය aajtak.in/
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Tata Sky (India) Channel 457
Sky (UK and Ireland) Channel 818
Eutelsat 28A (Europe) 11344 V 27500 2/3
Videocon D2H Channel 303
Airtel digital TV Channel 277
Dish Network (USA) Channel 706

ආජ් තක් යනු පැය 24 පුරාම විකාශය වන හින්දි, ප්‍රවෘත්ති නාලිකාවකි. ඉන්දියාව පදනම් කර ගනිමින් විකාශය කරන මෙම නාලිකාව TV Today Network සමාගමට අයත් වෙයි. ආජ් තක් හී හින්දි භාෂාවේ තේරුම වන්නේ "අද වනතුරු" / "මේ වනතුරු" යන්නයි. ඉන්දියාව තුල, මෙම නාලිකාව නොමිලේ විසිරුවා හරිනු ලබන අතර, 2006 වසරේ පටන් මුදල් ගෙවීම සිදුකල යුතු නාලිකාවක් ලෙස ජාත්‍යන්තරට මුදා හැර තිබෙයි.

සම්මාන

ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල තුලදී (Indian Television Academy Awards) ආජ් තක් නාලිකාව පිට පිටම 13 වන වතාවටත් හොඳම පුවත් නාලිකාව ලෙස පිදුම් ලබා තිබෙයි.

2006 වසරේදී බීබීසී සහ රොයිටර් විසින් එක්ව පවත්වනු ලැබූ මත විමසීමකදී, ඉන්දියානු ජනතාව අතර විශ්වාසය දිනාගත් පුවත් නාලිකාව ලෙස, ආජ් තක් තේරී පත්ව තිබෙයි.

මතභේදාත්මක

2002 ගුජරාටි ගැටුම් උත්සන්න වූ අවධියේ, මුස්ලිම් වන්දනාමාන ස්ථානයක පිහිටියා වූ හින්දු හනුමාන් (Hulladia Hanumans) පිළිරුවක් සම්බන්ධ පුවතක් විකාශනය නොකිරීමට මෙම නාලිකාව තීරණය කරන ලදී.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

භාහිර සබැදි


ඉහළට