| සීඑන්බීසී අප්‍රිකා CNBC Africa | |
|---|---|
| ගොනුව:CNBC Africa.svg | |
| දියත්කල දිනය | 2007 ජුනි 1 |
| අයිතිකරුවෝ | අප්‍රිකා බිස්නස් නිව්ස් |
| රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
| ප්‍රචාරණ උද්යෝග පාඨය | First In Business Worldwide |
| රට | |
| මූලස්ථානය | ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව |
| වෙබ් අඩවිය | http://www.cnbcafrica.com/ |
සීඑන්බීසී අප්‍රිකා යනු අප්‍රිකානු උප-සහරාව වෙනුවෙන්, විකාශනය කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. 2007 වසරේ ජුනි 1 දිනදී, සීඑන්බීසී සහ අප්‍රිකා බිස්නස් නිව්ස් (Pty) LTD යන සමාගම් එක්ව, මෙම නාලිකාව දියත් කරන ලදී.
සීඑන්බීසී ජාලය ක්‍රියාත්මක වන යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, සහ එක්සත් ජනපදය වැනි රටවල් වලින් ලබාගන්නා වැඩසටහන්ද මෙහි විකාශනය කෙරේ.
නියෝජිත කාර්යාල
සීඑන්බීසී අප්‍රිකා සතු නියෝජිත කාර්යාල අබූජා, කේප් ටවුන්, ජොහැනස්බර්ග්, ලාගෝස්, ලන්ඩන්, ලුසාකා, මපුටෝ, නයිරෝබි, වින්ඩ්හෝක් යන නගර වල පිහිටුවා තිබෙයි.
මේවාද බලන්න
- ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකා
භාහිර සබැදි
- CNBC Africa official website
- "CNBC to launch new affiliate channel in Africa". CNBC Europe. 2006-08-31.