සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාණි රුද්‍රමා දේවි (මරණය 1289 හෝ 1295) හෙවත් රුද්‍රදේවා මහාරාජා යනුවෙනුත්, ඇතැම් අවස්ථාවල රුද්‍රමාදේවී හෙවත් රුද්‍රමා-දේවී යන නම් වලින් හැඳින්වෙන්නේ ඩෙකෑන් සානු

රුද්‍රමා දේවී

  • මුල් පිටුව
  • රුද්‍රමා දේවී

රාණි රුද්‍රමා දේවි (මරණය 1289 හෝ 1295) හෙවත් රුද්‍රදේවා මහාරාජා යනුවෙනුත්, ඇතැම් අවස්ථාවල රුද්‍රමාදේවී හෙවත් රුද්‍රමා-දේවී යන නම් වලින් හැඳින්වෙන්නේ ඩෙකෑන් සානුවේ කාකතීය රාජවංශයේ විසූ රාජ්‍ය පාලිකාවකි. ඇය 1263 සිට ඇගේ මරණය තෙක් රාජ්‍ය පාලනය කොට ඇත. ඇය ඉන්දියාවේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් එක් අයෙකි. ඇය එහි දී පුරුෂයකු මෙන් රාජ්‍ය පාලනය කළා ය.

රුද්‍රමා දේවි
රුද්‍රමා දේවි
රුද්‍රමා දේවිගේ ප්‍රතිමාවක්
පූර්වප්‍රාප්තිකයාගණපතිදේව
අනුප්‍රාප්තිකයාප්‍රතාපරුද්‍ර
මරණය1289 හෝ 1295
චන්දුපට්ලා විය හැක
(වර්තමාන ඉන්දියාවේ තෙලංගානාහි)
වල්ලභයාවීරභද්‍ර
රාජවංශයකාකතීය
පියාගණපතිදේව

පටුන

පාලනය

රුද්‍රමා දේවි ඇගේ පාලනය අරඹන්නට ඇත්තේ කාකතීය රාජවංශයේ ඇගේ පියා වූ ගණපතිදේව සමග හවුල් පාලනයක් ගෙන යන්නට ඇත. එලෙසින් ඇය 1261-62 අතර කාලයේ ඔහුගේ සම-අනුරාජයා ලෙස කටයුතු කොට ඇති බව පෙනේ.

1263දී රුද්‍රමා දේවී රැජින සම්පූර්ණ ස්වාධිපත්‍යය හිමි කරගැනීමට සමත් වූවා ය.

ඒකාම්රනාථගේ ප්‍රතාපචන්ත්‍ර කෘතියේ සඳහන් වන්නේ රුද්‍රමා දේවීගේ අර්ධ සොයුරන් වූ හරිහරදේව සහ මුරාරිදේව විසින් ඇයව බලයෙන් ‍පමහකොට ඔරුගල්ලු නුවර අල්ලාගත් බවයි. අනතුරුව ඇය ජනතාවගේ සහ ඇතැම් බලවත් වංශවතුන්ගේ සහාය ඇතිව ඔවුන් සමග අරගල කළ බැව් එහි සඳහන් වේ. කෙසේනමුත්, රුද්‍රමා දේවී රැජිනියට අර්ධ-සොහොයුරන් වූ බවට සෙසු කිසිදු සාක්ෂියක් හමු නොවේ. නමුත් ඇතැම් ගතානුගතික වංශවතුන් සහ ඇගේ සමීප ඥාතීන් පිරිසක් ඇගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ බව විශ්වාස කෙරේ. කායාස්ථ ප්‍රධාන ජන්නිගේදේව සහ ඔහුගේ බාල සොහොයුරන් වූ ත්‍රිපූරාරි හා අම්බදේවත්, රේචේර්ලා ප්‍රාසාදිත්‍ය සහ ගොනා ගන්නා රෙඩ්ඩි වැනි රෙඩ්ඩි ප්‍රධානීනුත් රැජිනියට අතිශයින් පක්ෂපාතී විය. ඔවුහු ඇයව ආරක්ෂා කරගනිමින්, කැරැල්ල මර්දනය කළහ.

ඇගේ කාකතීය පූර්වප්‍රාප්තිකයන් මෙන් නොව, ඇය සෙබලුන් ලෙස පත්කළේ බොහෝ වංශවතුන් නොවූ පුද්ගලයන්ව ය. එසේම ඇය ඔවුන්ගේ සහායට ප්‍රතිඋපකාර වශයෙන් ඉඩම් සහ බදු හිමිකම් ප්‍රදානය කරන ලදී. මෙය සුවිශේෂී වෙනස්කමක් ලෙස සැලකෙන අතර, මෙම ක්‍රමය ඇගේ අනුප්‍රාප්තික රජවරුන් මෙන්ම පසුකාලීන විජයනගර අධිරාජ්‍යය විසින් ද ක්‍රියාවට නංවා තිබේ.

සිය රාජ්‍ය පාලනය ඇරඹීමෙන් පසුව, රුද්‍රමා දේවී හට නැගෙනහිර ගංග රාජවංශයේ සහ යාදවවරුන්ගේ තර්ජනයන්ට මුහුණපෑමට සිදු විය. 1270 දශකයේ ඇය විසින් නැගෙනහිර ගංග රාජවංශය ගෝදාවරී ගංගාවෙන් ඈතට පලවාහරින ලදී. එසේම ඇය විසින් යාදවවරුන්ව ද පරාජය කිරීමට සමත්වූ අතර, යාදවවරුනට බටහිර ආන්ධ්‍ර ප්‍රදේශය ඇයට පැවරීමට සිදු විය. 1273දී කායාස්ථ ප්‍රධානී අම්බදේව ඔහුගේ පෙළපතේ නායකයා බවට පත්වීමෙන් පසු, ඇයට අවනත නොවන්නට විය. කාකතීයවරුන්ට යටත්වාසියකු වීම ප්‍රතික්ෂේප කළ අම්බදේව වර්තමාන ගුන්තූර් දිස්ත්‍රික්කයට අයත් පෙදෙස සහ නිරිතදිග ආන්ධ්‍රාහි බොහෝ ප්‍රදේශ සිය පාලනයට නතු කරගත්තේ ය.

පවුල සහ අනුප්‍රාප්තිය

 
චන්දුපට්ලාහි රාණි රුද්‍රමා දේවීගේ මරණය පිළිබඳ සඳහන් ශිලා ලේඛනයක්; ක්‍රි.ව. 1289

රුද්‍රමා දේවී රැජින, චාලුක්‍ය රාජවංශයේ සුළු පෙළපතක සාමාජිකයකු වූ වීරභද්‍ර සමග විවාහ වූවා ය. මෙය ක්‍රි.ව. 1240දී සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය මිත්‍ර සන්ධානය පවත්වා ගැනීමේ අරමුණින් ඇගේ පියා විසින් සිදුකර දෙන ලද දේශපාලන විවාහයක් ලෙස සැලකේ. වීරභද්‍ර ඇගේ රාජ්‍ය පාලනයට සහභාගී වූ බවට කිසිදු ලේඛනයක් හමු නොවේ. මෙම යුවළට දියණියන් දෙදෙනකු විය.

1289 අම්බදේව සමග සටනක දී රුද්‍රමා දේවී මියගිය බව පැවසේ. නමුත් ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඇය 1295 තෙක් මියනොගිය බවයි. ඇගෙන් පසු ඇගේ දියණියකගේ පුත්‍රයකු වූ ප්‍රතාපරුද්‍ර සිහසුනට පත් විය. නමුත් ඔහුගේ සමයේ රාජධානිය රුද්‍රමා දේවී සිහසුනට පත්වන විට පැවති ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් කුඩා විය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

චිත්‍රපට නිර්මාණ ශිල්පී ගුණසේඛර් විසින් රුද්‍රමා දේවියගේ කථාපුවත අලලා රුද්‍රමාදේවී නැමැති තෙලිඟු චිත්‍රපටයක් නිර්මාණය කොට තිබේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ අනුෂ්කා ෂෙට්ටි, අල්ලු අර්ජුන්, රානා දග්ගුබාති සහ ක්‍රිෂ්ණම් රාජු යන නළු නිළි පරිස විසිනි.

මේවාත් බලන්න

  • චන්ද් බිබි
  • රාණි දුර්ගාවතී
  • අබ්බක්කා චෞටා
  • කිත්තුර් චෙන්නම්මා
  • කේලඩි චෙන්නම්මා
  • මුල්කාලීන නූතන රණකාමයේ කාන්තාවන්ගේ ඉතිහාසය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    සල්ෆියුරික් අම්ලය

  • මාර්තු 31, 2026

    ප්‍රජාතන්ත්‍රවාදය

  • අප්‍රේල් 10, 2026

    දර්ශනවාදයේ ගැටලු

  • අප්‍රේල් 10, 2026

    සීතාවක පළමුවන රාජසිංහ රජු

  • අප්‍රේල් 10, 2026

    ඩබ්. ඩී. අමරදේව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට