ඩෙකෑන් සානුව යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 metres (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 metres (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.
| ඩෙකෑන් සානුව | |
|---|---|
| අර්ධද්වීපික සානුව | |
![]() ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස තිරුවණ්ණමලෛ නගරය අසල, තමිල් නාඩු | |
| Highest point | |
| උන්නතාංශය | 600 m (2,000 ft) |
| Parent peak | අනාමුඩි, කේරළ |
| ඛණ්ඩාංක | 15°N 77°E / 15°N 77°E |
| Naming | |
| ස්වදේශික නාමය | දක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ් |
මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.
