සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාකතීය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 12 වන සහ 14 වන සියවස් අතර කාලයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානා, නැගෙනහිර කර්ණාටකයෙහි සහ දකුණු ඔඩිෂාවේ කොටසක් ඇතුළු නැග

කාකතීය රාජවංශය

  • මුල් පිටුව
  • කාකතීය රාජවංශය

කාකතීය රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 12 වන සහ 14 වන සියවස් අතර කාලයේ වර්තමාන ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානා, නැගෙනහිර කර්ණාටකයෙහි සහ දකුණු ඔඩිෂාවේ කොටසක් ඇතුළු නැගෙනහිර ඩෙකෑනයේ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළ දකුණු ඉන්දියානු රාජවංශයකි. ඔවුන්ගේ අගනගරය වූ ඔරුගල්ලු වර්තමානයෙහි වරංගල් යන නාමයෙන් හැඳින්වේ. මුල්කාලීන කාකතීය පාලකයින් සියවස් දෙකකට අධික කාලයක් රාෂ්ට්‍රකූටයන් සහ බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යවල වාසය කොට ඇත. ඔවුන් ස්වාධීන රාජ්‍යත්වයට පත්වූයේ ක්‍රි.ව. 1163 දී පළමුවන ප්‍රතාපරුද්‍ර රජුගේ නායකත්වයෙන් යුතුව, තෙලංගානාවේ සෙසු චාලුක්‍ය රාජ්‍ය යටපත් කරගැනීමෙනි. 1230 දශකයේ දී ගණපති දේව (රාජ්‍ය සමය. 1199–1262) රජු විසින් කාකතීය දේශය පුළුල් කැරුණු අතර, ගෝදාවරී සහ ක්‍රිෂ්ණ ගංගා අවට පහතරට ඩෙල්ටාවේ තෙලිඟු ප්‍රදේශ සිය අණසකට නතු කරගැනිණි. ගණපති දේවගෙන් පසු රාජ්‍යත්වයට පත් රුද්‍රමා දේවී (රාජ්‍ය. 1262–1289) රැජින ඉන්දීය ඉතිහාසයේ විසූ රැජිනියන් අතලොස්ස අතුරින් අයෙකි. 1289-1293 අතර කාලයේ ඉන්දියාව වෙත පැමිණි මාර්කෝ පෝලෝ රුද්‍රමා දේවියගේ පාලන සමය පිළිබඳ සඳහන් කොට තිබේ. ඇය විසින් කාකතීය දේශය වෙත එල්ලවූ දේවගිරියේ යාදව (ස්‍යුන) ආක්‍රමණ සාර්ථකව මැඬැලිණි.

කාකතීය රාජවංශය
1163–1323
තත්ත්වයඅධිරාජ්‍යය
(1163 තෙක් බටහිර චාලුක්‍යයන්ගේ යටත් රාජ්‍යය)
අගනුවරඔරුගල්ලු (වරංගල්)
පොදු භාෂා(ව)තෙලිඟු, සංස්කෘත
ආගම
හින්දු ආගම (ජෛන ආගමෙන් හැරවුණු)
රජයරාජාණ්ඩුව
රජ 
ඉතිහාසය 
• ආදිතම පාලකයින්
ආ. 800
• Established
1163
• අහෝසි කළේ
1323
Preceded by
Succeeded by
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
නැගෙනහිර චාලුක්‍යයෝ
දිල්ලි සුල්තානේටය
මුසුනූරි නායකවරු
රෙඩ්ඩි රාජධානිය
Bahmani Sultanate
විජයනගර අධිරාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව

මේවාත් බලන්න

  • Hanamakonda
  • රාමප්පා දේවාලය
  • කාකතීය කලා තොරණ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    සිබිල් වෙත්තසිංහ

  • අප්‍රේල් 03, 2026

    උතුරු ඇමෙරිකාව

  • අප්‍රේල් 05, 2026

    මිදුම් ප්‍රවේගය

  • අප්‍රේල් 06, 2026

    සනත් ගුණතිලක

  • මාර්තු 31, 2026

    රතු දත්ත පොත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට