| නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන් | |
|---|---|
![]() නාසික් ලෙන්, ලෙන් අං. 17, ක්‍රි.ව. 120 පමණ අවට නිර්මාණය වී ඇත. | |
![]() නාසික් ලෙන් ![]() නාසික් ලෙන් | |
| පිහිටුම | නාශික්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| ඛණ්ඩාංක | 19°56′28″N 73°44′55″E / 19.9412°N 73.7486°E |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
නාසික් ලෙන්, හෙවත් ඇතැම් අවස්ථාවල දී පාණ්ඩව්ලෙනී ලෙන් (හෙවත් පාණ්ඩව ලෙන, පණ්ඩු ලෙන් හෝ ත්‍රිරශ්මී ලෙනී ලෙස ද හැඳින්වේ; ත්‍රිරශ්මී යනු ලෙන් පිහිටි කඳුවැටියයි. ලෙනී යනු ලෙන් යන අරුතැති මරාඨි වචනයයි), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සිට ක්‍රි.ව. 3වන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූ ලෙන් 24කින් යුත් සංකීර්ණයකි. මෙහි කැටයම් සහ ප්‍රතිමා නිර්මාණ ක්‍රි.ව. 6වන සියවස තෙක්ම අළුතින් එකතු වූ අතර එමඟින් බෞද්ධ පූජා විධීන් හි විකාසනය පෙන්වයි. මුල්කාලීනව හීනයාන සම්ප්‍රදාය අනුව යමින් නිර්මිත මෙහි කැටයම් ඉන්දීය ශෛලමය වාස්තු විද්‍යාවේ ප්‍රතිභාව කියපායි. මෙහි බොහෝ ලෙන් විහාර ක්‍රමයට නිර්මාණය කොට ඇති අතර, ගුහා අංක 18 ක්‍රි.ක්‍රි.පූ. 1වන සියවසේ නිර්මාණය වූ චෛත්‍ය ශාලාවකි. ලෙන් අංක 3 සහ 10 හි අලංකාර කැටයම් සහිත කුළුණු දක්නට ලැබේ. බෞද්ධයන්ගේ පූජනීය අඩවියක් වන මෙය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි නාශික් (හෙවත් නාසික්) මධ්‍යයේ සිට 8 km පමණ දකුණින් පිහිටා ඇත. නාසික් ලෙන් හැඳින්වීම සඳහා භාවිතා වන "පාණ්ඩව්ලෙනී" යන්න මහභාරත වීරකාව්‍යයේ සඳහන් පාණ්ඩවයන් සමඟ කිසිදු සම්බන්ධයක් නොදක්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, භාජා ලෙන්, පතන් ලෙන් සහ බේද්සේ ලෙන් ය.
මේවාත් බලන්න
- බාදාමි ලෙන් විහාර
- උණ්ඩවල්ලි ලෙන්
- කාර්ලා ලෙන්
- ඉන්දියාවේ බෞද්ධ ලෙන්
- මහාරාෂ්ට්‍රයේ ලෙන්
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- ඉන්දියාවේ බෞද්ධ ආරාම
- ඉන්දියාවේ බෞද්ධ විහාර
- ඉන්දියාවේ ගෘහනිර්මාණ ශිල්පය
