| කාර්ලා ලෙන් | |
|---|---|
![]() කාර්ලාවේ මහා ස්තූපය, මහාරාෂ්ට්‍ර | |
![]() | |
| පිහිටුම | කාර්ලි, ඉන්දියාව |
| භූවිද්‍යාව | බැසෝල්ට් |
කාර්ලා ලෙන්, කාර්ලි ලෙන්, කාර්ලේ ලෙන් හෙවත් කාර්ලා කුටි, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ලෝනාවාලා අසල කාර්ලි හි පිහිටි පුරාතන ඉන්දියානු ශෛලකර්ම බෞද්ධ ලෙන් විහාර සමූහයකි. මෙය ලෝනාවාලා සිට කිලෝමීටර 10.9 පමණ දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ පවතින සෙසු ලෙන් වන්නේ භාජා ලෙන්, පතන් බෞද්ධ ලෙන, බේඩ්සේ ලෙන් සහ නාසික් ලෙන් ය. මෙහි වූ ස්මාරක ක්‍රි.පූ. 2වන සියවසේ සිට ක්‍රි.ව. 5වන සියවස දක්වා කාලය පුරා ඉදිවී ඇත. මෙහිවූ පැරණිතම ලෙන් විහාරය ක්‍රි.පූ. 160ට පමණ අයත් ය. මෙම ලෙන් අරාබි මුහුදේ සිට ඩෙකානය තෙක් විහිදුණු පුරාතන වෙළඳ මාර්ගයක පිහිටියේ ය.
මහාරාෂ්ට්‍රයේ සෙසු ශෛලකර්ම බෞද්ධ ලෙන් හා සැසඳීමේ දී, කාර්ලාව පැරණි සහ ප්‍රමාණයෙන් කුඩා නමුත් එය වඩාත් ප්රකටව ඇත්තේ එහිවූ "මහා චෛත්‍යය" (ලෙන් අංක 8) නිසාවෙනි. එය මෙම යුගයට අයත්, "විශාලතම සහ වඩාත්ම හොඳින් සංරක්ෂණය වී පවත්නා" චෛත්‍ය ශාලාව වන අතර, එහි ප්‍රමාණයෙන් විශාල කැටයම් ගණනාවක් දක්නට ලැබේ.
බොහෝ වෙළෙන්දන් සහ සාතවාහන පාලකයන් විසින් මෙම ලෙන් ඉදිකිරීමට අනුග්‍රහ දක්වා තිබේ. මහාරාෂ්ට්රය තුළ කාර්ලිය පිහිටා ඇත්තේ උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව මායිම්වන ස්ථානයක ය. ප්‍රධාන වෙළඳ මාර්ග සමීපයෙහි පිහිටි බැවින් මෙම ආරාම සංචාරක වෙළඳුන් හට නවාතැන් පහසුකම් සපයන්නට ද ඇත. වර්තමානයෙහ්ජ්, මෙම ලෙන් සංකීර්ණය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට ඇත.
Mමේවාත් බලන්න
- මහාරාෂ්ට්‍රයේ ලෙන්
- ඉන්දියාවේ බෞද්ධ විහාර
- පූමේ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයම්
- ඉන්දියාවේ බෞද්ධ ආරාම
- ඉන්දියාවේ බෞද්ධ ලෙන්
- ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පය
- ඉන්දියාව තුළ පැරණි ජනාවාස පැවති ස්ථාන
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
