සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

භාජා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ නගරය අසල පිහිටි ක්‍රි.පූ. 2වන සියවසට අයත් ලෙන් 22කින් යුත් ලෙන් සමූහයකි. මෙම ලෙන් භාජා ගම්මානයේ සිට අඩි 400ක් පමණ

භාජා ලෙන්

විකිපීඩියා වෙතින්
භාජේ ලෙන්


ලෙන් අංක 12 හි ප්‍රධාන චෛත්‍ය ගෘහය සහ ස්තූපය
Map showing the location of භාජේ ලෙන්
Map showing the location of භාජේ ලෙන්
පිහිටුමපූනේ, භාජේ, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක18°43′40″N 73°28′55″E / 18.72778°N 73.48194°E / 18.72778; 73.48194
භූවිද්‍යාවබැසෝල්ට්
ඇතුළුවීම්22
දුෂ්කරතාවයපහසු
ශබ්දඋච්චාරණය[භාජා හෝ භාජේ]

භාජා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ නගරය අසල පිහිටි ක්‍රි.පූ. 2වන සියවසට අයත් ලෙන් 22කින් යුත් ලෙන් සමූහයකි. මෙම ලෙන් භාජා ගම්මානයේ සිට අඩි 400ක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙය අරාබි මුහුදේ සිට නැගෙනහිරට ඩෙකෑන් සානුව තෙක් විහිදුණු පුරාතන වැදගත් වෙළඳ මාර්ගයක පිහිටා ඇත. මෙහි ව්‍යු අභිලේඛන සහ ලෙන් විහාර ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස සංරක්ෂණය කොට ඇත්තේ නිවේදන අංක 2407-A අනුව ය. මෙය හීනයාන බෞද්ධ නිකායයට අයත් ය. මෙම ලෙන්වල ස්තූප ගණනාවක් ඇති අතර, ඉන් වඩාත්ම ප්‍රකට චෛත්‍ය ගෘහය (ලෙන් අංක XII) මුල්කාලීන දැවමය ගෘහනිර්මාණ ශිල්පය අනුව යමින් මෙය ගොඩනැගූ ආකාරයට මනා නිදසුනකි. එහි අශ්ව ලාඩම් හැඩැති සිවිලිමක් ඇත. මෙහි වූ විහාර ලෙන (ලෙන් අංක XVIII) තුළ කුළුණු සහිත බරාඳයක් ඇති අතර, එය කැටයම්වලින් අලංකාර කොට ඇත. මෙම කැටයම් අනුව පෙනී යන්නේ ඉන්දියානු වාදන භාණ්ඩයක් වන තබ්ලාව මින් වසර 2300කටවත් පෙර නිර්මාණය වන්නට ඇති බවයි. මෙහිවූ කැටයමක තබ්ලා වයන ස්ත්‍රියක සහ නළඟනක දැක්වේ.

මෙම ලෙන් බේඩ්සේ ලෙන්වලට 9 km පමණ බටහිරින් පිහිටියේ ය. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.

ඉහළට