සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එල්ලොරු ලෙසින්ද හැඳින්වෙන, එල්ලෝරා (මරාති: वेरूळ Vērūḷ) යනු, මහාරාෂ්ට්‍ර ඉන්දියානු ප්‍රාන්තයෙහි අවුරන්ගබාඩ් නගරයට 29 කිමී (18 සැත) වයඹ දෙසින් පිහිටි සහ රාෂ්ට්‍ර

එල්ලෝරා ලෙන්

  • මුල් පිටුව
  • එල්ලෝරා ලෙන්

එල්ලොරු ලෙසින්ද හැඳින්වෙන, එල්ලෝරා (මරාති: वेरूळ Vērūḷ) යනු, මහාරාෂ්ට්‍ර ඉන්දියානු ප්‍රාන්තයෙහි අවුරන්ගබාඩ් නගරයට 29 කිමී (18 සැත) වයඹ දෙසින් පිහිටි සහ රාෂ්ට්‍රකූට රාජවංශය විසින් තනවා ඇති පුරාවිද්‍යාත්මක අඩවියකි. එහි ඇති ඉතා උසස් ගුහා නිසාම ප්‍රචලිත එල්ලෝරා, ලෝක උරුම අඩවියකි. එල්ලෝරා වෙතින් නිරූපණය වන්නේ ඉන්දියානු ගලෙහි-නෙළූ ගෘහ නිර්මාණ ශිල්පයෙහි පරම නිදර්ශනයකි. "ගුහා" 34 – සත්‍යවශයෙන්ම චරනන්ද්‍රි කඳු වල සිරස් මුහුණත කැණීම වෙතින් තැනුනු ව්‍යුහයන් වෙති. බෞද්ධ, හින්දු සහ ජෛන ගලෙහි-නෙළූ දේවාල සහ විහාර සහ මතාවන් 5වන සියවස සහ 10වන සියවස අතර තනා ඇත. සමීපයෙහි තනා ඇති, බෞද්ධ ගුහා 12 (ගුහා 1–12), හින්දු ගුහා 17 (ගුහා 13–29) සහ ජෛන ගුහා 5 (ගුහා 30–34), ප්‍රදර්ශනය කරනුයේ ඉන්දියානු ඉතිහාසයෙහි මෙම යුගයේ පැවැති ආගමික සුසංයෝගයයි. එය, ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු ආයතනය යටතේ පවතින රක්ෂිත ස්මාරකයකි.

එල්ලෝරා ගුහා
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

කයිලසනාත දෙවොල, (ගුහාව 16)
ගල මුදුනෙහි සිට දර්ශනය
නිර්ණායකයසංස්කෘතික: (i) (iii) (vi)
මූලාශ්‍රb 243
අභිලේඛනය1983 (ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය "[" සැසිය)

ශබ්දනිරුක්තිය

වෙරුල් හෝ එලුරා ලෙසින්ද හැඳින්වෙන එල්ලෝරා යන නාමය, එලපුර යන පුරාතන නාමයේ විකෘතවූ ආකාරයයි.

බෞද්ධ ගුහා

 
තෝමස් ඩැනියෙල් (1803) විසින් නිර්මිත එල්ලෝරා කන්ද සිතුවම.
 
එල්ලෝරා ගුහා, සාමාන්‍ය සිතියම.

මෙම ගුහා තනා ඇත්තේ 5වන සිට 7වන සියවස දක්වා කාලය තුලදීය. ගුහා 1-5 පළමු අදියරෙහි (400-600) සහ ගුහා 6-12 පසු අදියරකදීද (මධ්‍ය 7වන - මධ්‍ය 8වන සියවස) ලෙසින්, පස්වන සහ අටවන සියවස අතර තැනුනු බෞද්ධ ගුහා, මුලදීම තැනුනු නිර්මාණ වලින් කිහිපයක් බවට පෙරදී විශ්වාස කෙරුණු මුත්, නවීන විද්වතුන්ට වර්තමානයේදී පැහැදිලිව ඇත්තේ සමහරක් හින්දු ගුහා (27,29,21,28,19,26,20,17 සහ 14), මෙම ගුහාවලට පෙරදී නිමවී ඇති බවයි. මුලින්ම තැනී ඇති බෞද්ධ ගුහාව වන්නේ ගුහා 6 වන අතර, එයින් පසුව 5,2,3,5 (දකුණු පාර්ශවය), 4,7,8,10 සහ 9 තැනී ඇත. අවසනට තැනී ඇත්කේ 11 සහ 12 ගුහාය. සියළුම බෞද්ධ ගුහා 630-700 අතරතුරදී තනා නිම කොට ඇත.

මෙම නිර්මාණ බොහෝවිට විහාර හෝ ආශ්‍රමයන් වෙතින් සමන්විත වී ඇත: මේවා කඳු මුහුනත කැණීමෙන් නෙලා ඇති විශාල, මහල්-කිහිපයකින් සමන්විත ගොඩනැගිලි වන අතර, විසුම් කුටි, නිදන කුටි, මුළුතැන් ගෙවල් සහ අනෙකුත් කුටි වලින් සමන්විත විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Hebrew language

  • අප්‍රේල් 14, 2026

    Norfolk Island

  • අප්‍රේල් 30, 2026

    James Monroe

  • ජූනි 12, 2026

    අයිසෙක් නිවුටන්

  • අප්‍රේල් 14, 2026

    දකුණු සුඩානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට