| සරස්වතී | |
|---|---|
![]() | |
| දේවනාගරී | सरस्वती |
| සංස්කෘත පරිවර්තනය | Saraswatī |
| අනුබැඳිය | දේවතාවිය, ත්‍රිදේවී, ආදි පරාශක්ති |
| වාසභවනය | බ්‍රහ්මලෝක |
| මන්ත්‍රය | ඕම් ශ්‍රී මහාසරස්වත්යේ නමඃ |
| සංකේත | වීණාව |
| වල්ලභයා | බ්‍රහ්ම |
| වාහනය | මොනරා හංසයා |
| ප්‍රදේශය | දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ටිබෙටය සහ ජපානය |
| උත්සව | වසන්ත පංචමි |
| ලිපි මාලාවක කොටසක් වන |
| ශක්තී ධර්මය |
|---|
![]() |
| |
| මෙම ලිපිය |
| හින්දු ආගම |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
![]() |
|
|
හින්දු ආගමෙහි, සරස්වතී (සංස්කෘත: सरस्वती), යනු දැනුම, සංගීතය, කලාව, ප්‍රඥාව සහ විද්‍යාව පිළිබඳ දෙවඟන යි. ඇය ලක්ෂ්මී සහ පාර්වතී ප්රමුඛ ත්රිදේවීන්ගෙන් එක් අයෙකි.
සරස්වතිය දෙවඟනක් ලෙස පළමුව සඳහන් වන්නේ ඍග් වේදය තුළයි. ඇය වෛදික යුගයේ සිට හින්දු සම්ප්රදායන්හි නූතන යුගය දක්වා දේවතාවියක් ලෙස සැලකිය යුතු ලෙස රැඳී සිටි. පොතක්, ජපමාලයක්, පැන් කෙන්ඩියක් සහ වීණාව නම් සංගීත භාණ්ඩයක් අතැතිව, අත් හතරක් සහිතව සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරේ. මෙම සෑම ආභරණයක් තුළම හින්දු ආගමේ සංකේතාත්මක අර්ථයක් ඇත.
ඇතැම් හින්දු බැතිමතුන් වසන්ත පංචමී දින (වසන්තයේ පස්වන දිනය, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සරස්වතී පූජා සහ සරස්වතී ජයන්ති ලෙසද හැඳින්වේ.) එතුමියට ගෞරව පිණිස පූජාවන් පවත්වයි. බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ජෛන ආගමේ අනුගාමිකයන්, මෙන්ම සමහර බෞද්ධ නිකායන් අතරද දෙවඟන ගෞරවයට පාත්‍ර වේ.
නිරුක්තිය
සරස්වතී යනු සංස්කෘත වචනයක් වන සරස් (सरस्) අර්ථය "ජල තටාකය", නමුත් සමහර විට "කථනය" ලෙසද පරිවර්තනය වේ; සහ වති (वती) යන්නෙහි තේරුම "ඇය සතු" යන්නයි. මුලින් සරස්වතී නමින් හැඳින්වෙන ගංගාව හෝ ගංගා සමඟ සම්බන්ධ වූ මෙම සංයෝජනයෙන් අදහස් වන්නේ "පොකුණු, විල් සහ තටාක ජලය ඇති ඇය" හෝ "කථන හැකියාව ඇති ඇය" යන්නයි.
සරස්වතී යන වචනය ගංගාවක් පිළිබඳ සඳහනක් ලෙසත් ඍග්වේදයේ සැලකිය යුතු දෙවඟනක් ලෙසත් පෙනේ. ආරම්භක ඡේදවල, මෙම වචනය සරස්වතී නදියට යොමු වන අතර ඩ්රිෂද්වතී වැනි වයඹදිග ඉන්දියානු ගංගා කිහිපයෙන් එකක් ලෙස සඳහන් වේ. සරස්වතී, එවිට ගංගා දේවතාවියක් අදහස් කරයි. ඍග් වේදයේ 2 පොතෙහි, සරස්වතිය විස්තර කරන්නේ මව්වරුන්ගෙන්, ගංගාවලින්, දෙවඟනන්ගෙන් විශිෂ්ටතමයා ලෙසයි.
अम्बितमे नदीतमे देवितमे सरस्वति
— ඍග් වේද 2.41.16
මව්වරුන් අතරින්, ගංගාවන් අතරින්, දේවීන් අතරින්, සරස්වතිය විශිෂ්ට වේ.
ප්‍රතිමා ශිල්පය

සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. (ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ) නෙළුමෙන් නිරූපණය වන්නේ සත්‍යයයි. එනම් ඇයට පරම සත්‍ය පිළිබඳ නුවණ මෙන්ම අත්දැකිම්ද ඇත. ඇය බොහෝ විට ඒ දැනුම හා පිවිතුරුබව හඟවන සුදු පැහැය හා බද්ධවේ. නමුත් යම් අවස්ථාවල ඇය කහ පැහැයටද සම්බන්ධ කරනු ලැබේ. (වසන්ත කාලයේ සරස්වතී දේවිය වෙනුවෙන් පවත්වනු ලබන උත්සව කාලයේදි මල් හටගන්නා අබ ශාකයේ මල් වල පැහැය කහ පැහැතිවේ) ඇය බොහෝ විට විශාල ආභරණ හෝ රත්‍රං වලින් සරසා නැති අතර චාම් ලෙස වස්ත්‍ර ගන්වා ඇත. මෙය ඇයගේ භෞතික වස්තූන් පිළිබඳ ඇති අවබෝධය පෙන්වීම විය හැක.
සාමාන්‍යයෙන් ඇයට අත් හතරක් ඇති ලෙස දක්වයි. මෙම අත් සතරින් ඉගෙනීමේදි මනුෂ්‍ය පෞරුෂයේ හතර පැති කඩ පෙන්වන බව කියැවේ. ඒවා නම් මනස, අධ්‍යාත්මය, සිහිය, ආත්මාර්ථය වේ. එසේම අත් හතරින් වේද හතර නිරූපණය වන බව කියැවේ. වේද ග්රන්ථ හින්දු භක්තියන්ගේ අත්පොතයි. මෙම වේදග්‍රන්ථවල සාහිත්‍ය ආකාර 3 ක් ඇත.
1.කාව්‍ය-සෘග් වේදයේ ශ්ලෝක, කාව්‍ය නිරූපණය කරයි
2. ගද්‍ය-යාජුර් වේදයේ ගද්‍ය අඩංගු වේ
3.සංගීතය-සාම වේදයේ සංගීතය අඩංගුවේ.
එක් අතක ඇති පුස්තකයෙන් ගද්‍ය නිරූපණය වන අතර, පළිඟු මාලයෙන් කාව්‍ය නිරූපණය වේ. සංගීතය නිරූපණය වන්නේ වීණාවෙනි. ශුද්ධ වු ජලය පිරුණු කළය මෙම ත්රිත්වයෙහි පිවිතුරු බව හෝ මේවාට මිනිස් සිතුවිලි පවිත්‍ර කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.
ඇය පහත සඳහන් ද්‍රව්‍ය අත්වල රඳවාගෙන සිටි.
1. පුස්තකයක්-එය උතුම් වු වේදය ලෙස සැළකේ. මෙයින් පිළිඹිබු වන්නේ දිව්‍යමය, පරම සත්‍ය, සදා පවතින දැනුම ද ඇයගේ විද්‍යාවන් පිළිබඳ පරිපුර්ණ බව හා ධර්ම ග්‍රන්ථයි.
2. පළිඟු මාලය - මෙය භාවනාවේ හා අධ්‍යාත්මයේ බලය පෙන්නුම් කරයි.
3. ශුද්ධ වු ජලය සහිත කළය - මැවීමේ හා පවිත්‍ර කිරිමේ බලය පෙන්නුම් කරයි.
4. වීණාව - සියලුම කලාවන් හා විද්‍යාවන්ගේ පරිපුර්ණ බව පෙන්නුම් කරයි. සරස්වතී අනුරාග යන්න සමඟ ද බද්ධ වේ. සංගීතයේ රිද්මය ඇති ආදරය අනුරාගය වේ.
සරස්වතී නම ඇති ළමුන් අධ්‍යාපනයට දක්ෂ බව විශ්වාස කරයි.
ඇයගේ පාමුල සුදු හංසයකු දක්නට ලැබේ. මෙම ශුද්ධ වු හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැක. මේ නිසා හංසා දෙවියන් හා නරක හෝ සදාකාලික බව හා සදාකාලික නොවන බව අතර වෙනස පිළිබිඹු කරයි. මෙම හංසයා නිසා සරස්වතී දේවිය “හමාස - වාහිනි” ලෙසද හඳුන්වනු ලබයි. මෙහි අර්ථය හංසයා රථය ලෙස ඇත්තී යන්නයී. ඇය බොහෝ විට මල් පිපෙන ගංගාව අසල වැඩ සිටින ලෙස නිරූපණය කරයි. මෙය ඇය ගංගා දේවිය ලෙස ඇයගේ අතීතය පිළිඹිබු කරයි. හංසයා හා නෙළුම ද එයම නිරූපණ කරයි.
සමහර අවස්ථාවලදි පිටුපසින් මොණරුන් දර්ශනය කර ඇත. මොණරා රූපය පිළිබඳ ආඩම්බර හා අභිමානය පෙන්නුම් කරයි. මොණරුන්ගෙන් කියැවනුයේ බාහිර පෙනුම පිළිබඳ හින්දු භක්තිකයන් සැළකිලිමත් නොවිය යුතු බව හා පරම සත්‍ය සෙවීමට පමණක් නුවණින් කටයුතු කළ යුතු බවයි.
- හින්දු දෙවිවරු