සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඍග් වේදය, ඍග්වේද (සංස්කෘත: ऋग्वेद) යනු වෛදික පුරාණ සංස්කෘත ගීතිකා වල එකතුවකි එය වේද ලෙස හැඳින්වෙන හින්දු ආගමික පූජනීය කෘති අතරින් පළමුවැන්න යි.

ඍග් වේද

  • මුල් පිටුව
  • ඍග් වේද

ඍග් වේදය, ඍග්වේද (සංස්කෘත: ऋग्वेद) යනු වෛදික පුරාණ සංස්කෘත ගීතිකා වල එකතුවකි එය වේද ලෙස හැඳින්වෙන හින්දු ආගමික පූජනීය කෘති අතරින් පළමුවැන්න යි.

ඍග් වේද
චතුර් වේද
තොරතුරු
ආගමහින්දු ධර්මය
භාෂාවවෛදික සංස්කෘත
පරිච්ඡේදමණ්ඩල 10
පද්‍යමන්ත්‍රයන් 10,552

ඍග්වේදය යනු පැරණිතම වෛදික සංස්කෘත ග්‍රන්ථයයි. එහි මුල් ස්ථර ඕනෑම ඉන්දු-යුරෝපීය භාෂාවක පවතින පැරණිතම ලියවිලි වලින් එකකි. 2 වන සහස්‍රයේ සිට ඍග්වේදයේ ශබ්ද සහ පාඨ වාචිකව සම්ප්‍රේෂණය වී ඇත.

මෙම ලියවිල්ල සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් වලින් සමන්විත වේ. ඍග් වේද සංහිතා යනු මූලික පාඨය වන අතර, එය පද්‍ය 10,600 ක පමණ ගීතිකා 1,028 (සූක්ත) සහිත පොත් 10 කින් (මණ්ඩල) එකතුවකි. මුල්ම රචනා කරන ලද මණ්ඩල අටේ - මණ්ඩල 2 සිට 9 දක්වා - ගීතිකා ප්‍රධාන වශයෙන් විශ්ව විද්‍යාව, වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර සහ දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම ගැන සාකච්ඡා කරයි. වඩාත් මෑතකාලීන මණ්ඩලයන්හී (1 සහ 10) ගීතිකා තුළ දාර්ශනික හෝ සමපේක්ෂන ප්‍රශ්න, සමාජයේ දාන (පුණ්‍යකර්ම) වැනි ගුණධර්ම, විශ්වයේ ආරම්භය සහ දිව්‍යමය ස්වභාවය පිළිබඳ ප්‍රශ්න සහ ඒවායේ වෙනත් පාරභෞතික ගැටළු පිළිබඳව ද කටයුතු කරයි.

හින්දු චාරිත්‍ර වාරිත්‍රවල (විවාහ මංගල්‍ය වැනි) සහ යාඥාවන් වලදී එහි සමහර පාඨ කියවනු ලැබේ, ඍග් වේදය අඛණ්ඩව භාවිතා වන ලෝකයේ පැරණිතම ආගමික ග්‍රන්ථය වේ.

පටුන

කාල නිර්ණය සහ ඓතිහාසික සන්දර්භය

කාල නිර්ණය

Jamison සහ Brereton ට අනුව, ඔවුන්ගේ 2014 ඍග් වේද පරිවර්තනයේ, මෙම පාඨයේ කාල නිර්ණය "විවාදාත්මක හා නැවත සලකා බැලීමේ කාරණයක් වී ඇති අතර පවතිනු ඇත". යනුවෙන් සඳහන් කොට ඇත. මෙතෙක් කාල නිර්ණය අනුමාන කර ඇත්තේ ගීතිකා තුළම ඇති ශෛලිය සහ අන්තර්ගතයෙනි. භාෂා විද්‍යාත්මක තක්සේරුව මගින් පෙළෙහි වැඩි ප්‍රමාණයක් දෙවන සහස්‍රයේ දෙවන භාගය දක්වා දිව යයි. මුල් ඉන්දු-ආර්ය භාෂාවකින් රචනා වී ඇති බැවින්, ගීතිකා ඉන්දු-ඉරාන වෙන්වීමෙන් පසුකාලීන විය යුතුය, දළ වශයෙන් ක්‍රි.පූ. 2000 දක්වා දිව යයි. ඍග් වේදයේ හරයේ සංයුතියට ආසන්න සාධාරණ දිනයක් වන්නේ උතුරු සිරියාවේ සහ ඉරාකයේ (ක්‍රි.පූ. 1450-1350) මිටැනි ලේඛනයි. ඒවායේ වරුණ, මිත්‍ර සහ ඉන්ද්‍ර වැනි වෛදික දෙවිවරුන් ගැන ද සඳහන් වේ. අනෙකුත් සාක්ෂි ද පෙන්වා දෙන්නේ ක්‍රි.පූ. 1400ට ආසන්න සංයුතියකි.

ඍග් වේද ලකුණු ලෝකඩ යුගයේ අවසාන කාලය දක්වා පිළිගෙන ඇති අතර, එය නොකැඩූ සම්ප්‍රදායක් සහිත උදාහරණ කිහිපයෙන් එකක් බවට පත් කරයි.

ඓතිහාසික හා සමාජීය සන්දර්භය

ඍග් වේදාය අනෙකුත් ඉන්දු-ආර්ය ග්‍රන්ථයන්ට වඩා බොහෝ පෞරාණික ය. මේ හේතුව නිසා එය මැක්ස් මුලර් සහ රුඩොල්ෆ් රොත්ගේ කාලයේ සිට බටහිර ශිෂ්‍යත්වයේ අවධානයට ලක් විය. ඍග් වේදය වෛදික ආගමේ මුල් අවධිය පිළිබඳව වාර්තා කරයි. සාමාන්‍ය හෝ ප්‍රභූ වේවා, වෛදික යුගයේ සමාජ හෝ දේශපාලන ක්‍රමය පිළිබඳ සෘජු සාක්ෂි ඍග්වේදය ඉදිරිපත් නොකරයි. ගව පාලනය සහ තුරඟ තරග වැනි ඉඟි පමණක් දැකිය හැකි අතර, මෙම පාඨය පුරාණ ඉන්දියානු සමාජය පිළිබඳ ඉතා පොදු අදහස් ඉදිරිපත් කරයි. මෙහි කුල බේදයක්, ක්‍රමයක් පිළිබඳව සඳහන් නැත. කෘෂිකාර්මික දේවතාවන් ගැන ගීතිකා වල සඳහන් වන අතර එය සමරන බැවින් සමාජය කෘෂිකර්මාන්තය පිළිබඳ සාක්ෂි ඇත. රජවරුන් පූජකයන් සහ ශ්‍රමිකයන් අතර අනුපූරක සබඳතා පැවති නමුත් සමාජ පන්තිවල සාපේක්ෂ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් නොමැත. ඍග්වේදය තුළ කාන්තාවන් තරමක් විවෘතව කතා කරන අතර එය ලියවිල්ලෙහි සඳහන් ආකාරයට පිරිමින්ට වඩා ලිංගිකව විශ්වාසයෙන් පෙනී සිටින ආකාරයෙන් පැහැදිලි වේ. විවාහ මංගල්‍යය පිළිබඳ සවිස්තරාත්මක හා සෞන්දර්යාත්මක ගීතිකාවලින් ඇඟවෙන්නේ ඍග්වේද යුගයේ චාරිත්‍ර වාරිත්‍ර වර්ධනය වී ඇති බවයි. දෑවැද්ද පිළිබඳ සාක්ෂි නොමැති අතර සති පූජාව හෝ ඒ ආශ්‍රිත චාරිත්‍ර පිළිබඳ සාක්ෂි වෛදික ග්‍රන්ථවල නොමැත.

නාසාදිය සුක්ත (10.129):

එදා පැවැත්මක් හෝ නොපැවැත්මක් තිබුණේ නැත;
අභ්‍යවකාශ ක්ෂේත්‍රය හෝ ඉන් ඔබ්බට ඇති අහස නොවේ;
කලවම් කළේ කුමක්ද? කොහෙද? කාගේ ආරක්ෂාවටද?

එදා මරණය හෝ අමරණීයභාවය තිබුණේ නැත;
රාත්‍රිය හෝ දවාලේ වෙන්කර හඳුනාගත හැකි ලකුණක් නැත;
ඒ තැනැත්තා හුස්ම ගත්තේ, සුළං රහිත, ස්වකීය ආවේගයෙන්;
ඒ හැර ඉන් එහා දෙයක් තිබුණේ නැත.

මුලදී අඳුර තිබුණේ, අඳුරෙන් සැඟවුණු;
සුවිශේෂී ලකුණු නොමැතිව, මේ සියල්ල ජලය විය;
රික්තය මගින් ආවරණය වූ දේ;
තාප බලයෙන් ඒ එකක් ඇති විය;

ඇත්තටම කවුද දන්නේ? එය මෙහි ප්‍රකාශ කරන්නේ කවුද?
එය නිෂ්පාදනය කළේ කොහෙන්ද? මේ නිර්මාණය කොහෙන්ද?
මේ විශ්වය නිර්මාණය වීමත් සමඟ දෙවිවරු පැමිණියේ ඉන් පසුවය.
එසේ නම් එය හටගත්තේ කොහෙන්දැයි දන්නේ කවුද?

දෙවියන්ගේ කැමැත්ත එය මැව්වද, නැතහොත් ඔහු ගොළුද;
සමහර විට එය තනිවම සෑදී ඇත, නැතහොත් සමහර විට එය එසේ නොවීය;
ඉහළම ස්වර්ගයේ එහි අධීක්ෂකවරයා පමණක් දන්නේ,
ඔහු පමණක් දනී, නැතහොත් සමහරවිට ඔහු නොදන්නවා විය හැක.

—ඍග් වේද 10.129 (Abridged, Tr: Kramer / Christian) මෙම ගීතිකාව හින්දු දර්ශනයේ මූලයන්ගෙන් එකකි.

ඍග් වේද ගීතිකා වල සහල් සහ කැඳ ගැන සඳහන් වන අතර, කෙසේ වෙතත් වී වගාව පිළිබඳ සාකච්ඡාවක් නොමැත. ආයස් (ලෝහ) යන යෙදුම ඍග් වේදයේ ඇති නමුත් එය කුමන ලෝහයක් දැයි පැහැදිලි නැත. යකට පිළිබඳව එහි සඳහනක් නොමැති අතර ඍග් වේදය ක්‍රි.පූ. 1000 ට පෙර රචනා වූ බවට විද්වතුන් සනාථ කර ඇත. 5.63 ගීතිකාවේ "රත්‍රන් වලින් ආවරණය වූ ලෝහ" ගැන සඳහන් වන අතර, වෛදික සංස්කෘතිය තුළ ලෝහ වැඩ කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ඍග් වේදයේ දක්නට ලැබෙන සමහර දෙවිවරුන්ගේ සහ දේවතාවියන්ගේ නම් මුල්-ඉන්දු-යුරෝපීය ආගම මත පදනම් වූ වෙනත් විශ්වාස පද්ධති අතර දක්නට ලැබෙන අතර භාවිතා කරන බොහෝ වචන වෙනත් ඉන්දු-යුරෝපීය භාෂාවලින් වචන සමඟ පොදු මූලයන් බෙදා ගනී. කෙසේ වෙතත්, ඍග් වේදයේ වචන 300 ක් පමණ ඉන්දු-ආර්ය හෝ ඉන්දු-යුරෝපීය නොවන බව සංස්කෘත සහ වෛදික සාහිත්‍ය විශාරද ෆ්රිට්ස් ස්ටාල් පවසයි. මෙම 300 න්, කපර්දින්, කුමාර, කුමාරි, කිකටා වැනි බොහෝ ඒවා පැමිණෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර සහ ඊසානදිග (ඇසෑමය) ප්‍රදේශයේ දක්නට ලැබෙන මුණ්ඩ හෝ ප්‍රාකෘත-මුන්ඩ භාෂාවලිනි. 300 ලැයිස්තුවේ ඇති අනෙකුත් ඒවාට ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ද්‍රවිඩ මූලයන් හෝ ටිබෙටෝ-බුරුම සම්භවයක් ඇත. ඔටුවන්, අබ සහ කොටළුවා වැනි - ඍග් වේදයේ ඇති ඉන්දු-යුරෝපීය නොවන වචන කිහිපය සමහර විට අහිමි වූ මධ්‍යම ආසියානු භාෂාවකට අයත් විය හැකිය.

 
Rigveda
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    රත්න ඇල්ල

  • මාර්තු 24, 2026

    ක්‍රිස්තියානි ආගම

  • මාර්තු 23, 2026

    සාමය

  • අප්‍රේල් 11, 2026

    හන්තාන කඳුවැටිය

  • අප්‍රේල් 07, 2026

    Harmonic oscillator

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට