සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අද්වෛත වේදාන්ත (සංස්කෘත: अद्वैत वेदान्त , IAST: Advaita Vedānta, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ ද්විත්ව නොවන”) යනු හින්දු දර්ශනයේ පාසලක් වන අතර එය ඉන්දියානු සම්ප්‍

අද්වෛත වේදාන්ත

  • මුල් පිටුව
  • අද්වෛත වේදාන්ත

අද්වෛත වේදාන්ත (සංස්කෘත: अद्वैत वेदान्त , IAST: Advaita Vedānta, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ ද්විත්ව නොවන”) යනු හින්දු දර්ශනයේ පාසලක් වන අතර එය ඉන්දියානු සම්ප්‍රදායේ අධ්‍යාත්මික සාක්ෂාත් කර ගැනීමේ සම්භාව්‍ය පද්ධතියකි. අද්වෛත යන්නෙන් අදහස් කරන්නේ බ්‍රහ්මන් පමණක් පරම සත්‍ය වන බවත්, සංසාරය යනු බ්‍රහ්මන් ගේ මායාව බවත්, ආත්මන් යනු බ්‍රහ්මන් බවයි.

ආදි ශංකර, අද්වෛත වේදාන්ත සම්ප්‍රදායේ වඩාත් කැපී පෙනෙන දේශකයා.

මෙය පුරුශවාද සහ මායාවාද ලෙසින්ද හඳුන්වනු ලබයි. මෙයට අනුව සමස්ථ ලෝක ධාතුවම මායාවක් වන අතර අවිද්‍යාව හේතුවෙන් එය ඉන්ද්‍රියන් ඔස්සේ ග්‍රහණය කරගන්නා නමුත් එය බ්‍රහ්මන් ගේ එකම යථාර්ථය මත පදනම් වූ මායාවකි. ඔවුන් මුක්තිය සොයනු ලබන්නේ සංසාර මායාව අවබෝධ කරගැනීමෙන් විද්‍යාව හෙවත් ආත්මයේ/බ්‍රහ්මන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගැනීමෙනි.

අද්වෛත වේදාන්ත එහි මූලයන් පැරණිතම උපනිෂද් දක්වා දිව යයි. මෙය සම්ප්‍රදායික හින්දු දර්ශන හයෙන් එකක් වන වේදාන්ත හි පැරණිතම උප දර්ශනයයිෆ් එහි මූලයන් ක්‍රි.පූ. 1 වන සහස්‍රය දක්වා දිව යන අතර මෙහි වඩාත් කැපි පෙනෙන දේශකයා වන්නේ ආදි ශංකරයි. අනෙකුත් දර්ශන තුළ මරණයෙන් පසු ලබාගන්නා මුක්තිය පිළිබඳව (විදේහමුක්තී) අවධාරනය කරන විට අද්වෛතය තුළ සඳහන් වන්නේ මුක්තිය මෙම ජිවිතය තුළම ලබාගත හැකි බවයි (ජීවනමුක්තී). අද්වෛත වේදාන්ත යනු සම්භාව්‍ය ඉන්දියානු චින්තනයේ වඩාත්ම අධ්‍යයනය කරන ලද හා වඩාත්ම බලපෑම් කළ දර්ශනයකි. බොහෝ විද්වතුන් එය ඒකාකාරී ස්වරූපයක් ලෙස විස්තර කරන අතර තවත් සමහරු අද්වෛත දර්ශනය ද්විත්ව නොවන බව විස්තර කරති. අද්වෛතය ආගමක් ලෙස නොව දර්ශනයක් හෝ අධ්‍යාත්මික මාර්ගයක් ලෙස සලකනු ලැබේ. මන්ද එය අනුගමනය කරන්නන් නිශ්චිත ඇදහිල්ලක හෝ නිකායක නොවන නිසාය.

හින්දු ආගමෙන් ඔබ්බට අද්වෛත වෙදන්‍ත ජෛනාගම හා බුදු දහම වැනි ඉන්දියාවේ අනෙකුත් සම්ප්‍රදායන් සමඟද අන්තර් වශයෙන් වර්ධනය විය.

නිරුක්තිය සහ නාමකරණය

  • ''අ'' (अ) යන උපසර්ගයේ අරුත ''නොවන'' යන්නයි.
  • ''ද්වෛත'' (द्वैत) යනු ද්විත්වභාවය යන්නයි.

ඒ අනුව මෙහි සංක්ෂිප්ත අරුත වන්නේ ද්විත්ව නොවන, ඒකියත්වය බවයි. එහි අර්ථය වන්නේ බ්‍රහ්මන් හැර වෙනත් යථාර්ථයක් නොමැති බවයි, “යථාර්ථය විවිධ කොටස් වලින් සෑදී නැත”, එනම්, වෙනස්වන වස්තූන්ට (අස්ථීර) වලට තමන්ගේම පැවැත්මක් නැත, නමුත් එය බ්‍රහ්මන්ගේ තත්වයකි, ආත්මය සහ බ්‍රහ්මන් අතර වෙනසක් නැත. නිර්මාණය සහ නිර්මාණයේ මූලය අතර වෙනසක් නැත.

වේදාන්ත යන වචනය සංස්කෘත වචන දෙකක සංයුතියකි. ''වේද'' යන වචනයෙන් අදහස් කරන්නේ වෛදික ග්‍රන්ථවල සමස්ත සංග්‍රහයයි."අන්ත" යන වචනයේ තේරුම 'අවසානය යන්නයි'. ඒ අනුව වේදාන්ත යනු ''වේදයන්ගේ අවසානය'' හෝ "වේදයන්ගේ පරම දැනුම" ලෙස පරිවර්තනය කළ හැකිය. වේදාන්ත යනු හින්දු දර්ශන ශාස්ත්‍රිය ගුරුකුල හයෙන් එකකි.

බෞද්ධ හා ආසියානු අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයකු වන රිචඩ් කිං පවසන පරිදි, අද්වෛත යන වචනය මුලින්ම හඳුනාගත හැකි වන්නේ මන්ඩුක්‍ය උපනිෂද් තුළයි.

දර්ශනය

 
ජල බිංදුවක් සාගරය හා එක්වන සේ ආත්මය බ්‍රහ්මන් සමඟ එක් වේ

නිවැරදි අවබෝධය කෙනෙකුගේ සැබෑ අනන්‍යතාව හෙවත් ආත්මන් පිළිබඳ දැනුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම ආත්මය සහ බ්‍රහ්මන් පිළිබඳව ඇති අවබෝධය නිර්වාණ මාර්ගය විවර කරයි.

අවිද්‍යාව (ආත්මය සහ බ්‍රහ්මන්ගේ සැබෑ ස්වභාවය අවහිර කිරිම) විනාශ කරන නිවැරදි අවබෝධය මෙම පියවර හතර ඔස්සේ ලබා ගත හැකිය, එනම්; ස්වයං සමෘද්ධිය, ඍෂි වරයන්ගේ ඉගැන්වීම් ශ්‍රවණය කිරීම, එම ඉගැන්වීම් ආවර්ජනය කිරීම සහ සත්‍යය පිළිබඳව මෙනෙහි කිරීමයි.

අද්වෛතය පුරුෂ සහ ප්‍රකෘතියේ ද්විත්ව බාවය නිෂ්ප්‍රභා කරනු ලබයි. මෙම උපකල්පනය පිළිගැනීමෙන්, අද්වෛත සහ අනෙකුත් වේදන්ත සම්ප්‍රදායන් එකිනෙකට ප්‍රතිලෝම පිළිතුරු සපයන විවිධ න්‍යායාත්මක දුෂ්කරතා පැන නගී.

ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ආත්මය සහ බ්‍රහ්මන් අතර ඇති සම්බන්ධයයි. ඒවා එක හා සමාන යැයි සැලකීමෙන් විසඳනු ලැබේ. තවත් ප්‍රශ්නයක් නම් බ්‍රහ්මන්ට ලෝකය නිර්මාණය කළ හැක්කේ කෙසේද සහ අතිවිශිෂ්ට යථාර්ථයේ විවිධාකාර බව පැහැදිලි කරන්නේ කෙසේද යන්නයි. අතිවිශිෂ්ට යථාර්ථය 'මායාවක්' ලෙස ප්‍රකාශ කිරීමෙන් ආත්මයේ / බ්‍රහ්මන්ගේ ප්‍රමුඛතාවය පවත්වා ගත හැකිය.

අද්වෛතය විසින් අනෙකුත් ද්වෛත දර්ශන සහ බුදු ධහම වැනි බ්‍රහ්මන් නොපිළිගන්නා දර්ශනයන් විවේචනය කරනු ලබයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    ශ්‍රි ලංකාව

  • අප්‍රේල් 09, 2026

    සිංහල විවාහය

  • අප්‍රේල් 03, 2026

    හරිනි අමරසූරිය

  • අප්‍රේල් 09, 2026

    ජන සංහාරය

  • අප්‍රේල් 03, 2026

    තම්බපණ්ණි රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට