ශක්ති ධර්මය යනු ආදි පරාශක්ති දේවිය පූර්ණ පරබ්‍රහ්මන් ලෙසින් පිළිගන්නා හින්දු උප ලබ්ධියයි. පරම දෙවිඳුන් මාතෘත්වයෙන් දැකීම සහ වන්දනා කිරිම මෙහි මූලික සිදු වේ.

නැගෙනහිර ඉන්දියාවේ එනම් බෙංගාලය, ඇසෑමය වැනි ප්‍රදේශ වල ශක්ති වාදය බහුලව පවති. ආදි ශක්තිය නැතහොත් පරා ශක්තිය විශ්වයේ සියලූ යාම් ඊම් වල ගැබ්වන අභ්‍යන්තර ශක්තිය ලෙසින් ශක්තිවාදි හින්දූන් විශ්වාස කරයි. පරා ශක්තියේ ප්‍රධාන ස්වරූපයන් ලෙස භුවනේශ්වරී සහ සරස්වතී, ලක්ෂ්මී,දුර්ගා,රාධා සහ සාවිත්‍රී යන දෙවඟනන් දැක්වේ. දේවි භාගවත පුරාණයට අනුකූලව ත්‍රිමූර්තිය එනම් බ්‍රහ්ම,විෂ්ණු සහ ශිව දෙවියන්ගේ මාතාවද ආදි ශක්තිය යි.
ඉතිහාසය සහ ආරම්භය
ශක්ති වාදය පිළිබඳව සඳහන් වන පැරණිතම මුලාශ්‍රය වන්නේ සෘග් වේදයේ දසවන පරිච්ඡේදයේ දේවි සුක්තම් වේ.
මා වෙමි රැජිණිය, සියලු නිධානයන් රැස් කර දෙන්නියයි. සියල්ලගේම වන්දනයට සුදුසු වන්නා වූ අධිකතර චින්තකයාය. එමතුද නොව මා විසින් දේව ගණයා (ත්‍රිමූර්තියද ඇතුලුව) හට බොහෝ ස්ථානයන් හී වාසයට පැමිණිය හැකි සේ ස්ථාපිත කර ඇත්තේය.මා විසින් සියල්ල ආහාර ගෙන යැපෙති. දෘෂ්ටිය ශබ්දය සහිත ආශ්වාස-ප්‍රශ්වාස කරන්නා වූ සියලු ජීවීන් එය දනී හෝ නොදනී. මා මහා විශ්වයෙහි ප්‍රකට ස්වභාවය තුළ වාසය කරන්නෙමි. මා විවර කරන්න කරන්නා වූ මෙම සත්‍ය සියල්ල අසත්වා.සැබැවින්ම මා සම්පූර්ණ කොට පවසන මෙම වදන් සියලු දෙවියන් ඇතුළු මිනිසුන් තමන්ගේ යහපත උදෙසා ඒ ආකාරයෙන් ම පිළිගත යුත්තේ ය.මාගේ ඉච්ඡාව වන්නේත් අරමුණ වන්නේ මිනිසා අග්‍රගණ්‍ය බවට පත්වී විශ්වය අවබෝධ කර කරවූ සෘෂිවරයන් බවට පත්කිරීමයි. ඒ සඳහා මා ඔවුන් පෝෂණය කරමි. විශ්වයේ එදිරිවාදින් හට විරෝධය පෑම උදෙසා මා ඔහුගේ (රුද්‍ර) දුන්නෙහි දුනුදිය අදින්නෙමි.
මං පෘථිවියේ සහ ස්වර්ගය නිර්මාණය කර එහි ඇතුළාන්තයේ පරි පාලිකාව ලෙස හිඳිමි. ලෝකයේ මුදුන මා අහස්ගැබ ඉදිරියට වන සේ ගෙන ආ මුත්, මාගේ නිවස ජලය සහිත සාගරයේ ය. එතැන් සිට පැතිරුණු සියළු සියලු ජීවීන්ගේ පෞර්ෂය ද මා වෙමි. මාගේ විශ්ව රුව තුළ ඔවුන් සියල්ල විද්‍යාමාන වේ. මහ පරයන උත්තරීතර අයකු නොමැති ලෙස ඔවුන් සියල්ලම පැතිරව වාසය කරන්නා සේ, මාගේ ඉඡ්චාවන් පරිදි සියලු ලෝකයන් මා විසින් විද්‍යාමාන කොට ඇත. සදාතනික වූ පරම විඥානය මා වෙමි. එය මාගේ ශ්‍රේෂ්ඨත්වය තුළ ලැඟුම් ගෙන ඇත.
–Devi Sukta, Rigveda 10.125.3 – 10.125.8,
චතුර් වේදය තුල ස්ත්‍රී තත්වයට වඩා පුරුෂාර්තයට වැඩි ඉඩකඩක් ලබා දුන්නද, මෙයින් සඳහන් වන්නේ විශ්වයේ ඇති සැඟවුණු ශක්තිය නම් ස්ත්‍රී තත්වයක් බවයි.
ලිඛිත මුලාශ්‍රයන්
දේවි භාගවත පුරාණය
දේවී භාගවත පුරාණය යනු ශක්ති ධහම අඩංගු මුලිකම ග්‍රන්ථයයි. මෙම පුරාණයට අනුකූලව විශ්වයේ සැබෑම අන්තර් ශක්තිය වන්නෙ ආදි පරාශක්ති දේවිය යි. ත්‍රිමූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙවිවරුන්ද එතුමියගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ. ඒ අනුව දේවියගේ සත්‍යම නිවාසය වන්නේ මණිද්වීපය නම් ආධ්‍යාත්මික ලෝකයයි. එහි එතුමිය භුවනේශ්වරී/ ත්‍රිපුරසුන්දරි ඇතලු දසමහාවිද්‍ය ස්වරූප වලින් විරාජමානව වැඩ සිටි.
දේවි මහත්ම්‍යම්
මාර්කණ්ඩේය පුරාණය 81 සිට 93 දක්වා පරිච්ඡේදයන් දේවි මහත්ම්‍යම් (දුර්ගා සප්තශති) ලෙසින් හැඳින්වේ. දේවි මහත්ම්‍යම් තුල ධර්මය සහ අධර්මය අතර ඇති අන්නා යුද්ධයන් පිළිබඳ කතා පුවත් දැක්වේ. හින්මදු ධහමේ ඉතා ප්‍රචලිත කතා පුවතක් දුර්ගා දේවිය සහ මහිශාසසුර අතර ඇති වන්නා වූ මහා යුද්ධය පිළිබඳව දැක්වෙන්නේ මෙහිය. මෙහි සඳහන් අකාරයට විශ්වයේ පරම වූ සත්‍ය වන බ්‍රහ්මන් ස්ත්‍රී තත්වයකි. මෑණියන්ගේ ප්‍රචලිත සාධනා අඩංගු මෙය ස්ලෝකයන් 700කින් සමන්විත වේ.
කාලිකා පුරාණය
සාග මාර්කණ්ඩේය විසින් රචිත උප පුරාණයකි. මෙය ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ථයේ නිර්මාණය කෙරු බවට විශ්වාසයක් පවති. දේවිය සහ සහ ශිව දෙවියන් වටා ගෙතුනු කතා පුවත් වලින් සමන්විත වන අතර, ත්‍රිමූර්තිය වනාහි එක් අයෙකු ලෙසින් මෙහි දක්වා ඇත. එමෙන්ම සියලු දෙවඟනන් එම මහා ශක්තියේම ස්ත්‍රී ස්වරූප ලෙසින් දක්වයි.
මහා භාගවත පුරාණය
ශක්ති ධහම අඩංගු වන වේද ව්‍යාස විසින් රචිත තවත් අප්‍රකට උප පුරාණය කි. මෙහි පෘකෘති දේවිය විසින් විශ්ව නිර්මාණය ඇතුළු සති සහ පාර්වති දේවියගේ විස්තර අඩංගු අතර ශක්ති ධහමට අනූකූලව රාමායණය කතා පුවතත්, අනෙකුත් පුරාණ ග්‍රන්ථයන් හී සඳහන් නොවන්නා වූ ඉතා විරල කතා පුවතක් වන කාලි දෙවඟන ගේ කෘෂ්ණ ස්වරූපයේ කතා පුවතත් අඩංගු වේ. එමෙන්ම මෙහි අවසාන පරිච්ඡේදයන් හී ශක්ති පීඨ යන්හි තොරතුරුද ගංගා දේවියගේ වැදගත්කමද අඩංගු වේ.