සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එන්ටීවී යනු තුර්කිය තුල සිය විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාව තුල පුවත් වැඩසටහන් වලට අමතරව පාපන්දු වැඩසටහන්, (විශේෂයෙන් La Liga තරඟ

එන්ටීවී (තුර්කිය)

විකිපීඩියා වෙතින්
එන්ටීවී
NTV
දියත්කල දිනය 1996 නොවැම්බර් 10
අයිතිකරුවෝ Nergis Group (1996–1999)
Doğuş Media Group (1999–වර්තමානය තෙක්)
රූප ආකෘතිය 16:9 (576i, SDTV)
රට  තුර්කිය
භෘෂාව තුර්කි
විකාශන සරිය තුර්කිය
මූලස්ථානය ඉස්තාන්බුල්
සහෝදර නාලිකා(ව) CNBC-e
e2
Kral TV
NTV Spor
Star TV
වෙබ් අඩවිය ntv.com.tr
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Türksat 3A 11054 H, SR 30000, FEC 5/6
Eutelsat W3A Digiturk channel 41

එන්ටීවී යනු තුර්කිය තුල සිය විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාව තුල පුවත් වැඩසටහන් වලට අමතරව පාපන්දු වැඩසටහන්, (විශේෂයෙන් La Liga තරඟ), සහ NBA තරඟ විකාශය කරනු ලබයි.

අතීතය

1996-2008

1996 වසරේදී Cavit Çağlar ගේ Nergis සමූහයට අයත් රූපවාහිනී නාලිකාවක් ලෙස ආරම්භ කල එන්ටීවී, එරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවද විය. 1999 ජනවාරියේදී, Doğuş සමූහයේ සාමාජිකයෙකු බවට එන්ටීවී පත්විය.

වැඩසටහන්

දේශීය සහ ජාත්‍යන්තර පුවත් වැඩසටහන් වලට අමතරව එන්ටීවී නාලිකාව, විවිධ වාර්ථා වැඩසටහන්, ව්‍යාපාරික වැඩසටහන්, කලා සහ සංස්කෘතිය පිළිබඳ වැඩසටහන්, ක්‍රීඩා සහ එදිනෙදා වැඩසටහන් සිය නාලිකාව තුල විකාශනය කරනු ලැබේ.

සිදුවීම්

2013 ජුනි මසදී තුර්කියේ හටගත් උද්ඝෝෂණ පිළිබඳව තොරතුරු නියමාකාරයෙන් ඉදිරිපත් නොකිරීම නිසා, ඉස්තාන්බුල් පිහිටි එන්ටීවී ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට මහජන විරෝධතා පැවැත්වුණු අතර, එම හේතුවෙන් එන්ටීවී හී සමහර නිලදාරීන් සිය තනතුරු වලින් පවා ඉවත්ව යාමට කටයුතු කලහ. Doğuş මාධ්‍ය සමූහයේ ප්‍රධාන විධායක නිලදාරී වූ, Cem Aydın, මහජන විවේචන පිළිගනිමින්, "ඔවුන් (ප්‍රේක්ෂකයින්) පාවා දීමට ලක් වූවා යැයි හැඟෙනවා ඇති" යනුවෙන් ප්‍රකාශයක් සිදු කොට, Doğuş මධ්‍ය සමූහයෙන් ඉවත්ව යන ලදී. ඔහුගේ නික්ම යාමෙන් සුළු මොහොතකට පසු, ඇතිකරගෙන තුබූ ගිවිසුම් අනූව බීබීසී වර්ල්ඩ් නිව්ස්හී, තුර්කියේ මාධ්‍ය නිදහස පිළිබඳ වැඩසටහනක් විකාශය කිරීම එන්ටීවී නාලිකාව ප්‍රතික්ෂේප කරන ලදී. එන්ටීවී නාලිකාව බීබීසීය සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම කඩකිරීම හේතුවෙන්, එම ගිවිසුම අත්හිටුවීමට බීබීසී ය පියවර ගන්නා ලදී.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

භාහිර සබැදි

ඉහළට