| සීජීටීඑන් CGTN | |
|---|---|
| |
| දියත්කල දිනය | 2000 සැප්තැම්බර් 25 |
| ජාලය | China Central Television |
| අයිතිකරුවෝ | China Central Television |
| රූප ආකෘතිය | 16:9 |
| ප්‍රචාරණ උද්‍යෝග පාඨය | See the Difference (වෙනස බලන්න) |
| රට | |
| භෘෂාව | ඉංග්‍රීසි |
| විකාශන සරිය | ලොවපුරා |
| මූලස්ථානය | CCTV Beijing Television Centre Headquarters, Beijing Central Business District, බෙයිජිං, චීනය |
| පෙරදී හැඳින්වුනේ | CCTV-9 (25 සැප්තැම්බර් 2000 - 25 අප්‍රේල් 2010) CCTV News (26 අප්‍රේල් 2010 - 31 දෙසැම්බර් 2016) |
| වෙබ් අඩවිය | CGTN |
සීජීටීඑන්/CGTN (China Global Television Network) (පූර්ව නාමයන් සීසීටීවී නිව්ස් (CCTV News), CCTV-9 ) යනු චීනයේ බෙයිජිං අගනුවර පදනම් කර ගනිමින් පැය 24 පුරාම විකාශය වන, චීන මධ්‍යම රූපවාහිනී ජාලයට (China Central Television) අයත් ජාත්‍යන්තර ඉංග්‍රීසි පුවත් නාලිකාවකි. ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට නොමිලේ මෙම නාලිකාව නැරඹිය හැකිය.
ඉතිහාසය
1979 ජනවාරි 1 දින මුල්ම සීසීටීවී (CCTV) නාලිකාව ආරම්භ විය. පසුව 1984 දී සීසීටීවී-2 (CCTV-2) නාලිකාව යටතේ ඉංග්‍රීසි පුවත් විකාශය ඉදිරිපත් කෙරිණි. 1991 පෙබරවාරියේදී හා අගෝස්තුවේදී විදෙස් රටවල නරඹන්නන් සඳහා සීසීටීවී-4 (CCTV-4) සහ සීසීටීවී-13 (CCTV-13) නාලිකා යටතේ ඉංග්‍රීසි පුවත් ඉදිරිපත් කෙරිණි. පසුව සීසීටීවී-9 නාලිකාව ඔස්සේ පුවත් නොවන තවත් විවිධ වැඩසටහන් සමග ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කෙරිණි. නමුත් 2010 අප්‍රියෙල් වලදී සීසීටීවී-9 නාලිකාවේ නම සීසීටීවී නිව්ස් 'CCTV News' ලෙස වෙනස් කොට පැය 24 පුරා විකාශය වන අංග සම්පූර්ණ ඉංග්‍රීසි පුවත් නාලිකාවක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දෙන ලදී.
අළුත්වැඩියාව
2010 අප්‍රියෙල් 26 දින CCTV-9 ලෙස එතෙක් හැඳින්වූ නාලිකාවේ නම සීසීටීවී නිව්ස් (CCTV News) ලෙස වෙනස් කරන ලදී. තවද සමහර තිබූ වැඩසටහන් නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරුණු අතර අළුත් වැඩසටහන් කීපයක්ද එකතු කරන ලදී.
2012 ජනවාරි 11 දින කෙන්යාව තුල නයිරෝබි හීදී සීසීටීවී අප්‍රිකා (CCTV Africa) නම් නව ඉංග්‍රීසි නාලිකාවක් අරඹන ලදී. 2012 පෙබරවාරි 6 දිනදී සීසීටීවී අමෙරිකා (CCTV America) නමින් තවත් නව නාලිකාවක් ඇමරිකාව තුල වොෂින්ටන් ඩීසී හිදී ආරම්භ කෙරිණි. වර්ථමානයේ සීසීටීවී නිව්ස් සතුව පුවත් මධ්‍යස්ථාන 3 ක් පවතී. එහි ප්‍රධාන මධ්‍යස්ථානය චීනයේ බීජිං නගරය තුලත්, අනෙක්වා කෙන්යාවේ නයිරෝබී හීත්, ඇමරිකාවේ වොෂිංටන් ඩීසී හීත් පිහිටුවා තිබේ. මීට අමතරව ලොව වටා ස්ථාන 70 ක පමණ පුවත් කාර්යාල පිහිටුවා තිබෙයි.
වැඩසටහන් සම්පාදනය
සීසීටීවී නිව්ස් සාමාන්‍යයෙන් සෑම පැයකම පාහේ මුල් මිනිත්තු 30 දී පුවත් හා එම සම්බන්ධ ව්‍යාපාරික හෝ කලාපීය තොරතුරු විකාශයක් ඉදිරිපත් කරයි. අවසාන මිනිත්තු 30 තුල විවිධ සංචාරක, ක්‍රීඩා, දේශීය තොරතුරු, සංස්කෘතික වැඩසටහන් ආදිය ඉදිරිපත් කරයි.
සීසීටීවී අප්‍රිකා
සීසීටීවී අප්‍රිකා (CCTV Africa) යනු මධ්‍යම චීන රූපවාහිනිය විසින් පවත්වාගෙන යන 2012 ජනවාරි 11 දින කෙන්යාවේදී ඇරඹූ ඉංග්‍රීසි උප නාලිකාවකි. අප්‍රිකානු මහද්වීපයේ පුවත් සහ අදහස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කලද ජාත්‍යන්තර පුවත්ද ගෙනහැර දක්වයි. මෙම රූපවාහිනියේ සමහර වැඩසටහන් සීසීටීවී නිව්ස් නාලිකාව තුලද විකාශය වෙයි.
සීසීටීවී අමෙරිකා
සීසීටීවී අමෙරිකා (CCTV America) යනු මධ්‍යම චීන රූපවාහිනිය විසින් පවත්වාගෙන යන, 2012 පෙබරවාරි 6 දින ඇරඹූ ඉංග්‍රීසි උප නාලිකාවකි. අමෙරිකාවේ වොෂිංටන් ඩීසී (Washington DC) පදනම් කරගත් මෙම නාලිකාව උතුරු සහ දකුණු අමෙරිකාව වෙත මුදා හරියි. අමෙරිකානු සහ චීන මාධ්‍යවේදීහු එක්ව මෙහි සේවය කරති. මෙම රූපවාහිනියේද සමහර වැඩසටහන් සීසීටීවී නිව්ස් නාලිකාව තුල විකාශය කරයි.
සම්මාන
- 2010 දී, පුළුල් සහ පැතිරුනු විවිධත්වයෙන් යුත් ගෝලීය තොරතුරු හා අදහස් ගෙනහැර පෑම වෙනුවෙන් ජාතික සම්මාන උළෙලක් වූ Hot Bird TV Awards උළෙලේදී National Window Prize ත්‍යාගයෙන් සීසීටීවී නිව්ස් පිදුම් ලැබීය.[1]
විවේචන
විවිධ නව්‍යකරණයන් සිදු කලද, සීසීටීවී නාලිකාව චීනය සම්බන්ධ සමහර සංවේදී කරුණු ස්වකීය අභිමතය පරිදි වෙනස් කොට ඉදිරිපත් කරන බවට විවේචන එල්ල වෙයි.[2] සංරක්ෂණය කළ පිටපත 2013-12-11 at the Wayback Machine
මේවාද බලන්න
- සීජීටීඑන්
- "About The Heat". සම්ප්‍රවේශය 2012-05-05.
- "About CCTV News". සම්ප්‍රවේශය 2009-08-21.
- CCTV News, Your Link to Asia සංරක්ෂණය කළ පිටපත 2010-05-12 at the Wayback Machine CCTV Press Release, 26 April 2010
- About CCTV Africa CCTV Africa
- About CCTV America CCTV America
බාහිර සබැදි
- Official Site සංරක්ෂණය කළ පිටපත 2012-09-01 at the Wayback Machine
- CNTV English
