සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකා‍‍වේ කොළඹ 10 හි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයැවෙන රාජ්‍ය පාසලකි. ශ්‍රී ලංකාවේ ජනප

නාලන්දා විද්‍යාලය

  • මුල් පිටුව
  • නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකා‍‍වේ කොළඹ 10 හි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයැවෙන රාජ්‍ය පාසලකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක්‌ වන අතර විශිෂ්ටම පාසල් අතරින් එකකි.

නාලන්දා විද්‍යාලය, කොළඹ
Nalanda College, Colombo
நாளந்தா கல்லூரி, கொழும்பு
ස්ථානය
Map
කොළඹ

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨය"අපදාන ශෝභිනී පඤ්ඤා"
ප්‍රඥාවෙන් චරිතය ඔපනැංවේ
ආරම්භ කලේ1925 නොවැම්බර් 01 වනදා
ආදිකර්තෘපැට්‍රික් ද සිල්වා කුලරත්න
විදුහල්පතිඉරාන් චම්පික ද සිල්වා
ශ්‍රේණිශ්‍රේණිය 1 - 13
බාලක/බාලිකාපිරිමි
සිසුන් ගණන5000
වර්ණ(ය)ලෝහිත(maroon ) හා රිදී (silver)         
ආදී ශිෂ්‍යආදී නාලන්දියන්
වෙබ් අඩවියwww.nalanda.sch.lk

පටුන

අතීතය

 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ප්‍රධාන දොරටුව

නාලන්දා විද්‍යාලය පී.ද.එස්. කුලරත්න විසින් ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ක්‍රි.ව. 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදි. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද පරමවිඥානාර්ථවාදී අමෙරිකානු‍ ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් විසින් මෙහෙයවනු ලැබූ පරමවිඥාණාර්ථ සංගමයේ සහය ඇතිව ආරම්භකරන ලදි.

ආනන්ද විදුහලේ කොටසක් ලෙස

 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ පැරණිතම ගොඞනැගිලි

නාලන්දා විද්‍යාලයේ ආරම්භය මූලික හේතුව වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට තිබූ අධික ඉල්ලුමට විකල්ප විසඳුමක් ලබාදීමවේ. එවකට විදුහල්පති පී.ද.එස්. කුලරත්න මැතිඳා ආනන්ද විද්‍යාලයට යාබඳ කැම්බල් පෙදෙස ක්‍රීඩා පිටිය බද්දට ගෙන එහි උණ ලීයෙන් හා පොල් අතු සෙවිලිකල පංති කාමර තනා අමතර සිසුන් ඇතුලත් කර ගත්තේය.

වෙනම පාසලක් වීම

 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ තක්ෂිලා මැදුර

අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ 39 වන සංවසර වන 1925 නොවැම්බර් පළමුදා පී.ද.එස්. කුලරත්න විසින් නාලන්දා විද්‍යාලය වෙනම පාසලක් ලෙස ආණ්ඩුවේ ලියා පදිංචි කරන ලදි. විසිවන ශතවර්ෂයේ ශ්‍රි ලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ට චරිතයක් වන බලංගොඩ ආනන්ද ‍මෛත්‍රී හිමිපාණන් මෙම නවතම පාසැලට නාලන්දා යන නම තැබූ අතර එහි උපදේශ වාක්‍යය අපදාන ශෝභිනී පඤ්ඤා හෙවත් “ප්‍රඥාවෙන් චරිතය ඔපනැංවේ“ යන්න තෝරා ගැනිණි. එල්.එච්.මෙත්තානන්ද ආරම්භක විදුහල්පති වරයා වශයෙන් පත් කරන ලදි.

තවද පී.ද.එස්. කුලරත්න මැතිඳා ආනන්ද විද්‍යාලයෙන් තෝරාගත් හොඳම සිසුන් 330 නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික හා උසස් පෙළ සිසුන් ලෙස ඇතුලත් කර ගත්තේ ය.

නව ගොඩනැගිලි

 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ භාෂා විද්‍යාගාරය
 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ පිහිනුම් තටාකය

අනතුරුව 1926 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා විදුහල්පති වීමෙන් පසු අනගාරික ධර්මපාල තුමාගේ සහයෝගයෙන් පංති කාමර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් තනන ලදී. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කරන ලදී.

 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ මලලසේකර රඟහල

නාලන්ද සිසුන්ගේ විශේෂ දක්‍ෂතා

අධ්‍යාපනය

නාලන්දාවෙ සිංහල බස ප්‍රධාන භාෂාව වන අතර හය වසරේ සිට නාලන්දා සිසු දරුවනට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද ඇත. සෑම වසරකම නාලන්දා ශිෂ්‍යයෝ අ:පො:ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඉතා උසස් අන්දමින් සමත් වන්නාහුය.

විදෙස් ජයග්‍රහණ

නාලන්දාවෙන් සිප් සතර හැදෑරූ සිසුන් බොහොමයක් අද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලොවටම මහඟු සේවයක් කරති. සමහරුන් ඉගෙනීමට පමණක් නොව ක්‍රීඩාවටද දක්ෂයෝය. නාලන්දා සිසුවෝ වසර 2011 දී ඇමරිකානු පරිගණක ආයතන ඔරැකල් තින්ක්ක්වෙස්ට් මගින් පවත්වනු ලැබූ ජ්‍යාත්‍යන්තර පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ තරගයෙන් ලොව පළමු තැන හිමිකරගත්හ. වසර 2014 දී නාලන්දා සිසුවකු නැනෝ තාක්ෂණය යොදා ගෙන පියයුරු පිළිකා රෝගීන්ගේ ලියුකේමියා සෛල විනාශ කිරීමේ තාක්ෂණය තුළින් ප්‍රතිකර්මයක් සොයාගෙන ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සැණකෙළියේ දී පළමුවන ස්ථානය දිනා ඇමරිකානු ලෝස් ඇන්ජලිස් ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා තාක්ෂණ සැණකෙළිය නියෝජනය කරන්නට වරම් ලබා ලංකාවට අතිමහත් කීර්තියක් ගෙනදුන්නේය. වසර 2017 දී නාලන්දා සිසුවකු ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් රිදී පදක්කම දිනාගෙන ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාඥයා වි ඇත.

සමිති හා සංගම්

  • නාට්‍ය හා චිත්‍ර පට කවය
  • තාරකා විද්‍යා සංගමය
  • දැණුම මිනුම සංගමය
  • අහස් යාත්‍රා සංගමය
  • ධීර සමාජය
  • පුරාවිද්‍යා සංගමය
  • බෞද්ධ සංගමය
  • තොරතුරු මාධ්‍ය ඒකකය
  • පරිගණක සංගමය
  • වාණිජ සංගමය
  • ඉංග්‍රීසි විවාධ සංගමය
  • නාවික ඉංජිනේරු සංගමය
  • නේවාසික ශිෂ්‍ය සංගමය
  • rubik cube club
  • graphic designing society
  • hela haula
  • computer games club
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • පරිසර සංගමය
  • ඉන්ටරැක්ට් සමාජය
  • ලිඕ සමාජය
  • ශිෂ්‍ය නායක සංගමය
  • ඡායාරූප හා කලා සංගමය
  • රොකට් ලොන්ච්සංගමය
  • ප්‍රෙහේලිකා සංගමය
  • මාර්ග ආරක්ෂක සංගමය
  • පුස්තකාල සංගමය
  • විද්‍යා සංගමය
  • ශේක්ෂ්පියර් නාට්‍ය සංගමය
  • සමාජ සේවා සංගමය
  • සිංහල කථික හා කලා සංගමය
  • සිංහල වාද හා විවාද සංගමය
  • සෞඛ්‍යදාන ඒකකය
  • එක්සත් ජාතීන්ගේ සංගමය
  • බටහිර තූර්ය වාදක සංගමය
  • වනජීවී හා පරිසර සුරැකීමෙ සංගමය

අතීත කාර්යමණ්ඩලය

හිටපු විදුහල්පතිවරු

නම සිට දක්වා
එල්.එච්.මෙත්තානන්ද
1925 1926
මහාචාර්ය ගුණපාල මලලසේකර
1926 1927
ජී.කේ.ඩබ්ලිව්.පෙරේරා
1927 1928
ජේ.එන්.ජිනේන්ද්‍රදාස
1928 1946
ඩී.සී.ලෝරිස්
1947 1952
එම් ද එස්.ජයරත්න
1953 1955
එම්.ඩබ්ලිව්.කරුණාරත්න
1956 1962
කේ.එම්.ඩබ්ලිව්.කුරුප්පු
1962 1963
ඩී.ජේ.එදිරිසිංහ
1963 1964
ගුණපාල වික්‍රමරත්න
1964 1969
සුගුනදාස අතුකෝරාල
1969 1982
ධර්මා ගුණසිංහ
1982 1990
ඩී.ජී.සුමනසේකර 1990 1994
එඩ්වඩ් රණසිංහ
1994 1999
හේමන්ත ප්‍රේමතිලක 1999 2010
රන්ජිත් ජයසුන්දර 2010 2017
තිලක්‌ වත්තුහේවා 2017 2023
ඉරාන් චම්පික ද සිල්වා 2023 අද දින

කීර්තිමත් ගුරුවරු

 
නාලන්දාවේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි ස්මාරකය
  •  
    බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි
  •  
    ටිබෙට් ජාතික එස්‌. මහින්ද හිමි
  •  
    මහාචාර්ය ගුණපාල මලලසේකර
  •  
    ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න
  •  
    නීතිඥ සිරි පෙරේරා
  •  
    ආචාර්ය එස්. පණීභාරත
  •  
    ගරු සාගර පලන්සූරිය
  •  
    රංගන ශිල්පී වික්‍රම සෙනෙවිරත්න
  •  
    සිනමා ශිල්පි සෝමලතා සුභසිංහ
  •  
    සංගීතඥ එඩ්වඩ් ජයකොඩි
  • බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • පොල්වත්තේ බුද්ධදත්ත හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • හීනටියන ධම්මාලෝක මහානාහිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • මහාචාර්ය පරවාහැර වජිරඥාන හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • එස්‌. මහින්ද හිමි - ප්‍රවීන කවි රචක
  • ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න - සර්වෝදය සභාවේ නිර්මාතෘ
  • ආචාර්ය එස්. පණීභාරත - ප්‍රවීණ නර්තන කලා සූරී
  • එඩ්වඩ් ජයකොඩි - ප්‍රවීන ගායක හා ගීත රචක
  • පියසේන රතුවිතාන - කීර්තිමත් ජ්‍යොතීර්වේදී,ප්‍රවීණ වාස්තු විද්‍යාඥ , කාව්‍ය රචක,ලේඛක , පත්‍ර කලාවේදී හා පරිපාලක
  • වික්‍රම සෙනෙවිරත්න - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
  • සෝමලතා සුභසිංහ - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
  • ලයනල් අල්ගම - ප්‍රවීන සංගීතඥ
  • ඔරුවල බන්දු - ප‍්‍රවීන ලේඛක
  • කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
  • සිරි පෙරේරා (යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා) - ප්‍රසිද්ධ ගුවන් විදුලි ළමා පිටිය වැඞසටහන් නිවේදක, හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව
  • සාගර පලන්සූරිය - ප්‍රකට කිවිපති
  • නෙල්සන් මෙන්ඩිස්‌ - ප්‍රවීන ක්‍රිකට් පුහුනුකරු

ආදි නාලන්දියයන්

ප්‍රධාන ලිපිය: කොළඹ නාලන්ද විදුහලේ චිරප්‍රකට ආදි සිසු ලැයිස්තුව

කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් '"ආදි නාලන්දියයන්"නම්වේ. කීර්තිමත් සම්භාවනීය ආදි නාලන්දියයන් රැසක් අතුරින් කිහිප දෙනෙක් නම්:

  •  
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
  •  
    ගරු මෛත්‍රීපාල සේනානායක
  •  
    ගරු අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල
  •  
    ගරු එම්.ඩී. බන්ඩා
  •  
    ගරු වෛද්‍ය ධර්මසේන ආටිගල
  •  
    ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල
  •  
    ගරු රියර් අඩ්මිරාල් සරත් වීරසේකර
  •  
    ගරු නිමල් සිරිපාල ද සිල්වා
  •  
    ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න
  •  
    ගරු තිලංග සුමතිපාල
  • මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
  • මෛත්‍රීපාල සේනානායක - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු නියෝජ්‍ය අගමැති
  • ඇම්. ජේ. පෙරේරා - හිටපු කුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ප්‍රතම ශ්‍රී ලාංකික ඩිරෙක්ටර් ජෙනරාල්ර් ගුවන් ව්දුලි සංස්ථාව, ප්‍රතම සභාපති රූපවාහිනී සංස්ථාව
  • ඉංජිනේරු බී. ඩී. රම්පාල - ප්‍රතම ශ්‍රී ලාංකික ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය දෙපාර්තමේන්තුව
  • මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
  • දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා - ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති, අක්ෂි ශල්‍ය වෛද්‍ය
  • වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා - ශ්‍රී ලංකා සෞකඛ්‍යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ
  • මහාචාර්ය අභය ඉඳුරුව - හිටපු ප්‍රථම ආරම්භක පරිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
  • පූජ්‍ය පාද පියදස්සි තෙරණුවෝ - හිටපු බම්බලපිටිය වජිරාරාමාධිකාරි
  • ගෞරවණීය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
  • වෛද්‍ය ගුණදාස අමරසේකර - ප්‍රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
  • කරුණාරත්න අබේසේකර - ශ්‍රී ලංකා ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන සිංහල නිවේදක, ප්‍රවීන ගීත රචක
  • කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
  • ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
  •  
    පියදස්සි තෙරණුවෝ
  •  
    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
  •  
    දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා
  •  
    කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
  •  
    මහාචාර්ය අභය ඉඳුරුව
  •  
    මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා
  •  
    ගරු මහාචාර්ය කමල් කරුණානායක
  •  
    ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල
  •  
    කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන
  •  
    ජනප්‍රිය ගායක සිසිර සේනාරත්න
  •  
    කරුණාරත්න අබේසේකර
  •  
    ආචාර්ය (වෛද්‍ය) ගුණදාස අමරසේකර
  •  
    විශේෂඥ ස්නායු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
  •  
    දේශමාන්‍ය ජනාධිපති නීතිඥ එච්. ඇල් ද සිල්වා
  •  
    ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා
  •  
    සිවිල් නිලධර ඇම්. ජේ. පෙරේරා
  •  
    ඉංජිනේරු බී. ඩී. රම්පාල
  •  
    එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල 15 වැනි ගුවන් හමුදාපතිවරයා
  •  
    36 වැනි පොලිස්පතිවරයා දේශබන්ධු තෙන්නකෝන්
  •  
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකමහේල ජයවර්ධන

කැම්බල් පෙදෙස

 
කැම්බල් පෙදෙස, නාලන්දා ක්‍රීඩා පිටිය

නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වන කැම්බල් පෙදෙස (ඉංග්‍රීසි: Campbell Place), බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු පොලිස්පති ශ්‍රීමත් ජෝර්ජ් විලියම් කැම්බල්ගේ නමින් නම් කර ඇත.

ක්‍රීඩා

volleyball

hockey mountaineering

  • මලල ක්‍රීඩා
  • දුනු විදීමේ ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • බේස් බෝල්
  • බාස්කට් බෝල්
  • squash
  • scrabble
  • tennis
  • table tennis
  • scouting
  • ශිෂ්‍ය භට
  • ශිෂ්‍ය භට තූර්ය වාදක
  • ක්‍රිකට්
  • චෙස්
  • ජිම්නාස්ටික්
  • හොකී
  • සටන් කළාව - කරාතේ, වූෂූ, ජුඩො
  • රගර්
  • ඉලක්කයට වෙඩි තැබීම
  • පාපන්දු
  • ස්කොෂ්
  • පිහිනුම්
  • ටෙනිස්
  • අත්පන්දු
  • ජලාශ්‍රිත ක්‍රීඩා(ඔරු පැදීම,ජල පෝලෝ)
  • කායවර්ධන ක්‍රීඩා,බර එසවීම
  • බොක්සිං

හර්මන් ලෝස්

හර්මන් ලෝස් අභියෝගතා කුසලානය දිනාගත් වර්ෂ

  • 1926 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1928 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1929 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1930 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1931 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1932 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1933 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1935 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1939 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
  • 1940 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
  • 1977 - ලුතිනන් ඒ.එම්.ඩබ්.ධනංජය
  • 1978 - ලුතිනන් ඒ.එම්.ඩ්බ්.ධනංජය
  • 2013 - ලුතිනන් එල්.එම්.ඇන්.විජේසේකර
  • 2016 - කපිතාන් එල්.එම්.ඇන්.විජේසේකර

ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය

ප්‍රධාන ලිපිය: ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය

(ඉංග්‍රීසි: Ananda-Nalanda cricket match)

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයයි. ප්‍රතම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.

  • මේ දක්වා ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලට දායාද කල ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකි.
  • ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි.
  • ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
  • ලංකාවට ප්‍රතම ලෝක කුසලානය 1996 ගෙනදුන් ක්‍රිකට් කන්ඩායමහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
  • ලෝකයේ ප්‍රතමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
  • ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරුවරයෙකි.
  • ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.
  • ශ්‍රී ලංකාවට ජ්‍යාත්‍යන්තර ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ වලින් එකම හා ප්‍රතම ලකුණු දස දහස රැස් කලේද ආදි නාලන්දිය මහේල ජයවර්ධනය.

නාලන්ද - ත්‍රිත්ව ක්‍රිකට් තරගය

ප්‍රධාන ලිපිය: මහේල සංගා කුසලානය

(ඉංග්‍රීසි: Mahela-Sanga Challenge Trophy)

කොළඹ නාලන්දා විද්‍යාලය හා මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය මහේල සංගා කුසලානය වෙනුවෙන් පවත්වනු ලබයි.

වාර්ශික උත්සව

නාලන්ද ආදි ශිෂ්‍ය රණවිරු සැමරුම

 
නාලන්දා රණවිරු ස්මාරකය

සෑම වසරකම, සිසුන් සහ ආදි ශිෂ්‍යයන් ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී මියගිය ආදි ශිෂ්‍යයන් 41 දෙනෙකුගේ වියෝව සිහිපත් කරයි. විද්‍යාලයේ ප්‍රධාන පැරණිතම ගොඩනැගිලි අතර නාලන්දා රණවිරු ස්මාරකය පිහිටා ඇත.

නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය

ප්‍රධාන ලිපිය: නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය

(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri)

ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය ගෞරව සම්මානය නමින් හැඳින්වේ.

ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය

ප්‍රධාන ලිපිය: ෆියුචර් මයින්ඩ්ස්

(ඉංග්‍රීසි: FUTURE MINDS)

කොළඹ නාලන්දා විද්‍යාලයයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලත් අධ්‍යානික සංදර්ශනය ෆියුචර් මයින්ඩ්ස් නමින් හැදින් වේ.

නාලන්දා පාගමන

ප්‍රධාන ලිපිය: නාලන්දා පාගමන

(ඉංග්‍රීසි: Nalanda Walk)

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා යොදවනු ඇත.

නාලන්දා සෑය

2600 සම්බුද්ධත්ව ජයන්තියේ වෙහෙර විහාර දහසේ ව්‍යාපෘති වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් විසින් තනන ලද විහාරස්ථානයයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව සේරුවිල හා මැදවච්චියට මායිම්වයි පිහිටා තිබෙන පදවිය දලුක්ගල නමැති ගම්මානයේ මෙම විහාරස්ථානය තනවා ප්‍රදේශයේ බෞද්ධ ගම්වැසියනට 2011 හි ජූනි මාස පූජා කරන ලදී.

නාලන්දා ගුරු ප්‍රණාම පිං බිම

කොළඹ නාලන්දා විද්‍යාලයයේ බෞද්ධ සංගමය මගින් නාලන්දාවේ ගුරුවරුන්ට විශ්‍රාම යෑමෙන් පසු නවාතැන් ගැනිම සදහා කඩුවෙල ඉහළ බෝමිරියේ තනනු ලබන ගුරු උපහාර ගම්මානය මෙනමින් හදුන්වනු ලැබේ.

වැඩිදුර කියවීම්

  • History of Nalanda College Colombo
  • අධිරාජ්‍යවාදී ධනයෙන් නොව පොදු මහජනතාවගේ සම්මාදමෙන් ගොඩනැඟුණු නාලන්දය යනු පාසලක්‌ පමණක්‌ නොව ශ්‍රේෂ්ඨ ජාතික වස්‌තුවක සංකේතයක්‌ - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine
  • නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ සංරක්ෂණය කළ පිටපත 2020-08-11 at the Wayback Machine
  • අනූවැනි වියට පා තැබූ කොළඹ නාලන්දා විද්‍යාලයේ පා ගමනට ජනපති එක්වෙයි
  • Nalanda Walk 2014
  • කොළඹ නාලන්දාවේ 90 වෙනි සංවත්සරය සමරන ‘නාලන්දා සතිය’ 1දා සිට සංරක්ෂණය කළ පිටපත 2017-08-23 at the Wayback Machine
  • අද්විතීය යුග මෙහෙවරක් ඉටුකරන නාලන්දා මාතාව 90 වැනි වියට පා තබයි
  • නව නිපැයුම් බිහි කරමින් ජාත්‍යන්තර තලයට යන නාලන්දා සිසුවෝ සංරක්ෂණය කළ පිටපත 2021-01-21 at the Wayback Machine
  • සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ සංරක්ෂණය කළ පිටපත 2018-05-27 at the Wayback Machine
  • මෘදුකාංග නිර්මාණයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක සංරක්ෂණය කළ පිටපත 2018-05-27 at the Wayback Machine
  • ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වනවා.....ආදි නාලන්දීයයෝ ජනපතිට පවසති සංරක්ෂණය කළ පිටපත 2021-09-23 at the Wayback Machine
  • අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා සංරක්ෂණය කළ පිටපත 2018-12-12 at the Wayback Machine
  • හර්මන් ලෝස් ශූරතා සම කුසලානය ධර්මරාජයට හා නාලන්දාවට
  • පිළිකාවට බේතක් හැදූ නාලන්දේ සිසුවා සංරක්ෂණය කළ පිටපත 2021-01-21 at the Wayback Machine
  • සාමාන්‍ය පෙළවිශිෂ්ඨයා බාලදක්ෂයෙක් - බාලදක්ෂ සංගමයෙන් විශේෂ ඇගයීමක් සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  • විභාගයට බය වෙන්න එපා: සා/පෙළ පළමුවැනියා නිව්ස්ෆස්ට් මැදිරියේදී කියයි සංරක්ෂණය කළ පිටපත 2015-05-03 at the Wayback Machine
  • අ.‍පො.ස. (සා.පෙළ) ලංකාවෙන්ම පළමුවැනියා වූ කොළඹ නාලන්දා විදුහ‍ලේ තරිඳු වික්‍රමසිංහ
  • උසස්‌ ලෙස සා/පෙ ජයගත් දැයේ දරුවෝ සංරක්ෂණය කළ පිටපත 2015-04-03 at the Wayback Machine
  • සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න සංරක්ෂණය කළ පිටපත 2015-04-02 at the Wayback Machine
  • සාපෙළ පළමුවැනියා නාලන්දෙන්
  • දැයේ මල් පිබිදෙයි! ලක්‌මෑණි හිනැහෙයි! සා/පෙ ජයගත් විශිෂ්ටයෝ සංරක්ෂණය කළ පිටපත 2015-04-07 at the Wayback Machine
  • විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක් සංරක්ෂණය කළ පිටපත 2021-01-21 at the Wayback Machine
  • Raveen tops Bio stream
  • Best A/L students get excellence awards
  • නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි චින්තා ආරියසේන මහත්මිය සමල සම්මුඛ සාකච්ඡාවක්
  • ප්‍රථම වතාවට තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේ රිදී පදක්කම නාලන්දාවේ රකිඳු දිනා ගනී සංරක්ෂණය කළ පිටපත 2017-06-02 at the Wayback Machine
  • තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ
  • ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාඥයා ලංකාවෙන් බිහි වෙයි
  • වත්මන් මෙහෙවර - නාලන්දා ගුරු ප්‍රණාම පිං බිම සංරක්ෂණය කළ පිටපත 2017-12-23 at the Wayback Machine
  • රටට මානව සම්පත් ලබාදීමේදී නාලන්දා විදුහල දැක්වූ දායක්වය විශාලයි’’ – කෝට් 30ක් වටිනා ගුරු උපහාර ගම්මානයට මුල්ගල තබමින් ඇමති බැසිල් කියයි
  • කොළඹ නාලන්ද විද්‍යාලයෙන් දුෂ්කර ප්‍රදේශවල වෙහෙර විහාර දහසක්‌ ප්‍රතිසංස්‌කරණය කෙරේ සංරක්ෂණය කළ පිටපත 2011-09-02 at the Wayback Machine

බාහිර සබැඳුම්

  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
  • නාලන්දා කණිෂ්ඪ ආදි ශිෂ්‍ය සංගමය සංරක්ෂණය කළ පිටපත 2014-06-06 at the Wayback Machine
  • අදි නාලන්දයීය බොදු හඞ
  • නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය
  • නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සංගමය
  • නාලන්දා විද්‍යාලයීය Communication Unit
  • ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය සංරක්ෂණය කළ පිටපත 2014-05-16 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇමරිකා එක්සත් ජනපදය සංරක්ෂණය කළ පිටපත 2021-04-10 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කැනඩාව
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එන්ගලන්තය සංරක්ෂණය කළ පිටපත 2017-11-16 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙල්බර්න් ඕස්ට්‍රේලියාව සංරක්ෂණය කළ පිටපත 2021-04-10 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කුවීන්ස්ලන්තය ඕස්ට්‍රේලියාව සංරක්ෂණය කළ පිටපත 2019-06-27 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පර්ත් ඕස්ට්‍රේලියාව
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එක්සත් අරාබි රාජධානිය සංරක්ෂණය කළ පිටපත 2014-12-18 at the Wayback Machine
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නවසීලන්තය
  • නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව - නාලන්දා ඩිරෙක්ටරි 2012 සංරක්ෂණය කළ පිටපත 2014-06-22 at the Wayback Machine
  • ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යානික සංදර්ශනය
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
  1. නාලන්ද ආදි ශිෂ්‍ය රණවිරු සැමරුම් කොඩිය අගමැතිට, https://sinhala.lankapuvath.lk/2018/07/30/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%86%E0%B6%AF%E0%B7%92-%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94/, ප්‍රතිෂ්ඨාපනය 2025-06-14 
  2. නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මාල දිවයින

  • අප්‍රේල් 06, 2026

    The Honourable

  • මාර්තු 22, 2026

    දෙමළ භාෂාව

  • අප්‍රේල් 04, 2026

    තුලත්ථන රජ

  • මාර්තු 31, 2026

    පරිගණකය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට