සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුල් සාමාජිකයන් බවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමල් ද සිල්වා, අමරසූරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 18

පරමවිඥාණාර්ථ සංගමය

  • මුල් පිටුව
  • පරමවිඥාණාර්ථ සංගමය

මුල් සාමාජිකයන් බවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමල් ද සිල්වා, අමරසූරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් එහි උප සභාපති ධූරයට ද පත්විය. ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී අදහස් දැරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා හා හෙලෙනා බ්ලැවැට්ස්කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔහුන් දෙදෙන ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ දී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරා වාදයෙන් පසු ඉස්මතුවෙමින් පැවැති දේශීය බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්මතුවීමකට මඟ එළිකිරීමක් විය.

බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේ ද යන්න පිළිබඳව ද සිය අවධානය යොමු කරමින් ඊට නිසි පිළිතුරු ලබා ගනු වස් පරමවිඥානාර්ථ සංගමය ඇති කොට ශක්තිමත් කිරීමට පියවර රැසක් ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ‘සරසවි සඳරැස’ පුවත් පත ආරම්භ කිරීමටත් The Buddhist නම් ඉංග්‍රීසි පුවත් පතක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස් කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    හුන්නස්ගිරි ඇල්ල

  • ජූනි 02, 2026

    Natural history

  • අප්‍රේල් 09, 2026

    එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • අප්‍රේල් 06, 2026

    කැප්පෙට්ටිපොළ දිසාවේ

  • අප්‍රේල් 04, 2026

    රජරට රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට