සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සීලියැක් රෝගය යනු ප්‍රධාන වශයෙන් කුඩා අන්ත්‍රයට බලපාන නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකි . තිරිඟු සහ බාර්ලි සහ රයි වැනි අනෙකුත් ධාන්‍ය වල දක්නට ලැබෙන ප්‍රෝටීනය

සීලියැක් රෝගය

විකිපීඩියා වෙතින්
සීලියැක් රෝගය
වෙනත් නම්Coeliac sprue, nontropical sprue, endemic sprue, gluten enteropathy
අන්ත්‍රයේ එන්ඩොස්කොපි රුවක්
ග්‍රහණියේ ඇති ඉරිතැලී ගිය නැමුම් නිරූපිත එන්ඩොස්කොපි රුවක්
උච්චාරණය
  • අසන්නi/ˈsliæk/ SEE-lee-ak
විශේෂඥතාවආමාශ්‍යාන්ත්‍රිකවේදය, අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව
රෝග ලක්ෂණනැත හෝ විශේෂිත-නොවූ, පාචනය, අවශෝෂණය අඩුවීම, සහ බර අඩුවීම.
සාමාන්‍ය ආරම්භයඕනෑම වයසක
කාලයජීවිත කාලයම
හේතූන්ග්ලූටන්
අවදානම් සාධකජානමය නැමියාව සහ පාරිසරික සාධක
රෝග විනිශ්චය ක්‍රමයරුධිර පරීක්ෂණ සහ ආන්ත්‍රික බයොප්සි
වෙනත් විනිශ්චයන්Inflammatory bowel disease, ආන්ත්‍රික පරපෝෂිතයින්, සහ irritable bowel syndrome
ප්‍රතිකාරග්ලූටන් රහිත ආහාර
සංඛ්‍යාතය50න් 1 සහ 200න් 1 අතර 1

සීලියැක් රෝගය යනු ප්‍රධාන වශයෙන් කුඩා අන්ත්‍රයට බලපාන නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකි . තිරිඟු සහ බාර්ලි සහ රයි වැනි අනෙකුත් ධාන්‍ය වල දක්නට ලැබෙන ප්‍රෝටීනයක් වන ග්ලූටන් වලට අසාමාන්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයක් නිසා එය ඇතිවේ. සීලියැක් රෝගය ආමාශ ආන්ත්‍රික පද්ධතියෙන් පිටත බහු අවයව වලට බලපාන පුළුල් පරාසයක රෝග ලක්ෂණ සහ සංකූලතා ඇති කරයි.

රෝගයේ දර්ශීය ස්වරූපය ඕනෑම වයස් කාණ්ඩයකට බලපෑ හැකි නමුත්, සාමාන්‍යයෙන් මුල් ළමාවියේදී හඳුනා ගන්නා අතර බර අඩු වීම, පාචනය සහ වර්ධනය අඩාල වීම වැනි අවශෝෂණ දුර්වලතා සම්බන්ධ රෝග ලක්ෂණ ඇති කරයි. දර්ශීය නොවන සීලියැක් රෝගය වැඩිහිටියන් තුළ බහුලව දක්නට ලැබෙන අතර, නොපැහැදිලි උදර රෝග ලක්ෂණ සහ ආමාශ ආන්ත්‍රිකපද්ධතියෙන් පිටත අවයවවල සංකූලතා, අස්ථි රෝග, රක්තහීනතාවය සහ පෝෂණ ඌනතාවයේ වෙනත් ප්‍රතිඵල මගින් සංලක්ෂිත වේ. මෙම තත්ත්වයට ජානමය නැඹුරුතාවයක් ඇති පුද්ගලයින් තුළ, ග්ලූටන් ආහාරයට ගැනීමෙන් කුඩා අන්ත්‍රයේ දැවිල්ල ඇති වන අතර, එහි ශ්ලේෂ්මල පටලයට හානි වන අතර එය අවශෝෂණය අඩාල වීමට හේතු වේ. සීලියැක් රෝගයේ වර්ධනයට ආසාදන වැනි අනෙකුත් පාරිසරික සාධක බලපාන බව විශ්වාස කෙරේ.

වර්ගීකරණය
D
  • ICD-11: DA95
  • ICD-10: K90.0
  • ICD-9-CM: 579.0
  • OMIM: 212750
  • MeSH: D002446
  • DiseasesDB: 2922
බාහිර සම්පත්
  • MedlinePlus: 000233
  • eMedicine: med/308 ped/2146 radio/652
  • Patient UK: සීලියැක් රෝගය
  • GeneReviews: Celiac Disease

සැකිල්ල:Gluten sensitivity

ඉහළට