සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආහාර ද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන කෙරෙහි ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියක් නිසා ආහාර අසාත්මිකතාව ඇතිවේ. ආහාර අසාත්මිකතාවය ආහාර පරිභෝජනය නිසා ඇතිවන අජීර්ණය, වෙන

Food allergy

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
Food allergy
Hives on the back are a common allergy symptom.
විශේෂඥතාවEmergency medicine
රෝග ලක්ෂණItchiness, swelling of the tongue, vomiting, diarrhea, hives, trouble breathing, low blood pressure
සාමාන්‍ය ආරම්භයMinutes to several hours of exposure
කාලයLong term, some may resolve
හේතූන්Immune response to food
අවදානම් සාධකFamily history, vitamin D deficiency, obesity, high levels of cleanliness
රෝග විනිශ්චය ක්‍රමයBased on a medical history, elimination diet, skin prick test, oral food challenge
වෙනත් විනිශ්චයන්Food intolerance, food poisoning
වැළක්වීමEarly exposure to potential allergens
ප්‍රතිකාරAvoiding the food in question, having a plan if exposure occurs, medical alert jewelry
ඖෂධAdrenaline (epinephrine)
සංඛ්‍යාතය~6% (developed world)

ආහාර ද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන කෙරෙහි ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියක් නිසා ආහාර අසාත්මිකතාව ඇතිවේ. ආහාර අසාත්මිකතාවය ආහාර පරිභෝජනය නිසා ඇතිවන අජීර්ණය, වෙනත් ඹෞෂධ වැනි හා ආහාර ද්‍රව්‍ය ඇති කරන ප්‍රතික්‍රියා හ විෂ වර්ග මගින් ඇතිවන ප්‍රතික්‍රියාවලින් වෙනස් වේ.

  • ආහාර අසාත්මිකතාව- ආහාර ප්‍රෝටීන සදහා ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියකි
  • ෙඖෂධවේදය - කැෆේන් වෙවිලීම, චීස් , වයින් (ටයිරමීන්) ඉරුවා රදය, ස්කොම්බ්‍රොයිඩ්(හිස්ටැමීන්), මත්ස්‍ය විෂවීම
  • විෂ වර්ග - බැක්ටීරියාවක් මගින් ඇතිකරනආහාර විෂවීම ස්ටැෆයිලො විෂ
  • අජීර්ණය - ලැක්ටෝස්වල අජීර්ණය (ලැක්ටේස් නම් එන්සයිමයේ ඌණතාවය)


අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇති කරන ආහාර ප්‍රෝ‍ටීනයක් අසාත්මික කාරකයක් නම්වේ. ගණන් බලා ඇති අන්දමට මිලියන 12 ක් පමණ වු ඇමරිකානුවන් පිරිසකට ආහාර අසාත්මිකතාව ඇති අතර එහි ප්‍රතිශතය ඉහල යමින් පවතී. වයස අවුරුදු තුනට පහල ළමුන්ගෙන් 6% - 8% අතර ප්‍රතිශතයකට ආහාර අසාත්මිකතාව ඇති අතර වැඩිහියන්ගෙන් 4%කට ආසන්න ප්‍රමාණයක එය දක්නට ඇත. ඇමරිකා එකසත් ජනපදය තුල ආහාර අසාත්මිකතාවයන් නිසා ආසන්න වශයෙන් 30,000ක් පමණ හදිසි රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර ලබන අතර 100ත් - 200ත් අතර මරණ සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වැඩිහිටියන් අතර බෙල්ලන් , රටකජු , මාළු , බිත්තර සඳහාද කුඩා ළමුන් අතර කිරි , බිත්තර , රටකජු හා අනෙකුත් ඇට වර්ග සඳහාද අසාත්මිකතා බහුලව දක්නට ඇත.

මේ සඳහා සිදුකරන ප්‍රතිකාර ක්‍රමවලදී තමාට අසාත්මික වන සියළුම ආහාර ද්‍රව්‍ය වලින් වැලකී සිටීම නිර්දේශ කෙරේ. අතිශයින්ම අසාත්මික කාරකයන් සඳහා සංවේදී පුද්ගලයින්හට සම්පුර්ණයෙන් අදාල ආහාර ද්‍රව්‍ය වෙත නිරාවරණය වීමෙන් වලකින ලෙසට අවවාද කෙරේ. එම ආහාර වර්ග ඇල්ලීමෙන් , ආඝ්‍රාණය කිරීමෙන් හ එවන් ආහාර තබන ලද මතුපිටක් සමග පවා ස්පර්ශ නොවන අන්දමට සිටීමට ඔවුනට උපදෙස් දෙයි. IgE ප්‍රතිදේහ (ඔමලිසුමැබි හො සෝලයර්) සහ ආහාර සඳහා ඇති අසාත්මිකතාව දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ලබන විශේෂිතවු ඹෞෂධ වර්ග නිෂ්පාදනය කිරීම පිළිබඳව පර්යේෂණ ගොඩනැංවී ඇත. ආහාර අසාත්මිකතාව ඇති පුද්ගලයින් සඳහා ඉබේ එන්නත් කෙරෙන Epipen හෝ Twinject නම් එපිනෙප්රින් නම් හෝර්මෝන එන්නත් කරනයක් හා ඔවුන්ට ඇති රෝගී තත්වය ගැන විස්තර කෙරෙන අවධානය ලබාදෙන අත්පළදනාවක් යන එන තැන්හි රැගෙන යාමට උපදෙස් දේ. මෙමගින් හදිසි අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් අනුව නිසි ප්‍රතිකාර ලබාදීමට පුළුවන.


රෝග ලක්ෂණ


IgE ප්‍රතිදේහ මගින් ඇතිකර ආහාර අසාත්මිකතා පළමු වර්ගයේ සංවේදී ප්‍රතික්‍රියාවක් නම්වේ. මෙහිදී රෝග ලක්ෂණ ඇතිවීම ක්ෂණිකව තත්පර ගණනකින් හෝ පැයක් ඇතුළත සිදුවන අතර ඒවා පහත ආකාර වේ.

  • ඇන්ජියෝ ඉඩීමා-සිරුරේ මෘදු පටක වල ඉදිමීම , සාමාන්‍යයෙන් ඇසිපියන්වල , මුහුණේ , තොල්වල හා දිවේ ඇතිවේ. දිවෙහි , ස්වරාලයෙහි හා ශ්වාසනාලයෙහි වන ඉදිමීම් මගින් ඉහල ශ්වසන මාර්ගය අවහිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවේ.
  • කුෂ්ට රෝග
  • ඇස් , සම , උගුර හා මුඛයෙහි ඇතිවන කැසීම
  • වමනය , ඔක්කාරය , පාචනය , බඩ කොරවීම හා බඩේ කැක්කුම. මෙම වර්ගයේ ලක්ෂණ ආන්ත්‍රික අසාත්මික ලක්ෂණ නම්වේ.
  • නාසය අවහිරවීම හා සොටු දියර ගැලීම
  • හති ගතිය , උගුර කැසීම , හුස්ම ගැනීමේ අපහසුතාව , ගිලීමේ අපහසුතාවය
  • මරණය පවා ඇති කළ හැකි ඉතා දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවන්

මෙලෙස ඉතා දරුණු අසාත්මික අවස්ථාවන් මගින් කම්පන තත්වයන් (shock) වුවද ඇතිවිය හැකිය. අවරුධිර පීඩනය ඇතිවීම , සිහි නැතිවීම සහ මරණය පවා ඇතිවිය හැකිය. මෙවන් අකාරයක ප්‍රතික්‍රියා ඇති කළ හැකි ආහාර ද්‍රව්‍ය වන්නේ රටකජු , වෙනත් ඇට වර්ග , කිරි, බිත්තර , සහ මුහුදු ආහාර ද්‍රව්‍යයන්ය.

නාසයෙන් සොටු දියර ගැලීම , ඇස්වල අසාත්මිකතාව ඇතිවීම , සමේ කැසීමකට ලක්වීම සහ හතිය ඇති කරන්නාවු අසාත්මික සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයින්ට මෙලෙස ආහාර අසාත්මිකතාවන් ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. අසාත්මික රෝග ඇති තම පවුලේ හා ඥාතීන් සිටී නම් එවන් අයට රෝගය ඇතිවීමේ අවධානම වැඩිවන අතර මෙය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන රෝගයක් බවටද සාක්ෂි දේ.ආසාත්මිකතාව ඇතිවන ආකාරය අනුව එය වර්ග 3 ක් යටතේ බෙදයි.

  • IgE නම් ප්‍ර‍තිදේහ මගින් පාලනය වන අසාත්මික රෝග.
    • ඉහතින් විස්තර කරන ලද පළමු වර්ගයේ සංවේදී ප්‍රතික්‍රියාවන්.
    • මුඛ අසාත්මික සින්ඩ්‍රෝමය
  • IgE ප්‍රතිදේහ මගින් පාලනය වන සහ IgE නොවන ප්‍රතිදේහ මගින් පාලනය වන ප්‍රතික්‍රියා
    • ඉයසිනොෆිල මගින් පාලනය වන අන්නසෝත්‍රයේ අසාත්මිකතා
    • ඉයසිනොෆිල මගින් පාලනය වන ආමාශයේ අසාත්මිකතා
    • ඉයසිනොෆිල මගින් පාලනය වන ආන්ත්‍රික අසාත්මිකතා
  • IgE මගින් පාලනය නොවන ප්‍රතික්‍රියා
    • ආහාර ප්‍රෝටීන මගින් ඇති කරන අන්ත්‍රික රෝග සින්ඩ්‍රෝමය
    • ආහාර ප්‍රෝටීන මගින් ඇතිවන ගුද මාර්ගයේ අසාත්මිකතා
  • *ආහාර ප්‍රෝටීන මගින් ඇතිවන බඩවැල්වල අසාත්මිකතා. සිලියැක් රෝගය යනු ගුලුටන් නම් ආහාර ප්‍රෝටීනය නිසා ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන රෝගී තත්වයකි.
  • සෝයා කිරිවල ඇති ප්‍රෝටීන සදහා IgE ප්‍රතිදේහ මගින් පාලනය නොවන අසාත්මික ප්‍රතික්‍රියාවක් වන සෝයා කිරි ප්‍රෝටීන අජීර්ණ තත්වය ළදරු , හා ළමා අවස්ථාවලදී ඇතිවේ.

මෙහි රෝග ලක්ෂණ ආහාර ප්‍රෝටීන මගින් ගුද මාර්ගයේ සහ අන්ත්‍රිකව ඇතිවන අසාත්මිකතාවයන් නිසා ඇතිවේ.

  • හයිනර් සින්ඩ්‍රෝමය -ආහාර ප්‍රෝටීන ආන්ත්‍රයෙන් අවශෝෂණය වු පසුව සෑදෙන IgE ප්‍රතිදේහහා ප්‍රතිදේහ ජනක හා ප්‍රතික්‍රියාවෙන් පෙනහළු වල ඇතිවන රෝගී තත්වය මේ නම්වේ. මෙහිදී පෙනහළුවලින් රුධිර වහනයක් සිදුවන අතර එමගින් එහි රුධිර යේ ඇති යකඩ තැන්පත් වීමෙන් හිමොසිඩරෝසිස් නම් තත්වය ඇතිවේ.
ඉහළට