සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජෝන් මැකේන් ඇමරිකා එක්සත් ජනපදයෙහි 2008 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කළේය.මෙය ජෝන් මැකේන්ජාත්‍යන්තරව වඩාත් ජනප්‍රියත්වයට පත්

John McCain

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජෝන් මැකේන්
2009 වසරෙහිදී ලබා ගත් ජෝන් මැකේන්ගේ නිල සෙනෙට් සභික ආලේඛ්‍ය සේයාරුව
United States Senator
from ඇරිසෝනා
තනතුර දරමින්
ජනවාරි 3, 1987  අගෝස්තු 25, 2018
පූර්වප්‍රාප්තිකයාබැරී ගෝල්ඩ්වෝටර්
අනුප්‍රාප්තිකයාහිස්ව පවතියි
සන්නද්ධ හමුදා පිළිබඳ සෙනෙට් කාරක සභාවෙහි සභාපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 3, 2015  අගෝස්තු 25, 2018
පූර්වප්‍රාප්තිකයාකාල් ලෙවින්
අනුප්‍රාප්තිකයාහිස්ව පවතියි
ඉන්දියානු කටයුතු පිළිබඳ සෙනෙට් කාරක සභාවෙහි සභාපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 3, 2005  ජනවාරි 3, 2007
පූර්වප්‍රාප්තිකයාබෙන් නයිට්හෝර්ස් කැම්බ්ල්
අනුප්‍රාප්තිකයාබයිරන් ඩෝගන්
තනතුර දරමින්
ජනවාරි 3, 1995  ජනවාරි 3, 1997
පූර්වප්‍රාප්තිකයාඩැනියෙල් ඉනෝවේ
අනුප්‍රාප්තිකයාබෙන් නයිට්හෝර්ස් කැම්බ්ල්
වාණිජ්‍යය පිළිබඳ සෙනෙට් කාරක සභාවෙහි සභාපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 3, 2003  ජනවාරි 3, 2005
පූර්වප්‍රාප්තිකයාෆ්‍රිට්ස් හෝලිංස්
අනුප්‍රාප්තිකයාටෙඩ් ස්ටීවන්ස්
තනතුර දරමින්
ජනවාරි 20, 2001  ජූනි 3, 2001
පූර්වප්‍රාප්තිකයාෆ්‍රිට්ස් හෝලිංස්
අනුප්‍රාප්තිකයාෆ්‍රිට්ස් හෝලිංස්
තනතුර දරමින්
ජනවාරි 3, 1997  ජනවාරි 3, 2001
පූර්වප්‍රාප්තිකයාලැරී ප්‍රෙස්ලර්
අනුප්‍රාප්තිකයාෆ්‍රිට්ස් හෝලිංස්
Member of the U.S. House of Representatives
from ඇරිසෝනා's 1වන district
තනතුර දරමින්
ජනවාරි 3, 1983  ජනවාරි 3, 1987
පූර්වප්‍රාප්තිකයාජෝන් ජෙකබ් රෝඩ්ස්
අනුප්‍රාප්තිකයාජෝන් ජේකබ් රෝඩ්ස් III
පුද්ගලික තොරතුරු
උපත
ජෝන් සිඩ්නි මැකේන් III

අගෝස්තු 29, 1936(1936-08-29)
කොකො සෝලො, පැනමා කැනෑල් සෝන්, එ.ජ.
විපතඅගෝස්තු 25, 2018(2018-08-25) (aged 81)
කෝන්විල්, ඇරිසෝනා, එ.ජ.
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයාs
  • කැරල් ෂෙප්
    (m. 1965; දික්කසාද ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
  • සින්ඩි හෙන්ස්ලි
    (m. after 1980)
ළමයි7, මේගන් ඇතුළුව
දෙමාපියs
  • ජෝන් එස්. මැකේන් කණි. (father)
  • රොබර්ටා රයිට් (mother)
ඥාතීන්ජෝ මැකේන් (සොහොයුරා)
අධ්‍යාපනයඑක්සත් ජනපද නාවික ඇකඩමිය (බීඑස්)
වෙබ් අඩවියසෙනෙට් වෙබ් අඩවිය
Military service
පක්ෂපාතීත්වයඑක්සත් ජනපද
ශාඛාව/සේවාව එක්සත් ජනපද නාවික හමුදාව
සේවා කාලය1958–1981
නිලය කපිතාන්
සටන්/ යුද්ධවියට්නාම් යුද්ධය (යුද්ධ සිරකරු)
සම්මාන
  • සිල්වර් ස්ටාර්
  • බ්‍රොන්ස් ස්ටාර් පදක්කම (3) කොම්බැට් "වී" සමගින්
  • පර්පල් හාට්
  • ලීජන් ඔෆ් මෙරිට් (2) කොම්බැට් "වී" සමගින්
  • ඩිස්ටින්ග්විෂ්ඩ් ෆ්ලයිං ක්‍රොස්
  • නාවික සහ සාමුද්‍රික හමුදා ප්‍රශංසා පදක්කම (2) කොම්බැට් "වී" සමගින්
  • වෙනත්


ජෝන් මැකේන් ඇමරිකා එක්සත් ජනපදයෙහි 2008 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කළේය.මෙය ජෝන් මැකේන්ජාත්‍යන්තරව වඩාත් ජනප්‍රියත්වයට පත්වු අවස්ථාවක් වු අතර 2008.11.4 පැවති ජනාධිපතිවරණයෙන් බැ‍රැක් ඔබාමා ජයග්‍රහණය කළේය.එමෙන්ම ඔහු ඇරිසෝනා ප්‍රාන්ත්ය නියෝජනය කරමින් ජේ‍යෂ්ඨ සෙනට් සභිකයෙක් ලෙස කටයුතු කළේය. ජෝන් සිඩ්නි මැකේන් නම් වු ඔහු 1936 අගෝස්තු 29 වන දින උපත් ලැබීය.

ඔහුගේ පියා මෙන්ම සීයාද නාවික හමුදාවේ අද්මිරාල් පදවි හෙබවුවන් වු අතර ජෝන් මැකේන් එම ආභාෂය අනුව යමින් නාවික හමුදාවට එක් විය.ඔහු 1958 ඇමරිකානු නාවික ඇකඩමිය මගින් ස්වකීය උපාධිය ලබා ගත්තේය.ඔහු වියට්නාම යුධ සමයේදී ඊට සහභාගි වීමෙන් අවස්ථා කීපයකදීම බර පතල ලෙස තුවාල ලැබූ අතර සිරකරුවෙක්වශයෙන්ද 1973 හිදී යුද්ධය අවසාන වන තෙක් සිටීමට සිදු විය.යුද්ධයේදී සිදුවු තුවාල වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවිත කාලය පුරාවටම ඇතැම් කායික ආබාධයන්ගෙන් පෙලීමට සිදු වූයේය. 1981 දී ඔහු කපිතාන් වරයෙකු ලෙස නාවික හමුදාවෙන් විශ්‍රාම ගත්තේය.නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමත් සමගම මැකේන් දේශපාලන කටයුතු ඇරබීම සඳහා ඇරිසෝනා ප්‍රාන්තයට සංක්‍රමණය විය.

ඔහු 1982 දී එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයට තේරී පත් විය.මේ යටතේ වසර 2 ක් පමණ සේවය කල ජෝන් මැකේන් 1986 දී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයට තේරී පත් විය.ඔහු තරමක් විප්ලවකාරී චරිතයක් වු අතර පක්ෂයේ තීරණයන්ට යම් යම් අවස්ථාවන්හිදි පටහැනිව ප්‍රකාශයන් නිකුත් කරන හා විවේචනය කරන දේශපාලනඥයකු ලෙසද ප්‍රකටව සිටියේය.ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් වීම ජෝන් මැකේන් මහතාගේ දේශපාල්න ගමන් මගෙහි වැදගත් සංදිස්ථානයක් විය.

ජෝන් මැකේන් මහතා 1936 අගෝස්තු 29 වන දින පැනමා ඇල ප්‍රදේශයේ කොකො සොලෝ නාවික ගුවන් මධ්‍යස්ථානයෙහි උපත ලැබීය.ඇමරිකානු ජාතිකයෙකු වු මොහුගේ පළමු විවාහයෙහි බිරිඳ වුයේ කැරොලින් ෂොප්ය. එම විවාහය අසාර්ථක වී ඔවුන් දෙදෙනා දික්කසාද විය.ජෝන් මැකේන් 1980 දී සින්ඩි හෙල්සින් සමග විවාහ වු අතර ඔහුගේ දරුවන් ලෙස ඩග්ලස්,ඇන්ඩෘ,සිඩ්නි,මෙගන්,ජෝන් සිඩ්නි,ජේමිස්,බිරිසප්ට් හැඳින්විය හැකිය. යුධ සේවය සහ දේශපාලන ජීවිතයට අමතරව ගත් කල ජෝන් මැකේන් ලේඛකයෙකුද වු අතර ඔහු ග්‍රන්ථ ගණනාවක් රචනා කොට තිබේ.

වසර 81 වයසැතිව සිටියදී, ඔහුගේ 82වන උපන්දිනයට දින සතරක් පමණක් තිබියදී ඔහු මිය ගියේය.

මරණය

ඔහුගේ පිළිකාව සඳහා ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබා නොගැනීමට තීරණය කල බවට මැකේන්ගේ පවුල විසින් 2018 අගෝස්තු 24 දිනදී ප්‍රකාශයට පත් කෙරිණි. ඊළඟ දිනයෙහි මවුන්ටන් සම්මත වේලාවෙන් ප.ව 4:28 ට (23:28 යූටීසී), ඔහුගේ බිරිඳ සහ පවුල ඔහු පසෙකින් සිටියදී කෝන්විල්, ඇරිසෝනා හී ඔහුගේ නිවසෙහිදී ඔහු මිය ගියේය.

ඔහුගේ අසුන සඳහා 2020 මැතිවරණයෙහිදී සෙනෙට් සභිකයෙකු තෝරා පත් කරගනු ලබන තෙත්, ඇරිසෝනා ආණ්ඩුකාර ඩග් ඩූසී විසින් ඔහුගේ අන්තරවාර ආදේශකයා පත් කරනු ලබනු ඇත.

  1. ෆැන්ඩොස්, නිකොලස්; මාටින්, ජොනතන් (අගෝස්තු 24, 2018). "ජෝන් මැකේන් විල් නො ලෝන්ගර් බී ට්‍රීටඩ් ෆො බ්‍රේන් කැන්සර්, ෆැමිලි සේස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2018.
  2. චක්, එළිසබෙත්. "සෙනෙටර් ජෝන් මැකේන් ඉන්ඩිපෙන්ඩන්ට් වොයිස් ඔෆ් ජීඕපී එස්ටැබ්ලිෂ්මන්ට් ඩයිස් ඇට් 81". එන්බීසී නිවුස්.
  3. "සෙනෙටර් ජෝන් මැකේන්, ඇමරිකන් 'මැවරික්' ඇන්ඩ් ඇරිසෝනා පොලිටිකල් ජයන්ට්, ඩයිස් ඇට් ඒජ් 81". දි ඇරිසෝනා රිපබ්ලික්.
  4. මැක්ෆඩ්ඩන්, රොබට් (අගෝස්තු 25, 2018). "ජෝන් මැකේන්, වෝ හීරෝ, සෙනෙටර්, ප්‍රසිඩන්ෂල් කන්ටෙන්ඩර්, ඩයිස් ඇට් 81". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය අගෝස්තු 25, 2018.
  5. බර්කිට්, බ්‍රී; වැන්ඩෙල්, පෙරී (අගෝස්තු 25, 2018). "සෙනෙටර් ජෝන් මැකේන් අප්ඩේට්ස්: මැකේන් ඩයිස් ඇට් 81, ඩෝටර් රිමෙම්බර්ස් 'හීරෝ'". දි ඇරිසෝනා රිපබ්ලික්. https://www.azcentral.com/story/news/politics/arizona/2018/08/25/senator-john-mccain-arizona-cancer-treatment-updates-what-know/1090230002/. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 25, 2018.
  6. https://www.sfgate.com/news/article/The-GOP-will-likely-hold-on-to-McCain-s-seat-13183034.php
ඉහළට