සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අරාබි මුහුද යනු ඉන්දියන් සාගරයේ ප්‍රදේශයකි. මෙය නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, උතුරෙන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, බටහිරින් අරාබි අර්ධද්වීපයෙන් ද, දකුණින් (දළ වශයෙ

අරාබි මුහුද

  • මුල් පිටුව
  • අරාබි මුහුද

අරාබි මුහුද යනු ඉන්දියන් සාගරයේ ප්‍රදේශයකි. මෙය නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, උතුරෙන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, බටහිරින් අරාබි අර්ධද්වීපයෙන් ද, දකුණින් (දළ වශයෙන්) ඊසානදිග සෝමාලියාවේ ග්වාඩෆී තුඩුව සහ ඉන්දියාවේ කන්‍යාකුමාරි යාකරන මනඃකල්පිත රේඛාවෙන් ද මායිම් වී පවතියි. අතීතයේ දී මෙම මුහුදු කලාපයට සින්ධු මුහුද සහ එරිත්‍රියානු මුහුද යන නම් ද භාවිත වී තිබේ.

අරාබි මුහුද
අරාබි මුහුදේ සිතියම

අරාබි මුහුදේ පෘෂ්ඨික වර්ගඵලය වර්ග කි.මී. 3,862,000ක් පමණ ද, උපරිම පළල කි.මී. 2,400ක් පමණ ද, වැඩිම ගැඹුර මීටර 4,652ක් ද වෙයි. මෙම ගැඹුරුම ස්ථානය පිහිටා ඇත්තේ අරාබි ද්‍රෝණියේ ඉන්දියාවේ දකුණු කෙළවරේ අක්ෂාංශය දිගේය. අරාබි මුහුදට වැටෙන විශාලතම ගංගාව සින්ධු ගඟ වන අතර නේත්‍රාවතී, ෂාරවතී, නර්මදා, තප්ති, මහී සහ තවත් කේරළයේ ගංගා රාශියක් අරාබි මුහුදෙන් අවසන් වෙයි.

අරාබි මුහුදට සම්බන්ධ වෙරළවල් සහිත රටවල් වන්නේ සෝමාලියාව, ජිබූටි, යේමනය, ඕමානය, ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව සහ මාලදිවයින යි.

ආශ්‍රිත

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 13, 2026

    දත් දිරායාම

  • අප්‍රේල් 03, 2026

    උතුරු ඇමෙරිකාව

  • ජූනි 02, 2026

    IIවන අග්ගබෝධි

  • මැයි 29, 2026

    සර්ගම් ගීත

  • මාර්තු 31, 2026

    පටිච්චසමුප්පාදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට