සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බුද්ධදාස කිතු වසින් 341 සිට 370 දක්වා රජය කළ සිංහල මහරජ විය. මේ රජ බුජස් නමිනුදු හැඳින්වේ. බුද්ධදාස රජු ප්‍රකටවන්නේ දක්ෂ වෙදැදුරකු ලෙස යි. ඉතා ධාර්මික රජකු වූ ම

බුද්ධදාස රජ

බුද්ධදාස කිතු වසින් 341 සිට 370 දක්වා රජය කළ සිංහල මහරජ විය. මේ රජ බුජස් නමිනුදු හැඳින්වේ. බුද්ධදාස රජු ප්‍රකටවන්නේ දක්ෂ වෙදැදුරකු ලෙස යි. ඉතා ධාර්මික රජකු වූ මෙතුමා ‘වෙද රජ’ ලෙස හැඳින්වෙන අතර මෙතුමා වෙද පොත් රැසක් රචනා කළ බව සඳහන්. මිනිසුනට මතු නො වැ සතුනට පවා වෙදකම් කළ මෙතුමා දිවයින පුරා රෝහල් ආදිය ඇති කළ යැ. මෙතුමා දිනක් පෙනයේ ගෙඩියක් සෑදී වෙදනාවෙන් සිටි නාග රාජයකුට වෙදකම් කර සුවපත් කළ බවත් නාගයා රජුට කෘතගුණ සැලැකීමක් ලෙස තම නාගමාහ්ඛය වමාරා දුන් බවත් ජනප්‍රවාදයේ සඳහන්.

වැඩිදුර කියවීම්

  • එච්.එම්. ජයන්ත විජේරත්න, 2025. "බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය"
ඉහළට