රමේෂ් පතිරණ, (දෙමළ: ரமேஷ் பத்திரண, ඉංග්‍රීසි: Ramesh Pathirana; උපත 12 මැයි 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වැවිලි අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වේ. පතිරණ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු අධ්‍යාපනය ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණගේ පුත්‍රයෙකි.
ගරු රමේෂ් පතිරණ | |
|---|---|
| ரமேஷ் பத்திரண Ramesh Pathirana | |
| වැවිලි අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 22 නොවැම්බර් 2019 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
| කර්මාන්ත අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 20 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
| අධ්‍යාපන අමාත්‍ය | |
| තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
| අනුප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත් |
| ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 22 අපේ‍්‍රල් 2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 12 මැයි 1969 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| උගත් ශාස්ත්‍රාලය | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | වෛද්‍යවරයා |
මැතිවරණ
රමේෂ් පතිරණ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2010 මහ මැතිවරණයේදීය.
2020 අගෝස්තු 5 වන දින පැවති 2020 මහ මැතිවරණයේදී ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප 205,814 ලබා ගත්තේය.