සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් (1955 ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු, හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි.

සුසිල් ප්‍රේමජයන්ත්

  • මුල් පිටුව
  • සුසිල් ප්‍රේමජයන්ත්

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් (1955 ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු, හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි.

ගරු
සුසිල් ප්‍රේමජයන්ත්
சுசில் பிரேமஜயந்த
Susil Premajayantha
සභානායක
තනතුර දරමින්
27 ජූලි 2022 – 24 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
අනුප්‍රාප්තිකයාබිමල් රත්නායක
අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාරමේෂ් පතිරණ
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාබන්දුල ගුණවර්ධන
තනතුර දරමින්
2000–2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාරිචඩ් පතිරණ
අනුප්‍රාප්තිකයාසරත් අමුණුගම
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 12 අප්‍රේල් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාචම්පික රණවක
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාමෛත්‍රීපාල සිරිසේන
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 28 ජනවාරි 2013
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාඅනුර ප්‍රියදර්ශන යාපා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
10 අප්‍රේල් 2004 – 23 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාකරු ජයසූරිය
අනුප්‍රාප්තිකයාජෝන් සෙනෙවිරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්
තනතුර දරමින්
20 ජනවාරි 2004 – 14 අගෝස්තු 2015
Leaderමෛත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
චන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාතනතුර නිර්මාණය කරන ලදී
අනුප්‍රාප්තිකයාවිශ්වා වර්ණපාල
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
19 දෙසැම්බර් 2001 – 24 සැප්තැම්බර් 2024
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
18 ඔක්තෝබර් 2000 – 10 ඔක්තෝබර් 2001
පුද්ගලික තොරතුරු
උපත10 ජනවාරි 1955 (1955-01-10) (වයස 71)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2018 - වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2018ට පෙර)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - වර්තමානය)
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2004 - 2018)
පොදු ජන එක්සත් පෙරමුණ
(2004ට පෙර)
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥ

පටුන

මුල් අවදිය

සුසිල් මහතා සිය මූලික ඉගෙනීම් කටයුතු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හදාරණ ලදී. ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් 1982 දී නීතිවේදී උපාධියක් ලබා 1984 දී නීතිඥ බවට පත් විය. පසුව, 2004 දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.

දේශපාලන ජීවිතය

ප්‍රේමජයන්ත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1991 වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින්.1993 දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූණා වන අතර 1995 දී ඒ පළාතේ ප්‍රධාන අමාත්‍ය ලෙස තේරී පත් විය.

2000 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූණා සහ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් විය.2001 මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ පරාජය වුවද, ප්‍රේමජයන්ත් කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති මැතිවරණවලදී ඔහුගේ ආසනය දැරීය.

2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමත් සමඟ ප්‍රේමජයන්ත එහි මංගල ප්‍රධාන ලේකම්වරයා බවට පත් කරන ලදී.මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන විට ඔහුට විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුර ලබා දෙන ලදී.මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විට ඔහු නැවතත් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.මහා මැතිවරණයෙන් පසුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ලෙස ඔහු පත් වුණා. 2013 වසරේ කැබිනට් සංශෝධනයත් සමඟ ඔහු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා බවට පත් වුණා.

2015 අගෝස්තු 25 වින දින, මහ මැතිවරණයෙන් දින කිහිපයකට පසු ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.මැතිවරණයට දින කිහිපයකට පෙර ඔහු පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම තනතුරෙන් ඉවත් කරන ලදී. ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, ප්‍රේමජයන්ත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා බවට පත් වුණා. ඔහු 2022 මැයි 20 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සහ 2022 ජූලි 23 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ආශ්‍රිත

  • ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    දත්ත විශ්ලේෂණය

  • අප්‍රේල් 04, 2026

    රන්මසු උයන

  • මාර්තු 10, 2026

    අනගාරික ධර්මපාල

  • මාර්තු 31, 2026

    පිළිකා

  • මාර්තු 10, 2026

    එක්සත් ජනපදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට