
![]() |
| මෙම ලිපිය පහත දැක්වෙන මාතෘකාව පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
| වතිකානු පුරය |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
|
සුදතුම් පිය දොරගුලුවරණය හෙවත් පාප්වරණ කොන්ක්ලේව් සභාව යනු, පාප්වහන්සේ ලෙසින්ද හැඳින්වෙන රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ පත්කරගැනුමට කැඳවනුලබන කාදිනල් මණ්ඩලයෙහි රැස්වීමකි. පාප්වහන්සේ ශුද්ධවූ පේදුරුතුමාගේ අපෝස්තලික අනුප්‍රාප්තිකයා ලෙසින් හා කතෝලික සභාවෙහි ලෞකික නායකයා ලෙසින් කතෝලිකයෝ සලකති.
වසර දහස් ගණනක් පුරාවට පාප්තුමන් තෝරා පත්කර ගැනීමට කොන්ක්ලෙව් හෙවත් රහස් සකච්ජා කුටිය භාවිතා විය. කොන්ක්ලෙව් කුටිය හැඳින්වෙන්නේ යම් සංවිධානයකට නායකයකු තෝරා පත්කර ගැනීම සඳහා භාවිතා කරන ඉපැරණිතම ක්‍රමවේදය හැටියටය. කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය.කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය. අපෝස්තලික යුගයේ සිටම සෙසු රදගුරුවරුන්තෝරාගන්නා පරිද්දෙන්ම රෝමයේ රදගුරුතුමන් පදවියේ පූජ්‍ය පක්ෂයේ හා ගිහි ජනතාවගේ සම්මුතියකට අනුව තෝරා ගන්නා ලදී. වර්ෂ 1059දි පාප්තුමකු තෝරාපත්කර ගැනීම සඳහා සහභාගි විය යුතු ඡන්ද හිමියන් කව්රුන්ද යන්න නිශ්චිතව දක්වන ලදි. එහිදි කාදිනල්වරුන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමට අවස්තාව ලබා දෙන ලදි. කාලයෙන් කාලයට මෙම සම්ප්‍රදායන් නවීකරණයට ලක් විය. 1970 දී VI වැනි පාවුලු පාප්තුමා විසින් වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමට සීමා පනවන ලදි. වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදය ස්ථාපිත කරන ලද්දේ දෙවන ජුවාම් පාවුලු පාප්තුමා විසින් නිකුත් කරන ලද Universi Dominici gregis නම් අපෝස්තලික ව්‍යවස්ථාව මගිනි. දහසයවන බෙනඩික් පාප් තුමන් විසින් මෙම ක්‍රමවේදය දෙවරක් සංශෝදනය කරන ලදි. ඒ අනුව පාප් තුමකු වශයෙන් තෝරා පත්කර ගැනීම සඳහා යම් කාදිනල් තුමකු තුනෙන් දෙකකට වැඩි බහුතර ජන්ද ප්‍රමාණයක් හිමිකරගත යුතු අතර එලෙස තේරී පත්වන කාදිනල්තුමා පාප් තුමකු ලෙස කටයුතු කිරීමට තම නිදහස් කැමැත්තෙන්ම ඉදිරිපත් වීමද අවශ්‍ය වේ.
අමතර අවධානයට
- Conclave capitulation
- Elective monarchy
- වතිකානු පුරය ආශ්රිත ලිපි සුචිය
- සුදතුම් පිය දොරගුලුවරණ ලැයිස්තුව
- Papal appointment
- Politics of Vatican City
- Religious democracy
- සුදතුම් පිය දොරගුලුවරණය
- ශුද්ධාසනය
- සුදතුම් පිය දොරගුලුවරණ ලැයිස්තු