සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කොරියානු අධිරාජ්‍යයේ සුන්මියොං අධිරාජිනිය (1872 නොවැම්බර් 20 – 1907 ජූලි 20) යනු ජොසොන් රාජවංශයේ සහ කොරියාවේ අවසන් අධිරාජයා වූ යුංහුයි අධිරාජයාගේ භාර්යාවයි. 187

සුන්මියොං අධිරාජිනිය

විකිපීඩියා වෙතින්
සුන්මියොං අධිරාජිනිය
කොරියාවේ වල්ලභ අධිරාජිනිය
රාජ්‍ය සමය1897 1904
පූර්වප්‍රාප්තිකයාමියොංසොං අධිරාජිනිය
උපත1872 නොවැම්බර් 20
මරණය1904 නොවැම්බර් 5
භූමදානයයුර්යුං
වල්ලභයාකොරියාවේ සුන්ජොං
පියා민태호

කොරියානු අධිරාජ්‍යයේ සුන්මියොං අධිරාජිනිය (1872 නොවැම්බර් 20 1907 ජූලි 20) යනු ජොසොන් රාජවංශයේ සහ කොරියාවේ අවසන් අධිරාජයා වූ යුංහුයි අධිරාජයාගේ භාර්යාවයි. 1872දී ඇය උපත ලැබුවා ය. 1882දී ඇය සුන්ජොං සමග විවාහ වූ අතර 1907 ජූලි 20 දින ඇය මියගියා ය. ඇය 1895 සිය නැන්දණියගේ ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකාරියක වූවා ය. ඇය මියොංසොං අධිරාජිනියව ආරක්ෂා කරගැනීමට ඇගේ ඉදිරියෙන් සිටගත්තා ය. මෙය ඇගේ අඩු වයසින් සිදුවූ මරණයට හේතු වන්නට ඇත. ඉන් අනතුරුව ඇය තදබල ලෙස විෂාදයෙන් පීඩා විඳ තිබේ. මරණින් පසු මැය අධිරාජිනිය පදවියට ඔසවා ඇත. ඇය සිය සැමියාගේ සිංහාසනාරූඪයට පෙර මියයාම එයට හේතුවයි. ඇගේ දේහය භූමදානය කළ ස්ථානයේ ඇගේ සැමියා සහ ඔහුගේ දෙවන බිරිඳ වූ සුන්ජොං අධිරාජිනියගේ දේහයන් ද භූමදානය කොට ඇත.

ඉහළට