සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

උදයගිරි (ඔඩියා: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි. මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ

උදයගිරි, ඔඩිෂා

විකිපීඩියා වෙතින්
උදයගිරි
මහා ස්තූපය
උදයගිරි, ඔඩිෂා is located in ඉන්දියාව
උදයගිරි, ඔඩිෂා
ඉන්දියාව තුල පිහිටීම
උදයගිරි, ඔඩිෂා is located in ඔඩිෂා
උදයගිරි, ඔඩිෂා
උදයගිරි, ඔඩිෂා (ඔඩිෂා)
මූලික තොරතුරු
පිහිටීමඉන්දියාව
භූගෝලීය ඛණ්ඩාංක20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E / 20.6416; 86.2692
අනුබැඳියාවබුද්ධාගම
ජනපදයඔඩිෂා
තත්ත්වයසංරක්ෂිත

උදයගිරි (ඔඩියා: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි. මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ යාබදව පිහිටි ලලිත්ගිරි හා රත්නගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "රත්නගිරි-උදයගිරි-ලලිත්ගිරි" "වජ්‍රමය ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි. මුලින් විශ්වාස කෙරුණේ මේ සියල්ල පුරාතන මූලාශ්‍රයන් හි එන පුෂ්පගිරි විහාරයම බවයි. නමුත් වර්තමානයෙහි ඒවා වෙනමම ස්ථාන ලෙස සැළකේ. මෙම ස්ථානයෙන් හමුවන අභිලේඛනමය සාධක අනුව, උදයගිරියෙහි අතීත නාමය වන්නේ "මාධවපුර මහාවිහාරය" යන්නයි. මෙම බෞද්ධ විහාර සංකීර්ණය ක්‍රි.ව. 7වන සහ 12වන සියවස් අතර කාලයේ සක්‍රීයව පැවති බව පෙනේ.

ග්‍රන්ථාවලිය

ඉහළට