මොහොමඩ් රිස්වි සාලි (ඉංග්‍රීසි: Rizvie Salih), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ගරු රිස්වි සාලි | |
|---|---|
| Rizvie Salih | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| කථානායකවරයා | අශෝක රන්වල ජගත් වික්‍රමරත්න |
| පූර්වප්‍රාප්තිකයා | අජිත් රාජපක්ෂ |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 73,018 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වෛද්‍යවරයෙකි |
පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය
රිස්වි සාලි වෘත්තීය වශයෙන් වෛද්‍යවරයෙකු වන අතර ඔහු පාකිස්තානයේ මුල්තාන්හි Nishtar Medical College වෙතින් MBBS උපාධිය 1986 දී ලබාගත්තේය.
පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) ඩිප්ලෝමාවක් හදාරන ලදී.
ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර වසර 38 කට අධික කාලයක් වෛද්‍ය වෘත්තියෙහි නිරත වී තිබේ.
ඔහු රජයේ රෝහල් කිහිපයක සේවය කර ඇති අතර පසුව සාමාන්‍ය වෛද්‍ය සේවාවන් සිදුකරමින් පෞද්ගලික වෛද්‍ය වෘත්තියට යොමු විය.
දේශපාලන ජීවිතය
රිස්වි සාලි ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. එම මැතිවරණයේදී ඔහු මනාප ඡන්ද 73,018ක් ලබාගත්තේය.
2024 නොවැම්බර් 21 දින පැවති 10 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදී ඔහු ඒකමතිකව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් විය.
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 73,018 | තේරීපත් විය | ||