සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මෙම ලංකාවතාර සූත්‍රය ( සංස්කෘත: लंकावतारसूत्र ) යනු මහායාන බෞද්ධ සූත්‍රයකි . මෙම සූත්‍රයේ මූලික වශයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ සහ මහාමති නම් මහා බෝධිසත්වයකු අතර

ලංකාවතාර සූත්‍රය

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය පුස්තකාලය තුළ ඇති ලංකාවතාර සූත්‍රයෙහි පිටපතක්

මෙම ලංකාවතාර සූත්‍රය ( සංස්කෘත: लंकावतारसूत्र ) යනු මහායාන බෞද්ධ සූත්‍රයකි . මෙම සූත්‍රයේ මූලික වශයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ සහ මහාමති නම් මහා බෝධිසත්වයකු අතර සිදුවන් සාකච්ඡාවක් විස්තර කෙරේ. මෙම සූත්‍රය දේශනා කරනු ලබන්නේ රාවණ රජුගේ රාජධානිය වන ලංකාපුරයේ දීය.

චීන, ටිබෙට් හා ජපන් බුදු දහමේ දියුණුව සඳහා ලංකාවතාර සූත්‍රය කැපී පෙනුණි. එය විශේෂයෙන් චෙන් බුද්ධාගමේ සහ ජපන් සෙන් බුදු දහම තුළ වැදගත් සූත්‍රයකි.

සූත්‍ර ධර්මය

ලංකාවතාර සූත්‍රය යෝගාචාර සහ බුද්ධ ස්වභාවය පිළිබඳ සංකල්ප හා මූලධර්ම උකහා ගනී. ලංකාවතාර සූත්‍රයෙන් නිකුත් කරන වැදගත්ම මූලධර්මය නම් විඥානයෙහි ප්‍රමුඛතාවය සහ එකම යථාර්ථය ලෙස විඥානය ඉගැන්වීම පරම සත්‍ය ලෙස දක්වා තිබිමයි. ලෝකයේ සියලු වස්තූන් සහ අත්දැකීම්වල නම් සහ ස්වරූපයන් මනසෙහි ප්‍රකාශනයන් බව සූත්‍රයේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරයි:

මාගේ ඉගැන්වීම පදනම් වී ඇත්තේ වාස්තවික ලෝකය දර්ශනයක් මෙන් මනසෙහි ප්‍රකාශනයක් බව පිළිගැනීම මත ය;එය මෝහය, ආශාව, ක්‍රියාව සහ හේතුව නැවැත්වීම උගන්වයි; එය තුන් ලෝකය වෙනස් කොට සැලකීමෙන් ඇතිවන දුක් වේදනා නැවැත්වීම පිළිබඳව උගන්වයි.


ආශ්‍රයන්

  1. Youru Wang, Linguistic Strategies in Daoist Zhuangzi and Chan Buddhism: The Other Way of Speaking. Routledge, 2003, page 58.
  2. Goddard, Dwight (1932). A Buddhist Bible (Lankavatara sutra, chapter II), 1st edition
ඉහළට