සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහාස්ථාමප්‍රාප්ත යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවේ බලමහිමය සංකේතවත් කෙරෙන බෝධිසත්ත්ව මහාසත්ත්වවරයෙකි. බොහෝ අවස්ථාවන්හි, විශේෂයෙන්ම සුඛාවතී බුදු දහමේ දී මෙම බෝධිසත්ත

මහාස්ථාමප්‍රාප්ත බෝධිසත්ව

විකිපීඩියා වෙතින්
මහාස්ථාමප්‍රාප්ත
Mahāsthāmaprāpta
චීන නාමය
සම්ප්‍රදායික චීන大勢至
සරලීකෘත චීන අක්ෂර大势至
වියට්නාම නාමය
වියට්නාම වර්ණමාලාවĐại Thế Chí Bồ tát
ජපන් නාමය
කන්ජි勢至

මහාස්ථාමප්‍රාප්ත යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවේ බලමහිමය සංකේතවත් කෙරෙන බෝධිසත්ත්ව මහාසත්ත්වවරයෙකි. බොහෝ අවස්ථාවන්හි, විශේෂයෙන්ම සුඛාවතී බුදු දහමේ දී මෙම බෝධිසත්ත්වයන් අවලෝකිතේශ්වර (ගුවාන්යින්) බෝසතුන් සමගින් අමිතාභය බුදුරාජාණන් වහන්සේගේ දෙපස අගසව් දෙනම සේ නිරූපණය කෙරේ. මෙම බෝසතුන්ගේ නාමයෙහි අර්ථය "මහා ශක්තියේ ආගමනය" යන්නයි.

මහාස්ථාමප්‍රාප්ත මහායාන බුද්ධාගමේ සදහන් වන "අෂ්ඨ මහා බෝධිසත්ත්වවරුන්"ගෙන් කෙනෙකි. එම සෙසු බෝධිසත්ව මහාසත්වවරුන්ගේ නාමයන් මෙසේය,

  1. මංජුශ්‍රී
  2. අවලෝකිතේශ්වර
  3. සමන්තභද්‍ර
  4. ආකාශගර්භ,
  5. ක්ෂිතිගර්භ,
  6. මෛත්‍රීය
  7. සර්වනිවාරණ-විෂ්කම්භීන්
  8. මහාස්ථාමප්‍රාප්ත, යන 8 දෙනාය.

ග්‍රන්ථාවලිය

  • Getty, Alice (1914). The gods of northern Buddhism, their history, iconography, and progressive evolution through the northern Buddhist countries, Oxford: The Clarendon press, p.100.
ඉහළට