
| අවලෝකිතේශ්වර පරිවර්තන | |
|---|---|
| ඉංග්‍රීසි | අවලෝකනය කරන අධිපති (ලෝකාධිපති) |
| සංස්කෘත | अवलोकितेश्वर |
| ඛෙමර් | លោកេស្វរៈ (ලෝකේස්වරක්) |
| සිංහල | අවලෝකිතේශ්වර |
| ටිබෙට් | [སྤྱན་རས་གཟིགས་ වයිලී: spyan ras gzigs THL: Chenrézik] Error: {{Lang}}: text has italic markup (help) |
| බුදු දහම ශබ්ද මාලාව | |
අවලෝකිතේශ්වර යනු සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව මූර්තිමත් කෙරෙන ශ්‍රේෂ්ඨතම පරමබෝධිසත්ත්වයන් ය. මෙම බෝධිසත්ත්වයන් විවිධ අයුරින් නිරූපණය සහ විස්තර කෙරෙන අතර, ඇතැම් සංස්කෘතීන්වල මෙම බෝධිසත්ත්වයාණන් වහන්සේ කාන්තාවක හෝ පුරුෂයකු ස්වරූපයෙන් ද වන්දනාවට ලක්වේ.චීන බුද්ධාගම තුළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් තරමක් වෙනස් කාන්තා ස්වරූපයකින් යුතුව ගුවාන්යින් බෝධිසත්ත්වවරිය ලෙස වන්දනාමාන කෙරේ. කාම්බෝජය තුළ මෙම බෝසතුන් ලෝකේස්වරක් ලෙසත්, ජපානය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.
නිරුක්තිය
අවලෝකිතේශ්වර යන්න "පහළ" යන අරුතැති අව නම් ක්‍රියා උපසර්ගය, "නිරීක්ෂණය, ආවේදනය, දැකීම" අරුතැති ලෝක් යන ක්‍රියා පදයෙහි අතීත කෘදන්තය වන ලෝකිත සහ "අධිපති", "පාලක" යන අරුතැති ඊශ්වර යන ප්‍රත්‍යයන් තුන එක්වී සෑදුණකි. සන්ධි වීමේ දී, අ+ඊශ්වර යන්න ඒශ්වර ලෙස යෙදේ. සංයුක්තය ලෙස සැලකූ විට මෙම වදනෙහි අරුත "(ලෝකය දෙස) අවලෝකනය කරන අධිපතියා" යන්නයි. නාමයෙහි ලෝක ("ලෝකය") යන්න අන්තර්ගත නොවූවත්, එම අරුත හැඟවේ. මෙය කාම්බෝජ ස්වරූපය වන ලෝකේස්වරක් යන්න තුළ දැකගත හැක.
මේවාත් බලන්න
- ගුවාන්යින්
- ඊශ්වර
- ශුද්ධ භූමි බුදු දහම
- විෂ්ණු
- පෝතලහි අවලෝකිතේශ්වරගේ සම්භවය සංරක්ෂණය කළ පිටපත 2007-02-24 at the Wayback Machine
- අවලෝකිතේශ්වර නාමය විස්තර කිරීමක් සංරක්ෂණය කළ පිටපත 2010-01-05 at the Wayback Machine
- මන්ත්‍ර අවලෝකිතේශ්වර
- අවලෝකිතේශ්වර සදහා Brittanica.com ඇති විස්තර
- බෝධිසත්ත්වවරු
- බෝධිසත්ත්වවරු
- බෞද්ධ තන්ත්ර
- යිදම්වරු
- බෞද්ධ දෙවිවරු
