මෙම ලිපිය හෝ ලිපි කොටස මාල දිවයිනෙහි බුද්ධාගම සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |

මාලදිවයිනට බුද්ධාගම පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ සමයෙහිදී වන අතර මාලදිවයින් ජනතාවගේ ප්රමුඛ ආගම ලෙසින් බුද්ධාගම ක්‍රි.ව. 12 වන සියවස වන තුරු පැවතිණි.
පුරාවිද්‍යාව

මාලදිවයිනේ මුල් සංස්කෘතීන්ගේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන් පිළිබඳ බටහිර ජාතීන්ගේ විමසිල්ල ඇරඹුනේ ලංකා සිවිල් සේවයෙහි බ්‍රිතාන්‍ය කොමසාරිස්වරයෙකු වූ එච්. සී. බී. බෙල් මහතාණන්ගේ කර්තව්‍යයන් හා සමගිනි. නැව් බිඳීමක් නිසාවෙන් 1879දී දිවයිනට පැමිණි බෙල්, පුරාතන බෞද්ධ නෂ්ටාවශේෂ අධ්‍යයනය සඳහා කිහිප වතාවක් යළි පැමිණියේය. බොහෝ අතොළු වල දක්නට ලැබුණු හා මාලදිවයින් ජාතිකයන් විසින් හාවිත්ත හෝ උස්තුබු (මෙම නම් චෛත්‍යය හෝ ස්තූපය යන්නෙන් බිඳී ඇත) (මාලදිවියානු: ހަވިއްތަ) ලෙසින් හැඳින්වුනු පුරාතන ගොඩැලි ඔහුගේ අධ්‍යයනයට පාත්‍ර විය.
පුරාතන මාලදිවයින් වැසියන් අනුගමනය කළේ ථේරවාද බුද්ධාගම යැයි බෙල් පැවසුවද, දැනට මාලේ කෞතුගාරයෙහි තැන්පත් කොට ඇති බොහෝ පරිස්ථානීය බෞද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් දක්වා සිටින්නේ ඇත්ත වශයෙන්ම මහායාන සහ වජ්රයාන රූපවේදයන් වෙති.
ආශ්රිත
- HCP Bell, The Máldive Islands: An account of the Physical Features, History, Inhabitants, Productions and Trade. Colombo 1883
- Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. ISBN 84-7254-801-5
- Windows on Asia - Religion in Maldives 2007-07-03 at the Wayback Machine
- Conversion of the Maldives to Islam 2008-03-15 at the Wayback Machine
- දිවෙහි-භාෂා පෙළ ඇතුළත් ලිපි
- මාලදිවයිනෙහි ආගම
- රට අනුව බුද්ධාගම
- සිංහල ජනයා